Home Sinhala ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් අසරණ කරයි!

ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් අසරණ කරයි!

267

2019 ලෝක කුසලාන ක්‍රිකට් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය අද (29) ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර ඉන් ලකුණු 86ක ජයක් හිමි කර ගත් ඕස්ට්‍රේලියානුවෝ ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වූහ.

පාකිස්තානය අමාරුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙඩින්ග්ලි ලීඩ්ස් හිදි අද (29) නිමා වූ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන්….

කාසියේ වාසිය හිමි කර ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 243ක් වාර්තා කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවන් හට පන්දුවාර 43යි පන්දු 4ක දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණි.

විටෙක ලකුණු 92කට කඩුලු 5ක් දැවී අසීරු අඩියක සිටි ඕස්ට්‍රේලියානුවන් මෙම තණතීරුවේ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීමට, උස්මාන් කවාජා හා ඇලෙක්ස් කේරි විසින් ගොඩ නගන ලද ලකුණු 107ක සබඳතාවය බෙහෙවින් ඉවහල් වූ අතර ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ට්‍රෙන්ට් බෝල්ට් විසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම අද දිනයේ කැපී පෙනෙන සිදු වීමක් විය.

නවසීලන්ත පන්දු යවන්නන් ආරම්භයේ සිටම ඉතා හොඳින් පන්දු යැවූ අතර ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ම නායක ඒරන් ෆින්ච් ලකුණු 4කට දැවී ගියේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි.

ඉන්පසු ක්‍රියාත්මක වූ ලොකී ෆර්ගියුසන්, ඩේවිඩ් වෝනර් ලකුණු 16කට හා ස්ටීවන් ස්මිත් ලකුණු 5කට දවා ගැනීමට සමත් වූ අතර මාකස් ස්ටොයිනිස් හා ග්ලේන් මැක්ස්වෙල්, ජේම්ස් නීෂාම්ගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 92ක් වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පස්දෙනෙක්ම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරමිනි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකාවෙන් පළිය ගනියි!

ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැබූ දරුණු පරාජය හමුවේ දැඩි කලකිරීමකට පත්ව සිටින ප්‍රේක්ෂකයින්ට….

නමුත් එක් අන්තයක හුදකලා වී සිටි උස්මාන් කවාජා හා එක් වූ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි බිඳ වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩ ගැනීමට සමත් වූ අතර එහි දී කවාජා සෙමින් හා සුපරීක්ෂාකාරී ලෙස පිතිකරණයේ යෙදෙන අතරතුර ඇලෙක්ස් කේරි වේගවත්ව ලකුණු ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේය.

පන්දු 72ක් තුළ ලකුණු 71 වාර්තා කළ කේරි, විලියම්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉන්පසු පැට් කමින්ස් පන්දු 19ක දී ලකුණු 23ක් ලබා ගනිමින් පිත්තෙන් දායකත්වය ලබා දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 250 සීමාව පසු කිරීමේ බලාපොරොත්තු සපයමිනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

නමුත් අවසාන පන්දුවාරය ක්‍රියාත්මක කළ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 243කට සීමා කිරීමට සමත් වූ අතර ඔහුට ගොදුරු වූ ක්‍රීඩකයින් වූයේ ලකුණු 88ක් ලබා සිටි උස්මාන් කවාජා, මිචෙල් ස්ටාක් හා ජේසන් බෙහ්රෙන්ඩෝෆ් ය.

මෙය ට්‍රෙන්ට් බෝල්ට්ගේ දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර 2019 ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා වාර්තා වූ දෙවන කඩුලු ත්‍රිත්වය ද විය.

බෝල්ට් කඩුලු 4ක් ලබා ගත් අතර ලොකී ෆර්ගියුසන් හා ජේම්ස් නීෂාම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගය පුරා නවසීලන්ත ක්‍රීඩකයින් දක්ෂ පන්දු රැකීමක නිරත වූ නමුත් ලබා ගත හැකිව තිබූ උඩ පන්දු කිහිපයක් ම ඔවුන් වෙතින් ගිලිහී යාම ඕස්ට්‍රේලියානුවන් තවත් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම කෙරෙහි අවාසිදායක ලෙස බලපෑ අතර එහි දී කවාජා ලකුණු ලබා ගැනීමට පෙර ලබා දුන් උඩ පන්දුවක් ගප්ටිල්ට රැක ගැනීමට නොහැකි වීම විශේෂයෙන් කැපී පෙනෙනි.

