ගෙවුනු දවස: නොවැම්බර් 14 – ශ්‍රී ලංකාව පෙරමුණ ගනී

387

Sri Lanka CricketVolleyball womenVolleyball menVolleyball Semis

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් – 

ජයග්‍රහණයේ නියමුවා ධනංජය සිල්වා

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ආරම්භක දිනය වූයේ ඊයෙයි (14). එහිදී සත්කාරකයින් සමඟ තරග වැදුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එතරම් අපහසුවකින් තොරව තම ප්‍රථම අභියෝගය නිමා කිරීමට සමත් විය. මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශ්වාසනීය පිතිකරුවාගේ භූමිකාව මැනවින් නිරූපණය කරන ධනංජය සිල්වා එම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 41.3): පීටර් මුවර් 47, ග්‍රැහැම් ක්‍රීමර් 31* ඩොනල්ඩ් තිරිපානෝ 19, අසේල ගුණරත්න 3/21, සුරංග ලක්මාල් 2/19, නුවන් ප්‍රදීප් 2/21, නුවන් කුලසේකර 2/23.

ශ්‍රී ලංකා – කඩුලු 2ක් දැවී ලකුණු 155 (පන්දුවාර 24.3): ධනංජය සිල්වා 78*, නිරෝෂන් දික්වැල්ල 41, කුසල් ජනිත් පෙරේරා 21, කුසල් මෙන්ඩිස් 12*, ටිනාශි පන්‍යන්ගාරා 1/37, චමුනෝර්වා චිබාබා 1/18.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලිය ආරම්භ කරයි

වොලිබෝල්  –

විදුලි බලයේ අලසකම

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනයත්, සිලෝන් බිස්කට් ආයතනයත් එක්ව සංවිධානය කරනු ලබන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් අංශය තෙවන දිනටත් ඊයේ (14) මහරගම තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

අර්ධ අවසන් පූර්ව තරඟ ඊයේ පැවති අතර එහිදී උණුසුම් පිරිමි අංශයේ තරඟ දෙකකුත්, උණුසුම් කාන්තා තරඟයකුත්, මතභේදයට තුඩු දෙන එක් තරඟයකුත් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවිය.

මේ දක්වා පැවති තරඟ වලදී පිරිමි අංශය වෙනුවෙන් ඉදිරියෙන් පසුවූයේ යුධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා සහ  විදුලි බල මණ්ඩල යන කණ්ඩායම් වන අතර කාන්තා අංශයෙන් යුධ හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් ඉදිරියෙන් පසුවිය.

සම්පූර්ණ ලිපිය: ප්‍රබල වොලිබෝල් ක්‍රීඩකයෝ බිය වූවාත්ද?


නිව්ස්ටාර් සහ මන්ත්‍රී මල්ලිලා අවසන් වටයට

පුරා දින 3ක් මහරගම ජාතික තරුණ සේවා සභා එලිමහන් ක්‍රීඩා පිටියේදී පැවති “මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ ”ආධුනක අංශයේ ජාතික තරග අතුරින් සරත් මැණික් සහ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජ පිරිමි අංශයේ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනිද්දී ගුවන් හමුදා සහ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් සපුරා ගන්නට සමත් විය.

පිරිමි අර්ධ අවසන් පූර්ව තරග-

  • රත්නපුර සරත් James ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා විජයබාහු ක්‍රීඩා සමාජය (3:1 සරත්)
  • මාදම්පේ නිව් සික්ස් ක්‍රීඩා සමාජය සහ වාසනා බේකර් ක්‍රීඩා සමාජය (3:2 ජය වාසනා)
  • නිව්ස්ටාර් A ගල්ගමුව, බෝයගනේ සහ ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව (3:2 – නිව්ස්ටාර්)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ වේවැස්ස විවේකානන්ද ක්‍රීඩා සමාජය (නිරතගයෙන් – වේවැස්ස)

අවසන් පූර්ව තරග –

  • වාසනා බේකර්ස් ක්‍රීඩා සමාජය සහ සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය
    25/15, 25/20, 23/25, 26/28, 13/15 (3:2 සරත්)
  • විවේකානන්ද ක්‍රීඩා සමාජය සහ නිව්ස්ටාර් ගල්ගමුව ක්‍රීඩා සමාජය
    25/24, 21/25, 17/25, 18/25 (3:1 නිව්ස්ටාර්)

කාන්තා අර්ධ අවසන් පූර්ව තරග-

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ MAS Linia ක්‍රීඩා සමාජය (3:2 – ගුවන්)
  • බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම (3:1 – සිරිපැරකුම්)
  • ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ Casual line ක්‍රීඩා සමාජය ක්‍රීඩා සමාජය (3:2 – Casual line)

කාන්තා අවසන් පූර්ව තරග-

  • ගුවන් හමුදා කණ්ඩායම  සහ කැෂුවලයින් ක්‍රීඩා සමාජය
    25/22, 25/11, 13/25, 25/19 (3:1 ගුවන්)
  • බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය
    20/25, 25/17, 25/13, 25/13 (3:1 සිරිපැරකුම්)

සම්පූර්ණ ලිපිය: සරත් ජෙම්ස් සහ නිව්ස්ටාර් සමාජ අවසන් පූර්ව වටයට

දිනයක නිමාව