වේල්ස් කුමර, ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

302
U15 Cricket quarter finals august 27 round up

අන්තර් පාසල් පළමු කාණ්ඩයේ වයස අවුරුදු 15න් පහල සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට මොරටුව වේල්ස් කුමර සහ ශාන්ත සෙබස්තියන් යන විද්‍යාල සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී, පිලිවෙලින් කොළඹ මහානාම සහ මරදාන ශාන්ත ජෝසප් විදුහල්වලට පළමු ඉනිමේ පරාජය අත්කර දෙමිනුයි.

පසුගිය ලිපි: 15න් පහල අර්ධ අවසන් පූර්ව තරග උණුසුම

ඩාලි පාර ක්‍රීඩාංගනයේ පැවති තරගය

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් වේල්ස් කුමර ක්‍රීඩකයින් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට අනපේක්ෂිත අභියෝගයක් එල්ල කරමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 151කට සීමා කරන්නට සමත් විය. එහිදී නදුක ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගන්නට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල වේල්ස් කුමරුවන්ට ශා.ජෝසප් පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වුවත් පිත්තෙන්ද දස්කම් දැක්වූ නදුක ප්‍රනාන්දු ශා. ජෝසප් පළමු ඉනිම යන්තමින් අභිබවා යන්නට තම කණ්ඩායමට සවිය ලබා දෙන ලදී.

දෙවන ඉනිමේදී වේගවත් ලකුණු 166ක් කඩුලු 3කට රැස් කරමින් මොරටු කණ්ඩායමට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙන්නට ශා. ජෝසප් ක්‍රීඩකයන් පියවර ගත්තේ පූර්ණ තරග ජයක් වෙත ලඟා වීමේ අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් එම වාසිය තම කණ්ඩායම දෙසට හරවාගත් වේල්ස් කුමර කණ්ඩායම තම විදුහලට පූර්ණ තරග ජයක් ලබා දීමේ ගෞරවය අසලටම ලඟා වුවද තරගය අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවයි. කෙසේ වෙතත් ලකුණු 4කින් පළමු ඉනිම ජයගත් වේල්ස් කුමර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ලකුණු පුවරුව 

ශා. ජෝසප් පළමු ඉනිම – සියල්ලන් දැවී – 151 (43.3)  – ලක්ෂාන් ගමගේ – 33, නදුක ප්‍රනාන්දු – 4/37

දෙවන ඉනිම  –  166/3d (23)  – දිනෙත් ජයකොඩි – 73*, ලක්ෂාන් ගමගේ – 51*

වේල්ස් කුමර පළමු ඉනිම – සියල්ලන් දැවී – 155 (66.3) –  නදුක ප්‍රනාන්දු – 43, කවීන් චතුෂ්ක – 28, ලක්ෂාන් ගමගේ – 4/24, දිනෙත් ජයකොඩි – 3/31

දෙවන ඉනිම –  151/4 (47) ලක්ෂාන්  පෙරේරා – 71*, දිනාර ප්‍රනාන්දු – 37

මොරටුව වේල්ස් කුමර15න් පහල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.


කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගනයේ පැවති තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම නායකයා තෝරා ගත්තේද පන්දු යැවීමයි. කෙසේ වෙතත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් විශිෂ්ට ලකුණු 265ක ඉලක්කයක් පළමු ඉනිම වෙනුවෙන් ගොඩනගන්නට සමත් විය. නදීර ප්‍රනාන්දු අගනා ශතකයක් සහ ශනෙල් ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කරන ලදී.

පිළිතුරු ලෙස පළමු ඉනිම ආරම්භ කල මහානාම විද්‍යාලය වෙනුවෙන් පවන් සෙනාල් ප්‍රශංසනීය සටනක් දෙමින් ශතකයක් රැස් කරන්නට සමත් වුවත් පළමු ඉනිමේ වාසියක් අත්කරගන්නට අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට කිසිදු සහයක් ලැබුනේ නැත. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 208කට සීමා වූ අතර දුනිත් වැල්ලගේ කඩුලු 4ක් සහ ශනෙල් ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට ශා. සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 188කි. ජනිෂ්ක පෙරේරා ලකුණු 94ක් ලබා ගන්නට සමත් විය. මේ අනුව පළමු ඉනිමේ ලකුණු 57ක වාසිය හේතුවෙන් ශා. සෙබෙස්තියන් කණ්ඩායමට අවසන් පූර්ව වටයේ දෙවන මොරටු නියෝජනය සනිටුහන් කිරීමට හැකි විය.

ලකුණු පුවරුව

ශා. සෙබස්තියන් විදුහල – පළමු ඉනිම – සියල්ලන් දැවී – 265 (72.2) – නදීර ප්‍රනාන්දු – 103, ශනෙල් ප්‍රනාන්දු – 56, පවන් සෙනාල් – 3/52

දෙවන ඉනිම – 188/7 (50) – ජනිෂ්ක පෙරේරා – 94, සුඛිත ප්‍රසන්න – 29, සවිඳු කාවින්ද – 2/19,

මහානාම විද්‍යාලය –    පළමු ඉනිම –  සියල්ලන් දැවී – 208 (70) පවන් සෙනාල් – 126, යසිරු සසඳක –  28, දුනිත් වැල්ලගේ –  4/60, ශනෙල් ප්‍රනාන්දු –  2/31

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය අවුරුදු 15න් පහල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.


කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය

සිංගර් කුසලාන 15න් පහල ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් ඊයේ ආරම්භ විය. ඒ කඳාන ද මැසිනොද් විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතරයි.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශා. තෝමස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට මැසිනොද් කණ්ඩායමට ආරාධනා කරන ලදී. ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 205කි. ෂෙනාල් ඩි මොරායස් අර්ධ ශතකයක් සහ සිහින සිතුමිණ නොදැවී ලකුණු 43ක් ලබා ගන්නට සමත් විය. පන්දු යැවීමේදී ඩෙල්මින් රත්නායක කඩුලු 4ක් සහ දිනෙත් වන්නිආරච්චි කඩුලු 2ක් බිඳහෙලන ලදී.

පිළිතුරු ලෙස පළමු ඉනිම ආරම්භ කළ තෝමසුවන් ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 123කි. අගනා පිතිහරඹයක නිරතවන මොහොමඩ් ඉෂාක් නොදැවී ලකුණු 46ක් ලබා සිටින අතර මලිත්‍ර විමලසූරිය ලකුණු 42ක් ලබා ගන්නට සමත් විය.

ලකුණු පුවරුව

ද මැසිනොද් විදුහල – පළමු ඉනිම –  සියල්ලන් දැවී – 205 (59.3) ෂෙනාල් ඩි මොරායස් – 50, සිහින සිතුමිණ – 43*, අදීප නානායක්කාර – 39, ඩෙල්මින් රත්නායක – 4/64, දිනෙත් වන්නිආරච්චි – 2/14

ශා. තෝමස් විද්‍යාලය – පළමු ඉනිම –  123/2 (33) මොහොමඩ් ඉෂාක් – 46*, මලිත්‍ර විමලසූරිය – 42

පළමු ඉනිම ක්‍රීඩා කරන ශා. තෝමස් විද්‍යාලය තවත් කඩුලු 8ක් අතැතිව ද මැසිනොද් පළමු ඉනිමට වඩා ලකුණු 82ක් පසුපසින්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට