රත්නම් කණ්ඩායමට සුපිරි ජයක්

483
Ratnam v Colpetty United

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධාන කරනු ලබන ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවලියේ දෙවන කාණ්ඩයේ තරගයක් අද (08) වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියේදී පැවත්විය. ඒ රත්නම් ක්‍රීඩා සමාජය සහ කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය අතරයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපුරුදු රිද්මය සොයා කාම්බෝජයට

අතීතයේ පෙරළිකාර කණ්ඩායමක් ලෙස නම් දරා සිටි රත්නම් ක්‍රීඩා සමාජය නැවතත් තම ගිලිහී ගිය අභිමානය සොයා මෙම තරගාවලියට එක් වී සිටියේ පළමු කාණ්ඩයට නැවතත් එක්වීමේ අරමුණ ඇතිවයි.

කොල්ලුපිටිය පාපන්දු කණ්ඩායම මනා ආරම්භයක් තරගය සදහා ලබා දුන්නද රත්නම් ක්‍රීඩකයන් තම ගෝල දඩයම තරගයේ පළමු අර්ධයේ 39වන මිනිත්තුවේදී ආරම්භ කරනු ලැබීය. එම ගෝලය අංක 19 යටතේ ක්‍රීඩා කළ රත්නම් කණ්ඩායමේ එන්. ඇන්ජලෝ මැනුවල් විසින් වාර්තා කරන ලදී.

කොල්ලුපිටිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් රත්නම් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා රටාවත් සමඟ තරමක පසුගාමීත්වයක් පෙන්නුම් කරනු ලැබුවේ අදූරදර්ශී ක්‍රීඩා රටාවක නියැලෙමිනි.

ප්‍රථම අර්ධය – රත්නම් ක්‍රීඩා සමාජය 01 : 00 කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය

කෙසේ වෙතත් තරගාවලිය පුරාවට දක්නට ලැබුණේ කොල්ලුපිටිය ක්‍රීඩකයින් සැලසුමකින් තොරව තරග වැදීමේ රටාවකි. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් රත්නම් ක්‍රීඩකයින් තරගයේ 56වන මිනිත්තුවේදී තම දෙවන ගෝලයත් වාර්තා කිරීමට සමත්විය.

ඒ එම කණ්ඩායමේ ක්‍රීඩක සතිස් කුමා විසිනි. ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සතිස් කුමා විසින් එම ගෝලය වාර්තා කරනු ලැබූවේ කොල්ලුපිටිය ක්‍රීඩකයින් වෙත රත්නම් අභිමානය පැහදිලි කර දෙමිනි.

ආරක්ෂිතව පන්දුව ගෝලයක් ලබා ගැනීමේ අරමුණින් රත්නම් ගෝල රකින්නා සිටි ඉසව්වට කොල්ලුපිටිය ක්‍රීඩකයින් ගෙන ඒමට සමත් වූවත් ගෝලයක් ලබා ගැනීමේ අවස්ථාව කිහිප විටක් ඔවුන්ගෙන් ගිලිහී ගියේය. ඒ කිසිදු ඉලක්කයකින් තොරව ක්‍රීඩා කිරීම හේතුවෙනි.

ක්‍රම ක්‍රමයෙන් කොල්ලුපිටිය ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිදවැටෙද්දී එයින් වැඩි වාසී ලබා ගත් රත්නම් ක්‍රීඩකයින් තරගයේ 65වන මිනිත්තුවේදී තෙවන ගෝලයත් වාර්තා කිරීමට සමත්විය. රත්නම් කණ්ඩායමේ චෙයිනිදු ජෝන් එම ගෝලයට හිමිකම් කියන ලදි.

තරගය නිමාවන විට සිව්වන හා පස්වන ගෝලයන් රත්නම් ක්‍රීඩකයින් විසින් ලබා ගනු ලැබුවේ අතීත රත්නම් දක්ෂතා වර්තමාන ක්‍රීඩකයින්ද අනුගමනය කරන බවට පෙන්නුම් කරමිනි.

රත්නම් අභිමානය කොල්ලුපිටිය ක්‍රීඩකයන් හමුවේ පෙන්නුම් කරනු ලැබූ  කේ. ටී. තියාගූ සහ එස්. ඩී. ජයසේකර යන ක්‍රිඩයින් විසින් සිව්වන හා පස්වන ගෝල වාර්තා කිරීමට සමත් වූහ. ඒ තරගයේ 77වන හා 82වන මිනිත්තු වලදීයි.

තරගය අවසානයේ ලකුණු පුවරුව ගෝල 5-0ක් ලෙස සටහන් කරමින් රත්නම් කණ්ඩායම හමුවේ කොල්ලුපිටිය කණ්ඩායම පරාජට පත්විය.

අවසන් ලකුණු – රත්නම් ක්‍රීඩා සමාජය 05 : 00 කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය

අවුරුදු 55ක පමණ පැරණි ඉතිහාසයක් අපිට තියනවා. මේ පාර මෙම තරගාවලිය ජයගෙන ලබන වසරේදී පිලිමළුන් පිටු දැකීමේ තරගාවලියට A කාණ්ඩය යටතේ තරග කිරීම අපේ බලාපොරොත්තුව වෙනවා. සන්ශයින් කණ්ඩායම සමඟ මෙම තරගයට පෙර පැවති තරගය 2-1ක් ලෙස ජයගැනීමත් සමඟ අපිට පහසු වුණා ජයග්‍රාහී තරග මානසිකත්වයකින් යුතුව මේ තරගයට සහභාගි වෙන්න.” යැයි තරගාවලිය අවසානයේ රත්නම් කණ්ඩයමේ පුහුණුකරු වන එම්. රිශාඩ් මහතා ThePapare.com වෙත ප්‍රකාශ කළේය.

රත්නම් කණ්ඩායම සහභාගී වන “බී” කාණ්ඩයේ තෙවන තරගය මාලිගාවත්ත ක්‍රීඩා සමාජය සමග එළැඹෙන සතියේදී පැවැත්විමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට