ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි සතියේ තරග තවමත් ක්‍රියාත්මකයි.
එහි දී තෙවැනි දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වීමට නිපුන් කරුණානායක සහ මිනෝද් භානුක සමත් වූවා.
13 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament
o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව
o කාසියේ වාසිය – Colombo
තරගය තෙවැනි දිනයට නතර කරන විට කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් ලබා සිටි අතර ඔවුන් තම පළමු ඉනිම ලකුණු 210 දී නිමා කර ගන්නවා. එහි දී පෙර දින නොදැවී පිටියේ රැදී සිටි නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
ලකුණු 30ක් ද අතැතිව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා .
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු මිනෝද් භානුකයි. ඔහු පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් සහ නිසල තාරක කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (66.5) ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ශික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 4/77, ඉසිත විජේසුන්දර 3/44, දසුන් ශානක 2/35
Colombo – කඩුලු සියලුම දෙනා දැවී 210 (53.2) ක්‍රිශාන් සංජුල 49, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ 33, මොහොමඩ් ශිරාෂ් 3/65, නවීන් ප්‍රනාන්දු 2/38, මර්වින් අබිනාශ් 2/15
Dambulla – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 226 (67.0) මිනෝද් භානුක 83, සනෝජ් දර්ශික 21, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 28, නිසල තාරක 2/42, නුවනිඳු ප්‍රනාන්දු 3/38
මෙම තරගය හෙට (24) සිවු වැනි සහ අවසන දිනයට ක්‍රියාත්මකයි.
- ධර්මරාජය වසර 9කට පසුව ජය පැන් බොයි
- රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ආදරවන්තයන්ගේ කුසලානය රැක ගනී
- සාන්තුවරයන්ගේ සටන සාමකාමීව විසඳේ
- මනුජ විසින් සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට රැගෙන යයි
- 18 වැනි රන් මහා සටනට දින නියම වෙයි
14 වැනි තරගය, කොළඹ, මාර්තු 21–24, 2024, National Super League4 Day Tournament
o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ
o කාසියේ වාසිය – Jaffna
තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට පන්දුවට පහර දෙන මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 348ක් ලබා සිටියදීයි. ඔවුන් තම ඉනිම ලකුණු 369ක් දක්වා රැගෙන යනවා. පෙර දින නොදැවී ලකුණු 147ක් ලබා නොදැවී පිටියේ රැදී සිටි අහන් වික්‍රමසිංහගේ ඉනිම තවත් ලකුණු 2ක් පමණක් එකතු වෙද්දී නිමා වූ අතර කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක තම දක්ෂතා අතරට තවත් කඩුලු 2ක් එකතු කර ගන්නවා.
ලකුණු 108ක් පිටුපස තම දෙවැනි ඉනිම ආරම්භ කරන යාපනය ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් නිපුන් කරුණානායක පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තා. ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු දිනය අවසන් වන විට පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අශෙන් ඩැනියෙල කඩුලු 3ක් ද සහ වනුජ සහන් කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.0) සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සංතුශ් ගුණතිලක 29, නිම්සර අතරගල්ල 3/40, වනුජ සහන් 3/40
Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (88.4) කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ 149, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20, ලහිරු මධුශංක 4/61, රවිඳු ප්‍රනාන්දු 2/73
Jaffna – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 252 (88.0) හසිත බෝයගොඩ 26, නිපුන් කරුණානායක 94, ලහිරු මධුශංක 20, රවිඳු ප්‍රනාන්දු නොදැවී 42, අශේන් ඩැනියෙල් 3/44, වනුජ සහන් 2/52
මෙම තරගය (24) සිවු වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<