කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
වාර්තා ගත ශතකයක් සමඟින් ජයවිහාන් තරගයේ වීරයා වෙයි

තරගයේ දෙවැනි දිනය උදා වූයේ පළමු ඉනිමට ක්‍රීඩා කරන ඉසිපතන ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 120ක්ව තිබිය දී ය. පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට එතැන් සිට තවත් ලකුණු 194ක් අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව තිබුණේ පන්දුවාර 21ක් පමණි. තම පළමු ඉනිමේ පන්දුවාර 60 අවසන් වෙද්දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් පමණි.
55 වැනි සහෝදර සංග්‍රාමයේ වීරයා ලෙසින් තර්ස්ටන් විද්‍යාලයේ ජයවිහාන් මහවිතාන නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සවන් ප්‍රභාෂ් නම් කෙරුණි.
සම්පූර්ණ වාර්තාව: 55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ
මිතුරන්ගේ එක්දින තරගයේ ජය ක්‍රිස්තුරාජයට

කාසියේ වාසිය දිනාගත් ලොයෙලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ක්‍රිස්තුරාජ විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 367ක් ලබා ගන්නේය. එම ඉනිමේ දී දකුණත් පිතිකරු ලහිරු පීරිස් ශතකයක් රැස් කිරීම කැපී පෙණුනි. පන්දු 114කට මුහුණ දුන් ලහිරු හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115කි.
සම්පූර්ණ වාර්තාව: මිතුරන්ගේ මංගල සීමිත පන්දුවාර තරගයේ ජය ක්‍රිස්තු රාජයන්ට
සල්පිටි රයිගම් කෝරළ සටනත් ජය පරාජයෙන් තොරයි

කාසියේ වාසිය දිනූ තක්ෂිලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පිළියන්දල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 291ක් රැස් කරති. මෙම ඉනිමේ දී කණ්ඩායමේ වඩාත් විශ්වාස තබා සිටි පිතිකරුවා වූ චමෝද් සඳරු එකී විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් නොදැවී ශතකයක් ලබා ගත්තේය. චමෝද්ගේ ඉනිම පන්දු 158කින් සමන්විත වූ අතර එම ඉනිමට අලංකාර හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් ඇතුලත් විය.
සම්පූර්ණ වාර්තාව: විසඳුමක් නැති සල්පිටි රයිගම් කෝරළ සටනේ චමෝද්ගෙන් ශතකයක්
එස්. එස්. සී. කඩුලු 3කින් පරාදයි

ඒ ජාතික කණ්ඩායම නියෝජනය කරන බහුතරයක් ක්‍රීඩකයින් එස්. එස්. සී. (සිංහල ක්‍රීඩා සමාජය) සතුවීම නිසාවෙනි. එහි දී මුවර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට අදීශ තිලංචනගේ තුන් ඉරියව් දස්කම් පැහැදිලිවම ආධාර විය.
සිංහල ක්‍රීඩා සමාජය – 137 (19.1): දිමුත් කරුණාරත්න 48, අදීශ තිලංචන 3/17.
මුවර්ස් ක්‍රීඩා සමාජය – 138/7 (19.5): අදීශ තිලංචන 45, තිලක්ෂ සුමණසිරි 26, සචිත්‍ර සේනානායක 3/10.
සම්පූර්ණ වාර්තාව: විස්සයි විස්සේ පළමු දිනයේ ම නොසිතූ තරග ප්‍රතිඵලයක්





















