හේලිස් හා කැන්රිච් ජයගනී

693
Mercantile B Divi

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය අද ආරම්භ විය. මෙම තරගාවලියේ තරඟ දෙකක් අද පැවැත්වූ අතර මෙම තරඟ වලින් හේල්ස් ආයතන කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් ආයතනය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: අපොන්සු පදම්වූ ක්‍රීඩකයෙක්‌ වගේ – මැතිව්ස්‌

පෑන් ඒශියා බැංකු කණ්ඩායම හා හේලිස් ආයතන කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර හේලිස් ආයතන කණ්ඩායම කඩුලු 05කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පෑන් ඒශියා බැංකු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පෑන් ඒශියා බැංකු කණ්ඩායම වෙනුවෙන් නිමන්ද මදුසංක 4 පහරවල් 10ක් හා 6 පහරවල් 5ක් සමඟ විශිෂ්ට ඉණිමක් දියත් කරන ලදි. බුද්ධික ද අල්විස් පන්දු 41කදී වේගවත් ලකුණු 52කින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කරන ලදි.

පෑන් ඒශියා බැංකු කණ්ඩායම – 291-7 (50) නිමන්ද මදුසංක 102*, බුද්ධික ද අල්විස් 52, ලහිරු වික්‍රමසිංහ 30, හර්ෂ රාජපක්ෂ 3/55, මහේෂ් දීපාල් 2/61, අලි කාන් 2/71.

292ක ලකුණක් හඹායාමට පිටියට පැමිණි හේලිස් ආයතන කණ්ඩායම එම අභියෝගය සාර්ථකව අවසන් කල අතර රොනිල් කුරේ 4 පහරවල් 16ක් හා එක් 6 පහරක් සමඟ මදුසංකට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.

හේලිස් ආයතන කණ්ඩායම – 292-5 (44.4) රොනිල් කුරේ 117*, ලිසුල ලක්ෂාන් 72, මදුරංග සොයිසා 54, විරාජ් දීපාල් 2/12, ගයාන් බෝපගේ 2/44

“හේලිස් කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදි.”


ජෝන් කීල්ස් B කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරඟය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්වූ මෙම තරඟයෙන් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 57ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර එම තීරණය නිවැරදි බව සනාථ කරමින් කසුන් විදුර අනර්ඝ ඉණිමක් දියත් කරමින් ලකුණු 74ක් ලබාගන්නා ලදි.

කැන්රිච් ෆිනෑන්ස් 252-9 (50) කසුන් විදුර 74, පවන් දේවින්ද 56, කවිදු කුලසේකර 36, ප්‍රභාත් ජයසූරිය 32, තරිදු රත්නායක 3/65, හෂාන් වික්‍රමසූරිය 2/42, පසිදු පෙරේරා 2/44

ලකුණු 253ක අභියෝගයක් හඹායාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි ජෝන් කීල්ස් කණ්ඩායමට එම අරමුණ කරා යාමට රොෂාන් ලක්සිරි ඇතුළු ජෝන් කීල්ස් කණ්ඩායමේ  පන්දුයවන්නන් ඉඩකඩ ලබාදුන්නේ නැත.

ජෝන් කීල්ස් B කණ්ඩායම – 195 -10 (41.3) තරිදු රත්නායක 50, සාලින්ද උෂාන් 44, මනෝජ් සරත්චන්ද්‍ර 24, අශාන් පීරිස් 20, රොෂාන් ලක්සිරි 4/17, ප්‍රභාත් ජයසූරිය 2/24, මහේල විජේලත් 3/54

“කැන්රිච් කණ්ඩායම ලකුණු 57 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.”

හෙට (28) මොබිටෙල්  A කණ්ඩායම හා කොමර්ෂල් බැංකු කණ්ඩායම  මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාගංනයේදි හා එල් බී ෆිනෑන්ස් A කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම  කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී තරඟ වැදීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට