ගෙවුනු දවස අගෝස්තු 27 – ඊයේ රග්බි තරගවලින් ජය ශ්‍රී ලංකාවට

204
Sri Lanka Sports news last day summary august 27

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  රග්බි  

පාසල් රග්බි පිටිය උණුසුම්

අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ A කාණ්ඩයේ මයිලෝ කුසලාන කණ්ඩායමකට ක්‍රීඩකයන් 12 දෙනෙකු බැගින් සහභාගී වන රග්බි තරගාවලියේ පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට කිංග්ස්වුඩ්, ශා.පීතර, ත්‍රිත්ව සහ ශා.අන්තෝනි යන පාසල් සමත් විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ තරගාවලිය අද (28) අවසන් වෙයි. ඊයේ දිනය තුළ කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්විණි.

සම්පූර්ණ ලිපිය: 16න් පහල රග්බි ක්‍රීඩකයෝ දස්කම් දක්වයි

තරග 3ම ජය ශ්‍රී ලංකාවට

තායිවානයේ දී  ආරම්භ වූ ආසියානු පාසල් 18න් පහළ රග්බි තරගාවලියේ පළමු වටයේ තරග 3ම ජයගන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් ඊයේ උදෑසන සත්කාරකයින් සහ පිලිපීන කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග තොරතුරු මෙසේයි

  • පළමු තරගය – ශ්‍රී ලංකාව 49 – 00 එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
  • දෙවන තරගය – ශ්‍රී ලංකාව  42 – 00 චීනය
  • 3වන තරගය – ශ්‍රී ලංකාව  38 –  05 සිංගප්පූරුව

සම්පූර්ණ ලිපිය: ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි


  ක්‍රිකට්  

15න් පහල ක්‍රිකට් පිටිය

අන්තර් පාසල් පළමු කාණ්ඩයේ වයස අවුරුදු 15න් පහල සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට මොරටුව වේල්ස් කුමර සහ ශාන්ත සෙබස්තියන් යන විද්‍යාල සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී, පිලිවෙලින් කොළඹ මහානාම සහ මරදාන ශාන්ත ජෝසප් විදුහල්වලට පළමු ඉනිමේ පරාජය අත්කර දෙමිනුයි.

ලකුණු පුවරුව

ශා. ජෝසප් පළමු ඉනිම – සියල්ලන් දැවී – 151 (43.3)  – ලක්ෂාන් ගමගේ – 33, නදුක ප්‍රනාන්දු – 4/37

දෙවන ඉනිම  –  166/3d (23)  – දිනෙත් ජයකොඩි – 73*, ලක්ෂාන් ගමගේ – 51*

වේල්ස් කුමර පළමු ඉනිම – සියල්ලන් දැවී – 155 (66.3) –  නදුක ප්‍රනාන්දු – 43, කවීන් චතුෂ්ක – 28, ලක්ෂාන් ගමගේ – 4/24, දිනෙත් ජයකොඩි – 3/31

දෙවන ඉනිම –  151/4 (47) ලක්ෂාන්  පෙරේරා – 71*, දිනාර ප්‍රනාන්දු – 37

මොරටුව වේල්ස් කුමර15න් පහල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.


ශා. සෙබස්තියන් විදුහල – පළමු ඉනිම – සියල්ලන් දැවී – 265 (72.2) – නදීර ප්‍රනාන්දු – 103, ශනෙල් ප්‍රනාන්දු – 56, පවන් සෙනාල් – 3/52

දෙවන ඉනිම – 188/7 (50) – ජනිෂ්ක පෙරේරා – 94, සුඛිත ප්‍රසන්න – 29, සවිඳු කාවින්ද – 2/19,

මහානාම විද්‍යාලය –    පළමු ඉනිම –  සියල්ලන් දැවී – 208 (70) පවන් සෙනාල් – 126, යසිරු සසඳක –  28, දුනිත් වැල්ලගේ –  4/60, ශනෙල් ප්‍රනාන්දු –  2/31

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය අවුරුදු 15න් පහල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.


ද මැසිනොද් විදුහල – පළමු ඉනිම –  සියල්ලන් දැවී – 205 (59.3) ෂෙනාල් ඩි මොරායස් – 50, සිහින සිතුමිණ – 43*, අදීප නානායක්කාර – 39, ඩෙල්මින් රත්නායක – 4/64, දිනෙත් වන්නිආරච්චි – 2/14

ශා. තෝමස් විද්‍යාලය – පළමු ඉනිම –  123/2 (33) මොහොමඩ් ඉෂාක් – 46*, මලිත්‍ර විමලසූරිය – 42

පළමු ඉනිම ක්‍රීඩා කරන ශා. තෝමස් විද්‍යාලය තවත් කඩුලු 8ක් අතැතිව ද මැසිනොද් පළමු ඉනිමට වඩා ලකුණු 82ක් පසුපසින්.

සම්පූර්ණ ලිපිය: වේල්ස් කුමර, ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට


හේලිස්ට සහ කැන්රිච්ට ජය

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය අද ආරම්භ විය. මෙම තරගාවලියේ තරඟ දෙකක් අද පැවැත්වූ අතර මෙම තරඟ වලින් හේල්ස් ආයතන කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් ආයතනය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පෑන් ඒශියා බැංකු කණ්ඩායම – 291-7 (50) නිමන්ද මදුසංක 102*, බුද්ධික ද අල්විස් 52, ලහිරු වික්‍රමසිංහ 30, හර්ෂ රාජපක්ෂ 3/55, මහේෂ් දීපාල් 2/61, අලි කාන් 2/71.

හේලිස් ආයතන කණ්ඩායම – 292-5 (44.4) රොනිල් කුරේ 117*, ලිසුල ලක්ෂාන් 72, මදුරංග සොයිසා 54, විරාජ් දීපාල් 2/12, ගයාන් බෝපගේ 2/44

“හේලිස් කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදි.”


කැන්රිච් ෆිනෑන්ස් 252-9 (50) කසුන් විදුර 74, පවන් දේවින්ද 56, කවිදු කුලසේකර 36, ප්‍රභාත් ජයසූරිය 32, තරිදු රත්නායක 3/65, හෂාන් වික්‍රමසූරිය 2/42, පසිදු පෙරේරා 2/44

ජෝන් කීල්ස් B කණ්ඩායම – 195 -10 (41.3) තරිදු රත්නායක 50, සාලින්ද උෂාන් 44, මනෝජ් සරත්චන්ද්‍ර 24, අශාන් පීරිස් 20, රොෂාන් ලක්සිරි 4/17, ප්‍රභාත් ජයසූරිය 2/24, මහේල විජේලත් 3/54

“කැන්රිච් කණ්ඩායම ලකුණු 57 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.”

සම්පූර්ණ ලිපිය: හේලිස් හා කැන්රිච් ජයගනී

දවසේ නිමාව