කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නිදහස් කුසලානයට මැතිව්ස්?

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් විශ්වාස කරන්නේ 2018 වර්ෂයේ දී ඔහුගේ ශරීරයේ පහළ අර්ධයේ පුනරුත්ථාපන (rehabilitation) ක්‍රියාවලිය හොඳින් සිදුවන නිසා ඔහුට ආබාධ සිදුවීමට ඇති ඉඩ ගිය වරට සාපේක්ෂව අවම බවයි.
පසුගිය වසර පුරාවට කලව සහ වළලුකර ප්‍රදේශවල ආබාධ ඇතිවීමෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය දැඩි පසුබෑමකට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට පෙර සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාගත් නමුත් බංග්ලාදේශයේ තුන්කොන් තරග සංචාරය අතරතුර ආබාධයකට ලක්ව ඔහු නැවත දිවයිනට පැමිණියේය.
සම්පූර්ණ වාර්තාව: ආබාධවලට පසුව මැතිව්ස් යළිත් පිටියට
කුසල් ජනිත් විස්සයි විස්සෙන් ඉවතට

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ සමඟින් පැවති දෙවැනි එක්දින තරගය අතරතුර දී කුසල් ආබාධයකට ලක්වූ අතර වෛද්‍යවරුන්ගේ අදහස අනුව පවතින ආබාධ තත්වයෙන් ඔහුට සුවය ලබා ගැනීම සඳහා තවත් කාලය අවැසි බැවින් ඔහුව තවදුරටත් විවේකීව තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඒ නිසාවෙන් ඔහුට අදාළ තරගාවලිය අහිමි වන අතර ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය විස්සයි විස්ස සංචිතය සමඟ ඔහු පිටත්ව ගියේ ද නැත.
සම්පූර්ණ වාර්තාව: කුසල් සංචිතයෙන් ඉවතට; කුසල් සංචිතයට
සුපුන් ද්විත්ව ශතකයකින් වැඩ පෙන්වයි

ඊයේ නිමා වූ තරග අතුරෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය. ඊට අමතරව මලියදේව විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකට






















