ගෙවුනු දවස: දෙසැම්බර් 11 – තරග රැසක් සාර්ථකව නිමාවට

414
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

කනිෂ්ඨ ක්‍රීඩකයෝ වැඩ පෙන්වයි

ඊයේ පැවති ආසියා කනිෂ්ඨ රග්බි තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩකයින් මැලේසියාව හමුවේ ජයග්‍රහණය ලබන්නට සමත් විය. ඒ ලකුණු 21-27ක් ලෙසයි.

ලකුණු සටහන: මැලේසියානු පිල 21-27 ශ්‍රී ලංකා පිල

තරගයේ වීරයා: මැලේසියානු කණ්ඩායමේ අකීල් සකාරියා

ලකුණු ලබා ගැනීම – මැලේසියාව 21(14)

  • උත්සාහක දිනුම් – අකීල සකාරියා, නොම්මර 05 හා 08.
  • ප්‍රවර්තන – සුල්ෆිකර් රාසාලි (02) ,එම්. නසීර් (01)

ලකුණු ලබා ගැනීම ශ්‍රී ලංකාව – 27(08)

  • උත්සාහක දිනුම්: ගයාන් වික්‍රමරත්න, නිඛිල් ගුණධීර, අදීශ වීරතුන්ග, තනුජ මදුරංග
  • ප්‍රවර්තන: ගයාන් වික්‍රමරත්න (2) සන්දේශ් ජයවික්‍රම (1)
  • දඬුවම් පහර: ගයාන් වික්‍රමරත්න

අවසන් සතියේ ජය මහනුවරට සහ හැව්ලොක්ට

ඊයේ නිමාවට පත් වූ ඩයලොග් රග්බි තරගාවලියේ සය වැනි සතියේ අවසන් තරග දෙකෙන් CR&FC කණ්ඩායම පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජයත්, නාවික හමුදාව පරාජය කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

  • පළමු අර්ධය: CR&FC 22 : 22 මහනුවර
  • අවසන් ලකුණු තත්වය: CR&FC 29 : 53 මහනුවර
  • ThePapare තරගයේ වීරයා: ගයාන් වීරරත්න (මහනුවර)
  • පළමු අර්ධය: නාවික හමුදාව 13 : 03 හැව්ලොක්
  • අවසන් ලකුණු තත්වය: නාවික හමුදාව 19 : 26 හැව්ලොක්
  • ThePapare තරගයේ වීරයා: ශාරෝ ප්‍රනාන්දු

 වොලිබෝල් 

තරුණසේවා රූපවාහිනි කිරුල කාටහද?

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 30 වැනි වතාවටත් සංවිධානය කරන ලද “තරුණසේවා රූපවාහිනී වොලිබෝල් තරඟාවලියේ” සුපර් ලීග් අංශයේ පිරිමි සහ කාන්තා අවසන් තරඟ වල ශූරතාවන් ලබා ගන්නට යුධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් විය. ඒ පිලිවෙලින් ජාතික විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි.

  • අවසන් ලකුණු තත්වය: 20/25, 25/19, 25/21, 25/20 (3:1) යුධ හමුදා කාන්තා
  • අවසන් ලකුණු තත්වය: 25-20, 25-17, 21-25, 25-27, 15-10 (3:2) යුධ හමුදා පිරිමි

සම්පූර්ණ වාර්තාව: තරුණසේවා රූපවාහිනි සුපර් ලීග් ශූරතාවන් යුධ හමුදාවට

තවද මෙම තරගාවලියේ “අභියෝග ශූරතා” අංශයේ පිරිමි අවසන් මහා ශූරතාවය දිනා ගන්නට මොරගල්ල යෞවන සමාජය සමත් වූ අතර කාන්තා ශූරතාවය දිනා ගන්නට සමත් වූයේ තොඩුවාව යෞවන සමාජයයි. ඒ පිලිවෙලින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් සහ හම්බන්තොට යෞවන සමාජ පරාජය කරමිනි.

අවසන් ලකුණු තත්වය: 24/26, 26/24, 25/23, 25/18 (3:1) පුත්තලම තොඩුවාව යෞවන සමාජය

අවසන් ලකුණු තත්වය: 25/23, 25/23, 33/31 (3:0) මොරගල්ල යෞවන සමාජය

සම්පූර්ණ වාර්තාව: අභියෝග ශූරතාවයන් මොරගල්ලට සහ පුත්තලමට


 ක්‍රිකට් 

රාගමට පූර්ණ ජයක්

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තවත් තරග රැසක් ඊයේ (11) නිමාවට පත්විය. ඒ අතුරින් රාගම ක්‍රිකට් සමාජය පූර්ණ තරග ජයක් හිමි කරගත් අතර බ්ලූම්ෆීල්ඩ්, සැරසන්ස්, CCC සහ NCC ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 55.2): ප්‍රිමෝශ් පෙරේරා 64, රුවිඳු ගුණසේකර 27, ශානුක දුලාජ් 36, අමිල අෆොන්සු 4/40, සහන් නානායක්කාර 3/52, ඉශාර  අමරසිංහ 2/39.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 361 (පන්දුවාර 86.2): උදාර ජයසුන්දර 112, රොෂේන් සිල්වා 79, ලහිරු මිලන්ත 63, සචිත්‍ර පෙරේරා 5/119.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 57.3): රුවිඳු ගුණසේකර 57, තරිඳු මෙන්ඩිස් 39, සහන් නානායක්කාර 6/55, අමිල අපොන්සු 3/44

