10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එක් වූ පළමු වැනි කණ්ඩායම බවට පත් වීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ අපරාජිතව සිටිමින් මෙම කඩඉමට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වූ අතර ඔවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයට එක් වෙන 8 වැනි අවස්ථාවයි මේ.
ඔවුන් මීට පෙර 2010, 2012, 2014, 2016, 2018, 2020, සහ 2023 වසරවල දී අවසන් මහා තරග සුදුසුකම් ලබා ගත්තා. ඒ අතුරින් 6 වතාවක් ඔවුන් ශූරියන් බවට පත් වෙන අතර 2016 වසරේ දී පමණක් අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු වෙනවා. ඔවුන් එවර එම කඩඉමෙන් පරාජය වෙන්නේ මෙම තරගයේ දී පරාජයකට පත් කරන ලද බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතිනුයි.
>>ඕස්ට්‍රේලියාව පළමු වැනියා වෙමින් පළමු වටය අවසන් කරයි
- 1වැනි අවසන් පූර්ව තරගය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව, London හී Kennington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Sophie Molineux (නායිවාක), Georgia Voll, Beth Mooney (කඩුලු රකින්නිය), Phoebe Litchfield, Ellyse Perry, Ashleigh Gardner, Georgia Wareham, Annabel Sutherland, Nicola Carey, Kim Garth සහ Lucy Hamilton.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Hayley Matthews (නායිකාව), Qiana Joseph, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Stafanie Taylor, Jahzara Claxton, Chinelle Henry, Jannillea Glasgow, Deandra Dottin, Aaliyah Alleyne, Afy Fletcher සහ Karishma Ramharack.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
තවත් පන්දුවාර 7ක් ඉතිරි ව තිබිය දී ලබා ගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් Beth Mooney පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා. එය ඇය මෙවර තරගාවලියේ ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.
ඇයට අමතර ව Ashleigh Gardner පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා. තරගය ජයග්‍රහණය කරන විට ඔවුන් දෙදෙනා විසින් පන්දු 36ක දී නොදැවුණ ලකුණු 63ක සබඳතාවක් එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Chinelle Henry සහ නායිකා Hayley Matthews කඩුල්ල බැගින් දවා ගත්තා.
- කොදෙව්වන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරයි
- ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන නිමා කරයි
- එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- දිමන්ත ශතකයක් සමඟින් යොවුන් කුසලානයත් දිනා ගනී
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 47ක් එක් කිරීමට Hayley Matthews සහ Qiana Joseph සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සබඳතාව නිමා වෙන්නේ Hayley Matthews ගේ දැවී යෑමත් සමඟයි. ඇය දැවී යන විට පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Qiana Joseph ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 16කට දැවී යනවා. ඉන් අනතුරු ව ඉන්දීය කොදෙව් ඉනිමට තවත් ලකුණු 4ක් එක් වෙද්දී පන්දු 4ක් තුළ කඩුලු ද්විත්වයක් දැවී යන අතර නැවත ඔවුන්ගේ ඉනිමේ ඉහළ ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 7 වැනි කඩුල්ලට.
එහි දී Jannillea Glasgow සහ Deandra Dottin එක් ව එම කඩුල්ලට පන්දු 27ක දී නොදැවුණ ලකුණු 42ක සබඳතාවක් ගොඩ නගනවා. ඉනිමේ අවසන් පන්දුවේ දී Jannillea Glasgow දැවී ගිය අතර ඒ වෙද්දී ඇය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.
ඉනිම අවසන් වෙද්දී Deandra Dottin පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Ashleigh Gardner, Georgia Wareham සහ නායිකා Sophie Molineux කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක්දැවී 125(20.0) Hayley Matthews 30, Shemaine Campbelle 22, Deandra Dottin නොදැවී 26, Sophie Molineux 2/30, Ashleigh Gardner 2/13, Georgia Wareham 2/17
- ඕස්ට්‍රේලියානුකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 127(13.0) Beth Mooney නොදැවී 61, Ashleigh Gardner නොදැවී 35, Chinelle Henry 1/20
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – Ashleigh Gardner (ඕස්ට්‍රේලියාව)
තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය ජුලි මස 2 වැනිදා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අතර එම තරගය London හි Kennington Oval, ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















