එක්දින තරගාවලියේ පළමු තරගයේ ජයත් ඉන්දියාවට

Sri Lanka Women U19 tour of India 2026

1
Sri Lanka Women U19 tour of India 2026

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (30) නිමා වූ පළමු තරගයෙන් ලකුණු 120ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවා.  

Puducherry හී ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 279ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 159ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය),මනුදි නානායක්කාර, උමයංගනා පීරිස්, දනෝද්‍යා සෙව්මිණි, චමෝදි හේරත්, ප්‍රමුදි මෙත්සරා සහ දුලංගා දිසානායක.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

 

Bhavika Ahire (නායිකාව සහ කඩුලු රකින්නිය) Ira Jadhav, Deeya Yadav, Purva Siwach, Nidhi Mahto, V. Prathiksha, Kashvi Kandikuppa, V. H. Parmar,  Anaadi Tagde, Mahak Narwase සහ Janhavi Virkar.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ 16 වැනි වියේ පසුවෙන ආරම්භක පිතිකාරිනී Ira Jadhav. ඇය පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා.

ඇය Purva Siwach හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 68ක දී ලකුණු 59ක සබඳතාවක් ද සහ Nidhi Mahto සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 102ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී Nidhi Mahto පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ද සහ Purva Siwach පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව නායිකා Bhavika Ahire පසු පෙළ ක්‍රීඩිකාවන් හා එක් වෙමින් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර  5ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝද් හේරත් ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව චමුදි ප්‍රබෝධා කඩුලු 2ක් ද, දනෝද්‍යා සෙව්මිණි සහ ප්‍රමුදි මෙත්සරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ මනුදි නානායක්කාර.  ඇය පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.

ඊට අමතර ලිමංසා තිලකරත්න පන්දු 52ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද සහ විමෝක්ෂා බාලසූරිය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Mahak Narwase, V. H. Parmar සහ Janhavi Virkar කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 279 (50.0)Ira Jadhav83, Purva Siwach 29, Nidhi Mahto 54, V Prathiksha 21, Bhavika Ahire 42, චමෝදි ප්‍රබෝධා 2/58, චමෝදි හේරත් 3/51
  • ශ්‍රී ලංකාවයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 159 (48.5) ලිමංසා තිලකරත්න 30, මනුදි නානායක්කාර 47, Janhavi Virkar 2/40, Mahak Narwase 2/12, V. H. Parmar 2/29

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 120ක ජයක්.

තරගයේ වීරයා – Ira Jadhav (ඉන්දියාව)

තරගාවලියේ 2 වැනි ජුලි මස 03 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<