සනත්ගෙන් අගනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව කියන්නේ සනත් ජයසූරියගේ රටය. පිටරටවල ඇත්තෝ ඒ දවස්වල අපේ රට ගැන කතා කළේ එහෙමය. අපේ පරම්පරාවේ….

ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් හට සාර්ථක වීමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 42ක් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජේසන් බෙහ්රෙන්ඩෝෆ් සමත් වූ අතර ඉන්පසු නායක කේන් විලියම්සන් හා රොස් ටේලර් අතර ලකුණු 55ක සබඳතාවයක් ගොඩ නැගුණේ නවසීලන්තයට ජයග්‍රහණයේ යම් බලාපොරොත්තුවක් ජනිත කරමිනි.

නමුත් විලියම්සන් ලකුණු 40කට හා රොස් ටේලර් ලකුණු 30කට දවා ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානුවන් තරගයේ පාලනය මුළුමනින්ම ඔවුන් වෙත නතුකර ගත්තේ සෙසු නවසීලන්ත පිතිකරුවන් හට ලකුණු අතරට පිවිසීමට ඉඩක් නොතබමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කඩුලු 5ක් දවා ගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුනු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර ඊට අමතරව බෙහ්රෙන්ඩෝෆ් කඩුලු 2ක් ලබා ගනිමින් පන්දුවෙන් සිය දායකත්වය ලබා දුන්නේ ය.

අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් පිත්තෙන් ලකුණු 72ක් හා උඩ පන්දු 3ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් සැපයූ ඇලෙක්ස් කේරි තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ පසුවන අතර දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථාන පිළිවෙළින් ඉන්දියාව, නවසීලන්තය හා පාකිස්තානය හිමි කරගෙන සිටියි.

මෙම තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගය අද (30) බර්මිංග්හැම් හිදී පැවැත්වෙන අතර එහි තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වීම කෙරෙහි ද බලපානු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


New Zealand
157/10 (43.4)

Australia
243/9 (50)

Batsmen R B 4s 6s SR
David Warner c & b 16 23 3 0 69.57
Aaron Finch lbw b 8 15 1 0 53.33
Usman Khawaja b 88 129 5 0 68.22
Steve Smith c & b 5 8 0 0 62.50
Marcus Stoinis c & b 21 26 3 0 80.77
Glenn Maxwell c & b 1 5 0 0 20.00
 Alex Carey c & b 71 72 11 0 98.61
Pat Cummins not out 23 19 1 0 121.05
Mitchell Starc b 0 1 0 0 0.00
Jason Behrendorff lbw b 0 1 0 0 0.00
Nathan Lyon not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0)
Total 243/9 (50 Overs, RR: 4.86)
Bowling O M R W Econ
Trent Boult 10 1 51 4 5.10
Colin de Grandhomme 8 1 29 0 3.62
Lockie Ferguson 10 0 49 2 4.90
Ish Sodhi 6 0 35 0 5.83
Jimmy Neesham 6 0 28 2 4.67
Mitchell Santner 3 0 23 0 7.67
Kane Williamson 7 0 25 1 3.57


Batsmen R B 4s 6s SR
Martin Guptill lbw b 20 43 2 0 46.51
Henry Nicholls c & b 8 20 2 0 40.00
Kane Williamson c & b 40 51 2 1 78.43
Ross Taylor c & b 30 54 2 0 55.56
Tom Latham c & b 14 28 0 0 50.00
Colin de Grandhomme c & b 0 1 0 0 0.00
Jimmy Neesham c & b 9 22 0 0 40.91
Mitchell Santner c & b 12 29 0 1 41.38
Ish Sodhi lbw b 5 4 1 0 125.00
Lockie Ferguson b 0 3 0 0 0.00
Trent Boult not out 2 7 0 0 28.57


Extras 17 (b 4 , lb 3 , nb 0, w 10, pen 0)
Total 157/10 (43.4 Overs, RR: 3.6)
Bowling O M R W Econ
Jason Behrendorff 9 0 31 2 3.44
Mitchell Starc 9.4 1 26 5 2.77
Pat Cummins 6 1 14 1 2.33
Nathan Lyon 10 0 36 0 3.60
Steve Smith 2 0 6 1 3.00
Aaron Finch 1 0 7 0 7.00
Marcus Stoinis 2 0 12 0 6.00
Glenn Maxwell 4 0 18 0 4.50