බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතයට අලුත් මුහුණු කිහිපයක්

11239

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයන් දෙක අද (9) නම් කර තිබෙන අතර එහි නායකත්වය චරිත් අසලංක වෙත ලබා දී තිබේ.

චන්දිමාල්, මැතිව්ස් ඇතුළු 15ක් පළමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ…

මේ මස 19 වැනිදා සිට සැප්තැම්බර් මස 6 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන මෙම තරග සංචාරය සඳහා නිල නොවන එක්දින ක්‍රිකට් තරග තුනක් හා නිල නොවන සිව්දින ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය.

වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩක අසලංක, පළමු පෙළ තරග 30කට සහභාගි වෙමින් ලකුණු 1212ක් රැස් කරගෙන තිබෙන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 26.34ක් ලෙස සටහන් වේ. දකුණතින් පිට දඟපන්දු යවන අසලංක කඩුලු 24ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.87ක් ලෙස රඳවා ගනිමිනි.

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ගේ සංචිත දෙක සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු හා අමිල අපොන්සු ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වය යටතේ පසුගිය දා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වූ අතර එහි දී දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාව දිනා ගන්නා ලදි. නමුත් තරග දෙකකින් යුත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !

මීට වසර 15 කට පමණ පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසුණු සුපිරි පිතිකරු…

එම තරගාවලියේ දී නැගී එන එක්දින කණ්ඩායම නියෝජනය කළ ලසිත් ඇඹුල්දෙනිය හා ඩිල්ශාන් මදුසංක යන ක්‍රීඩකයින් පිළිවෙළින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හා 19න් පහළ කණ්ඩායමේ වගකීම් ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින නිසා මෙවර නැගී සංචිතයේ දොරටු වැසී තිබේ. 

එසේම ශිරාන් ප්‍රනාන්දු, වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හා පා දඟපන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ යන ක්‍රීඩකයින් පළමු වතාවට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබීම සුවිශේෂී වේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ තරග කාලසටහන නිල වශයෙන් පළ කර තිබූ අතර ඔවුන්ට අනුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 16 වැනිදා බංග්ලාදේශය වෙත පැමිණීමට නියමිතව ඇත. මේ තරග සංචාරය ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් වන්නේ, 2019 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත නිසාවෙනි. 

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ පැවැත්වුණු නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට එකිනෙකා මුණගැසුණු අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අහිමි වූ රසල් ආනල්ඩ් නම් නායකයා

ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. විවිධ ගතිගුණ ඇති ක්‍රීඩකයින් රාශියක් එක ගොන්නකට ගෙන…

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් මහතා විසිනි. 

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, සචිඳු කොළඹගේ, ජෙහාන් ඩැනියල්, ශිරාන් ප්‍රනාන්දු, නුවන් තුෂාර, කලන පෙරේරා

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ලහිරු උදාර, සංගීත් කුරේ, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මදුවන්ත, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, නිශාන් පීරිස්,  චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, 

*සැ;යු; ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සංචිතයන් තවමත් නිල වශයෙන් මාධ්‍යට නිකුත් කර නොමැත.

තරග කාලසටහන 

  • අගෝස්තු 19 – පළමු නිල නොවන එක්දින තරගය – සාවා හිදී
  • අගෝස්තු 21 – දෙවන නිල නොවන එක්දින තරගය – කුල්නා හිදී
  • අගෝස්තු 24 – තෙවැනි නිල නොවන එක්දින තරගය – කුල්නා හිදී
  • අගෝස්තු 27 සිට 30 දක්වා – පළමු සිව්දින තරගය – කුල්නා හිදී
  • සැප්තැම්බර් 3 සිට 6 දක්වා – දෙවන සිව්දින තරගය – කොක්ස් බාසා හිදී

මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<