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 40 (පන්දුවාර 5.5): ලහිරු මිලන්ත 31*.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.1): නිපුන් කරුණානායක 108, අදීශ නානායක්කාර 79, අසංක සිල්වා 4/50, දුවිඳු තිලකරත්න 3/39.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 337 (පන්දුවාර 71.5): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 71, සචින් හේවාවසම් 48, මලිත් මහේල 4/112, නිපුන් කරුණානායක 3/67.

බ්ලූම්ෆීල්ඩ් (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 248 (පන්දුවාර 67.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 88, අසංක සිල්වා 4/91.

සම්පූර්ණ වාර්තාව: උදාරගේ පිත්තත්, සහන්ගේ පන්දුවත් රාගමට ජය ගෙනෙයි


නාවික හමුදාවට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම පසුගිය දා (09) ආරම්භ විය. එම තරඟ වල තෙවන හා අවසන් දිනය ඊයේ (11) පැවැත්විණි. ඊයේ අවසන් වූ තරඟ වලින් ලංකන් ක්‍රිකට් සමාජය, කළුතර සංස්කෘතික කණ්ඩායම හා නාවික හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ඉණිම – 80/10 (32.5): හශාන් ජේම්ස් 27, නවින් කවිකාර 5/30, රජීව වීරසිංහ 3/14

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර  5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 315/10 (86.4): රජීව වීරසිංහ 77*, මදුරංග සොයිසා 68, ලාල් කුමාර 35, නිලන් ප්‍රියන්ත 4/64, ලහිරැ ශ්‍රී ලක්මාල් 2/40

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම (f/o)  – (24): 161/10 (43.1):  සමිත් දුශ්ශන්ත 37, සුවන්ජි මදනායක 34,  අශාන් රණසිංහ 3/34, ඉශාන් අබේසේකර 3/67

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 376/10 (117.2): කුසල් එදිරිසූරිය 145, බුද්ධික හසරංග 55, ඉශාන් අබේසේකර 46, සමීර සඳමාල් 32, සුවන්ජි මදනායක 5/108

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම – 96/10 (36.1): අසේල අලුත්ගේ 23, මහේෂ් ප්‍රියදර්ශන 22, අශාන් රණසිංහ 3/20

සම්පූර්ණ වාර්තාව: නවීන්ගේ කඩුලු 10 ඉණිමක ජයක් ලඟා කරයි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

 පසුගිය සතියෙන් 

නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු

මෙතෙක් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කල චරිත් සේනානායක මහතා වෙනුවට ශ්‍රී ලංකා පිළේ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කල රංජිත් ප්‍රනාන්දු මහතා මෙම ධූරය සඳහා නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (08)දැනුම් දුන්නේය.

2008 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අනුර තෙන්නකෝන්ගෙන් පසුව චරිත් සේනානායක මෙම ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඉන් අනතුරුව 2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඔහුව තනතුරෙන් ඉවත් කෙරුණු අතර මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී නැවතත් ඔහු කළමනාකාර ධූරයට පත්විය.

සම්පූර්ණ ලිපිය: චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු නව කළමනාකරු ලෙස පත් කෙරේ


කටාන එක්සත්, කොස්වාඩිය විජය, සීදූව දවිසමර සහ කැෂුවල් ලයින් ශූරතා දිනා ගනී

ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරඟාවලියේ පිරිමි සහ කාන්තා විවෘත අංශයේ අවසන් මහා තරඟ ඊයේ (7) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී විවෘත පිරිමි අංශයේ ශූරතාවය දිනාගත්තේ කටාන එක්සත් කණ්ඩායම විසින් වන අතර පිට පිටම හත්වන වතාවටත් කාන්තා ශූරියන් බවට පත්වන්නට කොස්වාඩිය විජය කණ්ඩායම සමත් විය.

එහිදී 22න් පහල පිරිමි ශූරතාවය සීදූව දවිසමර කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා ශූරතාවයට හිමිකම් කියූවේ මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමයි.

  • 25-19, 16-25, 25-22, 25-16 (කොස්වාඩිය විජය).
  • 25-10, 25-22, 25-18. (කටාන එක්සත්).
  • 25-14, 20-25, 25-12, 25-18 (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)
  • 25-23, 15-25, 12-25, 19-25 (දවිසමර ක්‍රීඩා සමාජය)

සවිස්තර තරග වාර්තාවන් සඳහා පිවිසෙන්න