විසඳුමක් නැති සල්පිටි රයිගම් කෝරල සටනේ චමෝද්ගෙන් ශතකයක්

476

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරට පැවති සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (24) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවය.

17 වන සල්පිටි රයිගම් කෝරල සටනේ වැඩි වාසිය කාටද?

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වන වරටත් පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 23 සහ 24 දෙදින පුරා මොරටුව…

කාසියේ වාසිය දිනූ තක්ෂිලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පිළියන්දල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 291ක් රැස් කරති. මෙම ඉනිමේ දී කණ්ඩායමේ වඩාත් විශ්වාස තබා සිටි පිතිකරුවා වූ චමෝද් සඳරු එකී විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් නොදැවී ශතකයක් ලබා ගත්තේය. චමෝද්ගේ ඉනිම පන්දු 158කින් සමන්විත වූ අතර එම ඉනිමට අලංකාර හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් ඇතුලත් විය.

ඔහුට අමතරව පිළියන්දල කණ්ඩායමේ නායක හේෂාන් මධුශංක ලකුණු 73ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන තිළිණ තරිඳු ලකුණු 89කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි තක්ෂිලා ක්‍රීඩකයෝ පළමු දිනයේ තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 9ක් ලබා සිටිය හ. දෙවැනි දිනයේ දී නැවත තම ඉනිම ආරම්භ කළ තක්ෂිලා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 115කි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කණ්ඩායම් නායක සඳුන් රංග (31) ය. කඩුලු ලබා ගැනීමේ දී මල්ශාන් ගුණතිලක, සසංක කුලරත්න, උෂාන් දීමන්ත සහ හේෂාන් මධුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 176ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමට පිටියට පිවිසි තක්ෂිලා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.

55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ

55 වැනි වරටත් පැවති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් ජය පරාජයකින් තොරව කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ…

පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ ශතක 6ක් වාර්තා කරමින් තක්ෂිලා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන සිටින සසිඳු ජනෙත් දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් තමන්ගේ දක්ෂතාව නැවත වතාවක් තහවුරු කර ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී හේෂාන් මධුශංක ලකුණු 22කට කඩුලු 2ක් දවාගත් අතර ඔහු තරගයේ දී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගන්නේය.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය පෙබරවාරි 25 දා (අද) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.   

පිළියන්දල මධ්‍ය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 291 (84.2) චමෝද් සඳරු නොදැවී 100, හේෂාන් මධුශංක 73, ගයාෂාන් චතුරංග 34, සඳුන් තත්සර 22, තිළිණ තරිඳු 5/89, තිසර සචින්තන 3/78

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (44.4) සඳුන් රංග 31, මල්ශාන් ගුණතිලක 2/08, සසංක කුලරත්න 2/13, උෂාන් දීමන්ත 2/17, හේෂාන් මධුශංක 2/20 සහ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 147 (52.0) සසිඳු ජනෙත් 57, තමිඳු රවිඳු 27, හේෂාන් මධුශංක 2/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<