මිතුරන්ගේ මංගල සීමිත පන්දුවාර තරගයේ ජය ක්‍රිස්තු රාජයන්ට

328

ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ බෝපිටිය ලොයෙලා විද්‍යාලය අතර අද (24) පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ මිතුරන්ගේ වාර්ෂික මංගල සීමිත පන්දුවාර තරගයේ දී ලකුණු 184ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ක්‍රිස්තුරාජ විද්‍යාලය සමත් විය.

මිතුරන්ගේ මංගල මහා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වේ

මෙරට පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවති මිතුරන්ගේ…

කාසියේ වාසිය දිනාගත් ලොයෙලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ක්‍රිස්තුරාජ විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 367ක් ලබා ගන්නේය. එම ඉනිමේ දී දකුණත් පිතිකරු ලහිරු පීරිස් ශතකයක් රැස් කිරීම කැපී පෙණුනි. පන්දු 114කට මුහුණ දුන් ලහිරු හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115කි.

ඊට අමතරව ආරම්භක පිතිකරු ලහිරු සඳරුවන් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ද, උදාන් රවිඳු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද රැස් කරමින් ලොයෙලා පන්දු යවන්නෝ අමාරුවේ දැමූහ.

නායක ධනංජය ප්‍රනාන්දු ද අවසන් පන්දුවාර කිහිපයේ ක්‍රියාත්මක වෙමින් පන්දු 24ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී රදීශාන් උමයංග, සංඛ ප්‍රසාද්, නිර්මාල් ධනංජය, යොහාන් සුධීර, සයුරු ජයකොඩි සහ තරුෂාන් දුලාංජන අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ලොයෙලා විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.

ලොයෙලා – ක්‍රිස්තුරාජ මිතුරන් ප්‍රථම මහා සංග්‍රාමයට සූදානමින්

පාසල් ක්‍රිකට් පිටියට මහා වසන්තය කැන්දමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට්…

ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව 62ක් තෙක් රැක ගැනීමට තරුෂ දුලාන් (26) සහ රදීශාන් උමයංග (30) සමත් වූ අතර එය ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව ද විය. ඉන් අනතුරුව යම් තරමක සිත නිවෙන ලකුණු සබඳතාවක් එක් වූයේ 9 වැනි කඩුල්ලේ දී ය. ඒ සංඛ ප්‍රසාද් සහ යොහාන් සුදීර (10) එක්ව රැස් කළ ලකුණු 45 යි.

ලොයෙලා ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ සංඛ ප්‍රසාද් ය. දකුණතින් පිත්ත හැසිර වූ ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නේය.   

පන්දු යැවීමේ දී මාලිංද පෙරේරා, උදාන් රවිඳු සහ ධනංජය ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

ක්‍රිස්තුරාජ විද්‍යාලය; කඩුලු 6ක් දැවී 367 (50.0) ලහිරු සඳරුවන් 68, ලහිරු පීරිස් නොදැවී 115, උදාන් රවිඳු 50,  ධනංජය ප්‍රනාන්දු 43, පසිඳු මලිත් නොදැවී 20

ලොයෙලා විද්‍යාලය; සියලුම දෙනා දැවී 183 (48.4) තරුෂ දුලාංජන 26, රදීශාන් උමයංග 30, සයුරු ජයකොඩි 20, සංඛ ප්‍රසාද් 54, මාලිංද පෙරේරා 2/33, උදාන් රවිඳු 2/35, ධනංජය ප්‍රනාන්දු 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<