52 වැනි Regatta තරගාවලියේ ජය තෝමසුවන්ට

145
52nd Royal Thomian Regatta

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන Regatta ඔරු පැදීමේ තරගාවලියේ 52 වැනි අදියර සෙනසුරාදා කොළඹ ඔරු පැදීමේ සමාජයේ දී පැවැත්වුණා. 

මෙම තරගාවලියේ වැඩි ආධිපත්‍ය පතුරවමින් මෙවර අදියර ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් සාන්ත තෝමස් විද්‍යාලය සිය 25 වැනි Regatta කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර රාජකීය විද්‍යාලය මේ දක්වා තරගාවලි 22ක් ජයග්‍රහණය කර තිබෙනවා. එමෙන්ම තරගාවලි පහක් සමව අවසන් වී තිබෙනවා. 

මෙවර තරගාවලියේ දී ජයග්‍රාහී සාන්ත තෝමස් කණ්ඩායම චෙවෝන් පෙරේරා විසින් මෙහෙය වූ අතර සාන්ත තෝමස් විද්‍යාලයේ ආයුක අමරසේකර තරගාවලියේ වඩාත් කැපී පෙනෙන ඔරු පදින්නා ලෙස අභිෂේක ලැබුවා.  

තරගාවලියේ ප්‍රතිඵල, 

  • A Scull – Senior Scull Trophy: සරිත් අබේසිරිගුණවර්ධන (රාජකීය විද්‍යාලය)  
  • B Scull – Ajith Goonawardena Trophy: කේඩන් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)  
  • A Pair – Freddie Raux Trophy: ආයුක අමරසේකර සහ සහින් දයාබරන් (සාන්ත තෝමස් විද්‍යාලය)  
  • B Pair – Chula Samarasinghe Trophy: ජයදෙන් ජයසේකර සහ තෙවිනු වලිගේපොල (රාජකීය විද්‍යාලය)  
  • A Double Scull – Inaugural Trophy: සරිත් අබේසිරිගුණවර්ධන සහ Newan Perera (රාජකීය විද්‍යාලය)  
  • B Double Scull – Revival Trophy: නිවෙන් දොරබාවිල සහ සනුත් වික්‍රමරත්න (රාජකීය විද්‍යාලය)  
  • U-16 Four – Captain Janaka de Fonseka Memorial Trophy: නිතික සේනාරත්න, කෙඩන් පෙරේරා, ඩෙන්වර් දෙහෙරගොඩ, විනුක් සේනාරත්න සහ ජෝර්දාන් ජෑන්ස් (සාන්ත තෝමස් විද්‍යාලය)  
  • C Four – Col. Percy Fernando Trophy: දිනුක් රාජපක්ෂ, ඔමෙරු හෙට්ටිආරච්චි, යසෝද වික්‍රමරත්න, යෙනුල අලගොඩ සහ රහිල් අබේරත්න. 
  • Old Boys’ Race: Royal B Four – Eraj Wijesinghe Trophy: රිෂේන් පෙරේරා, රකිල් ජෝර්ජ්, සහින් දයාබරන්, චෙවොන් පෙරේරා and ශෙවින් උඩුගම (සාන්ත තෝමස් විද්‍යාලය) 
  • A Four – Boat Race Trophy: ඒඩින් ජෑන්ස්, මහිත් නානයක්කාර, ශෙවින් උඩුගම, අයුක අමරසේකර, නවික මොල්මුරේ (සාන්ත තෝමස් විද්‍යාලය)  
  • Most Outstanding Oarsman of the Regatta:ආයුක අමරසේකර (සාන්ත තෝමස් විද්‍යාලය) 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<