විස්සයි විස්සේ පළමු දිනයේ ම නොසිතූ තරග ප්‍රතිඵලයක්

1046

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (24) ආරම්භ විය. පළමු දිනය ආරම්භයේ දී ම අවසන් වූ තරග අතරින් කාගේත් කතාබහට ලක්වූයේ එස්. එස්. සී. කණ්ඩායම මුවර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 3කින් පරාජය වීමයි.

55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ

55 වැනි වරටත් පැවති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් ජය පරාජයකින් තොරව කොළඹ 7, මේට්ලන්ඩ්

ඒ ජාතික කණ්ඩායම නියෝජනය කරන බහුතරයක් ක්‍රීඩකයින් එස්. එස්. සී. (සිංහල ක්‍රීඩා සමාජය) සතුවීම නිසාවෙනි. එහි දී මුවර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට අදීශ තිලංචනගේ තුන් ඉරියව් දස්කම් පැහැදිලිවම ආධාර විය.

එන්. සී. සී ඉනිම ලකුණු 120කට සීමා කිරීමේ දී කළුතර නගර ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට එරංග රත්නායක සමත් විය. නමුත් චතුරංග ද සිල්වාගේ දක්ෂ පන්දු යැවීම නිසා කළුතර නගර ක්‍රීඩා සමාජය එම තරගය ලකුණු 16කින් පරාජය විය.

යළිත් දේශීය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට අවතීර්ණ වූ ලසිත් මාලිංග එන් .සී. සී කණ්ඩායම වෙනුවෙන් සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 30ක් තුළ කඩුලු 2ක් දවා ගනිමිනි. කළුතර නගර ක්‍රීඩා සමාජයට එදිරිව පැවැත්වූ තරගය එන්. සී. සී. කණ්ඩායම ජයග්‍රහණය කළත් දිනේශ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දස්කම් අතරට පිවිසීමට අපොහොසත් විය.

මිතුරන්ගේ මංගල සීමිත පන්දුවාර තරගයේ ජය ක්‍රිස්තු රාජයන්ට

ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ බෝපිටිය ලොයෙලා විද්‍යාලය අතර අද (24) පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ මිතුරන්ගේ වාර්ෂික මංගල සීමිත පන්දුවාර

පැවැත්වූ අනෙක් තරග අතරින් බොහෝමයක් දෙනා බලාපොරොත්තු වූ තරග ප්‍රතිඵලය වාර්තා විය. ඊයේ පැවැත්වූ තරග අතරින් ටැමිල් යූනියන්, හලාවත ක්‍රිකට් සමාජය, මුවර්ස්, බ්ලූම්ෆීල්ඩ්, වරාය අධිකාරිය, එන්. සී. සී, යුද හමුදාව, රාගම, කොළඹ ක්‍රිකට් සමාජය හා කෝල්ට්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ලකුණු සටහන

ලන්කන් ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන්  

ලන්කන් ක්‍රිකට් සමාජය – 135/7 (20): දිනුශ්ක මාලන් 35, චානක රුවන්සිරි 30, ගීත් කුමාර 28, ජීවන් මෙන්ඩිස් 2/23, සුරංග ලක්මාල් 2/26.

ටැමිල් යූනියන් – 138/3 (15.3): දනංජය ද සිල්වා 42, කිත්රුවන් විතානගේ 27, නවීන් කවිකාර 2/25.


පොලිස් ක්‍රීඩා සමාජය හා හලාවත ක්‍රිකට් සමාජය

පොලිස් ක්‍රීඩා සමාජය – 121 (19.4): සිරිමන්ත විජේරත්න 22, සමිත් දුශ්ශන්ත 18, නිමේෂ් විමුක්ති 18, ශෙහාන් ජයසූරිය 3/24, අසිත ප්‍රනාන්දු 3/25.

හලාවත ක්‍රිකට් සමාජය – 125/3 (14.4): රෝහිත් දමෝදරන් 56*, තික්ෂිල ද සිල්වා 36.


සිංහල ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය

සිංහල ක්‍රීඩා සමාජය –  137 (19.1): දිමුත් කරුණාරත්න  48, අදීශ තිලංචන 3/17.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 138/7 (19.5): අදීශ තිලංචන 45, තිලක්ෂ සුමණසිරි 26, සචිත්‍ර සේනානායක 3/10.


පානදුර ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය

පානදුර ක්‍රීඩා සමාජය – 74 (16.1): කශීෆ් නවීඩ් 14, ලහිරු සමරකෝන් 2/05, ලහිරු ප්‍රනාන්දු 2/12.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – 78/0 (8.2): නිපුන් කරුණානායක 47*, අදීශ නානායක්කාර 26*.


ගාලු ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය

ගාලු ක්‍රිකට් සමාජය – 144 (19.4): හර්ෂ රාජපක්ෂ 48, රවිඳු සෙම්ඹකුට්ට්ගේ 39, මදුක ලියනපතිරණගේ 1/21.

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය – 145/6 (17.5): යොහාන් ද සිල්වා 50, සී. ලක්ෂාන් 2/21.


එන්. සී. සී හා කළුතර නගර ක්‍රීඩා සමාජය

එන්. සී. සී. – 120/9 (20): ඇන්ජලෝ පෙරේරා 46, ෆර්වීස් මහරෑෆ් 31, එරංග රත්නායක 5/20

කළුතර නගර ක්‍රීඩා සමාජය – 104 (18.4): සමීර සඳමල් 29, චතුරංග ද සිල්වා 3/24, ලසිත් මාලිංග 2/30, ලහිරු කුමාර 2/12.


යුද හමුදාව හා මීගමුව ක්‍රිකට් සමාජය

යුද හමුදාව – 218 (19.5): අශාන් රන්දික 72, ජනිත් සිල්වා 43, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, ශෙහාන් වීරසිංහ 4/33, උමේග චතුරංග  2/39.

මීගමුව ක්‍රිකට් සමාජය – 116 (16.3): ප්‍රසන්න ජයමාන්න 27, ජනිත් සිල්වා 4/22.


බී. ආර්. සී හා රාගම ක්‍රිකට් සමාජය

බී. ආර්. සී – 182/6 (20): රුමේශ් බුද්ධික 57, ටී. එම්. සම්පත් 46.

රාගම ක්‍රිකට් සමාජය – 186/6 (19.1): ලහිරු මිලන්ත 47, සමීර ද සොයිසා 45*, ඉශාන් ජයරත්න 38*, ටී. එම්. සම්පත් 3/22.


සැරසන්ස් ක්‍රිකට් සමාජය හා කොළඹ ක්‍රිකට් සමාජය

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 148 (20): රවිඳු ගුණසේකර 56, අශේන් බණ්ඩාර 28.

කොළඹ ක්‍රිකට් සමාජය – 149/4 (18.4): ඩිල්ශාන් මුණවීර 75, කුසල් මෙන්ඩිස් 21


කෝල්ට්ස්  හා ගුවන් හමුදාව

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 198/3 (20): අවිශ්ක ප්‍රනාන්දු 74, සධීර සමරවික්‍රම 58, රොස්කො තටිල් 2/27.

ගුවන් හමුදාව – 141 (19.4): උදයවංශ පරාක්‍රම 20, ප්‍රභාත් ජයසූරිය 4/17.


බදුරලිය හා නාවික හමුදාව

බදුරලිය 163/6 (20): සංජය චතුරංග 59*, දිල්හාන් කුරේ  49.

නාවික හමුදාව – 100 (14.5): නුවන් සම්පත්  32, බුද්ධික හසරංග  23, සවිත් ප්‍රියාන් 2/16, සංජය චතුරංග 2/17.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<