ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි

479
Asia 7s tournament

ආසියනු වයස අවුරුදු විස්සෙන් පහළ සත්සාමාජික රග්බි තරඟාවලියේ දෙවන සහ අවසන් වටය හොන්-කොන් හී කින්ග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදි අදින් අවසන් විය. එහිදි සත්කාරක හොන්ග් කොන්ග් කණ්ඩායම හමුවේ 36-10 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

පසුගිය ලිපි: ඉතිහාසයේ නව පිටුවක් පෙරලු ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ

මීට සති දෙකකට ඉහතදි මලයාසියවේදි පැවති පළමු තරග වටයේදි හොන්ග් කොන්ග් කණ්ඩායමට රැස්කිරිමට හැකි වූයේ ලකුණු 07ක් පමණි. පළමු තරග වටයේදි ලකුණු 14 ලබා ගත් ශ්‍රි ලාංකීය කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර, එහිදි ප්‍රසාද ලකුණු 12, 10 සහ 08 ලබා ගත් කණ්ඩායම් පිලිවෙලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන දිනා ගන්නා ලදි.

කෙසේ වෙතත් සමස්ථ ලකුණු සටහනට අනුව ශ්‍රි ලංකාව ලකුණු 26 හා හොන්ග්-කොන්ග් කණ්ඩායම ලකුණු 21 ලබාගන්නා ලදි. ශ්‍රී ලංකාව හා මලයාසියාව හමුවේ සමස්ථ තරඟාවලියේ පස්වන ස්ථානය දිනාගත් හොන්ග්-කොන්ග් කණ්ඩායම අද දින කුසලාන ශූරතාවය දිනා ගන්නා ලදි. පලමු දිනයේදි චින තායීපේ, තායිලන්තය හා මලයාසියවට එරිහිව සාර්ථකව ක්‍රිඩා කල ශ්‍රි ලංකා කණ්ඩායමට දෙවන දිනයේදි දකුණු කොරියාවට එරිහිව ප්‍රබල තරඟයක් දිමට සිදුවිය.

පළමු දිනයේ තරඟ විස්තර

ශ්‍රි ලංකාව සහ හොන්ග්-කොන්ග් (අවසන් තරගය)

හොන්ග්-කොන්ග් කණ්ඩායම මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් සදහා අලුත් උපක්‍රමයක් තරඟය තුලදි භාවිතා කල අතර ඒමගින් ඔවුන්ගේ පා-ප්‍රහාරයන් සාර්ථක කරගැනිමට ඔවුන්ට හැකි විය. ප්‍රභල තරගයක් පැවති මෙම තරඟය තුලදි කණ්ඩායම් නායක කෙවින් ඩික්සන්ගෙ දක්ෂතාවයන් කැපි පෙනුනු අතර ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවිය. එහි පලමු භාගයේදි හොන්ග්-කොන්ග් කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් හා ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරගනිමින් ලකුණු 19-00 ලෙස ඉදිරියෙන් පසුවීය. ප්‍රථම භාගය තුලදි ශ්‍රි ලංකවට ලකුණු රැස්කර ගැනිමට නොහැකි වු ප්‍රථම තරඟය මෙය විමද විශේෂත්වයකි.

ප්‍රථම අර්ධය : ශ්‍රී ලංකාව 00 : 19 හොන්ග් කොන්ග්

විවේක කලයෙන් පසුව තරඟයට පිවිසි හොන්ග්-කොන්ග් කණ්ඩායම තවත් උත්සහක දිනුමක් රැස් කර ගනිමින් 26-00 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. ශ්‍රි ලංකා ක්‍රීඩක ඕමල්ක ගුණරත්න මෙහිදි උත්සහක දිනුමක් ලබා ගැනිමට උත්සහ ගත් අතර හොන්ග් කොන්ග්  ක්‍රීඩකයින්ගෙ ප්‍රභල ආරක්ශක ක්‍රිඩා විලාශය හේතුවෙන් එම උත්සහය ව්‍යර්ථ විය.

අවසන් ලකුණු : ශ්‍රී ලංකාව 10 : 36 හොන්ග් කොන්ග්


ශ්‍රි ලංකාව සහ දකුණු කොරියාව (කුසලාන අර්ධ අවසන් වටය)

මෙම තරඟයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරිමට දකුණු කොරියාව සමත් වු අතර, ශ්‍රි ලංකා ක්‍රීඩක කෙවින් ඩික්සන් ගේ හා රීසා රෆායිඩීන් ගේ අපුරු සුසංයෝගය හේතුවෙන් ශ්‍රි ලංකාවට ලකුණු රැස්කිරිමට හැකි විය. මෙහිදි කෙවින් ඩික්සන් උත්සාහක දිනුමක් ලබා ගැනිමට සමත් විය. නමුත් හොඳ ක්‍රීඩා විලාශයක නියලුනු කොරියානු ක්‍රිඩකයින් උත්සාහක දිනුමක් වාර්ථා කරමින් ලකුණු පරතරය වැඩිකර ගැනිමට සමත් විය. ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් තවත් ගෝලයක් රැස්කිරිමට ඔවුන් සමත් විය.

ප්‍රථම අර්ධය : ශ්‍රි ලංකාව 05 12 දකුණු කොරියාව

බුද්දිම ප්‍රියරත්න උත්සාහක දිනුමක් වාර්ථා කල අතර කෙවින් ඩික්සන් විසින් එහි ප්‍රවර්ථනය සර්ථක කරගනිමින් ලකුණු මට්ටම 12-12 ලෙස සම තත්වයකට රැගෙන ඒමට සමත් විය. රෙහාන් සිල්වාගේ සහය අැතිව කෙවින් ඩික්සන් තවත් උත්සහක දිනුමක් වාර්තා කරමින් ලකුණු මට්ටම 19 – 12 ලෙස ඉහල දමා ගන්නා ලදි.

අවසන් ලකුණු : ශ්‍රි ලංකාව 19   12 දකුණු කොරියාව

තරගාවලියේ ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

තරඟාවලිය තුලදි දක්ෂ ක්‍රිඩා විලාශයක නියලුනු ජපාන කණ්ඩයම දෙවන ලීග් තරගවලිය සඳහා සහභාගී නොවුන අතර ප්‍රථම වටයේ අර්ධ අවසාන තරඟයේදි දකුණු කොරියාව හමුවේ ඔවුන් පරජයට පත්විය. ශ්‍රි ලංකාව 14 -12 මලයාසියව පරාජය කරන ලදි.

මෙම ප්‍රබල හොන්ග් කොන්ග් කණ්ඩයම මලයාසියව හමුවේ එක් වරක් පරාජයට පත්වීමටද සිදුවිය. තරඟයෙන් තරඟය කණ්ඩායම්හි ලකුණු මට්ටම දෝලන වෙමින් පැවතුන මෙම තරඟාවලියේ වඩාත් අවාසනාවන්තම කණ්ඩායම ලෙස දකුණු කොරියානු කණ්ඩායම දැක්විය හැක. ශක්තිමත් ක්‍රිඩකයින්ගෙන් පරිපූර්ණ වු කොරියානු කණ්ඩායමට තරගවට දෙකෙන් කිසිඳු ශුරතවයක් දිනාගත නොහැකි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල්පිටුවට