අවසන් දිනයේදීත් මධාරා සහ ඉරංෂාගෙන් නව තරග වාර්තා දෙකක්

624
Junior Natinal athletics final

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රාහක දායකත්වයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 54 වැනි කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලය ඊයේ නිමාවට පත්වූ අතර ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ මධාරා පියුමිනි සහ ඉරංෂා කාවින්දි බිහි කළ නව තරග වාර්තා දෙකත් සමඟින් සමස්ත තරගාවලියේදී නව තරග වාර්තා 15ක් බිහි කිරීමට සහ තරග වාර්තා දෙකක් සම කිරීමට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ් සමත් වූහ.

හර්ෂනී සමුද්‍රාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

එහිදී වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වට සහභාගි වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයේ මධාරා පියුමිනි තත්.12.63ක කාලයක් සටහන් කරමින් එම ඉසව්වේ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වූ අතර වයස අවුරුදු 20න් පහළ බාලිකා හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක් වෙමින් මීටර් 42.12ක දුරක් සටහන් කළ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉරංෂා කාවින්දි එම ඉසව්වේ නව තරග වාර්තාවක් සටහන් කිරීමට සමත් වූවාය.

තරගාවලියේ වාර්තා වූ එකම ශ්‍රී ලංකා වාර්තාව පළමු දිනයේදීම වාර්තා වූ අතර වලල ඒ රත්නායක විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 20න් පහල බාලිකා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.34ක දක්ෂතාවක් දැක්වූ හර්ෂණී ධර්මරත්න එම වාර්තාවට හිමිකම් කිවාය.

 ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න 

මේ අතර යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම 2016 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ගේ‍ර්ෂන් ධනංජය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු වයස අවුරුදු 20න් පහළ බාලක තුන්පිම්ම (මීටර් 15.78ක්) සහ දුර පැනීම (මීටර් 7.41ක්) ලෙස සටහන් කරමින් නව තරග වාර්තා දෙකක් බිහි කිරීමට සමත් විය.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න