SLC Press con
SLC

මෙතෙක් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කල චරිත් සේනානායක මහතා වෙනුවට ශ්‍රී ලංකා පිළේ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව LMS තරඟාවලියේදී මුළු ලොවටම අභියෝග කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කල රංජිත් ප්‍රනාන්දු මහතා මෙම ධූරය සඳහා නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08) දැනුම් දුන්නේය.

2008 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අනුර තෙන්නකෝන්ගෙන් පසුව චරිත් සේනානායක මෙම ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඉන් අනතුරුව 2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඔහුව තනතුරෙන් ඉවත් කෙරුණු අතර මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී නැවතත් ඔහු කළමනාකාර ධූරයට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ඈෂ්ලි ද සිල්වා මෙම වෙනස්කම පිලිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ තනතුරු චක්‍රීකරණය කිරීමේ ප්‍රතිපත්තිය කණ්ඩායම් කළමනාකාරීත්වය මතද බලපෑම මත මෙය සිදුව ඇති බවයි.

රංජිත් ප්‍රනාන්දු ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අඛණ්ඩව වසර 12ක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය සඳහා වන විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදී.

මාධ්‍ය මගින් සේනානායක මහතාගේ ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් කාලය පිලිබඳ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ ඔහු ලබන වසරේ සැප්තැම්බර් මස වනතුරු ධූරයේ කටයුතු කිරීමට එකඟ වී ඇති බවයි. තවද වැඩිදුරටත් සාකච්ඡා කිරීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහු මීලඟට කටයුතු කරන තනතුර කුමක් වනු ඇත්දැයි ඔහු නොදන්නා බවයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට