කුසල් සංචිතයෙන් ඉවතට; කුසල් සංචිතයට

2234
Kusal In, Kusal Out

බංග්ලාදේශය සමඟින් ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි කුසල් ජනිත් පෙරේරා අදාළ තරගාවලිය සඳහා සහභාගී වන සංචිතයෙන් ඉවත් කර ඇත.

[rev_slider LOLC]

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ  සිම්බාබ්වේ සමඟින් පැවති දෙවැනි එක්දින තරගය අතරතුර දී කුසල් ආබාධයකට ලක්වූ අතර වෛද්‍යවරුන්ගේ අදහස අනුව පවතින ආබාධ තත්වයෙන් ඔහුට සුවය ලබා ගැනීම සඳහා තවත් කාලය අවැසි බැවින් ඔහුව තවදුරටත් විවේකීව තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඒ නිසාවෙන් ඔහුට අදාළ තරගාවලිය අහිමි වන අතර ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය විස්සයි විස්ස සංචිතය සමඟ ඔහු පිටත්ව ගියේ ද නැත.

>> ආබාධවලට පසුව මැතිව්ස් යළිත් පිටියට

කුසල් ජනිත්ගේ ස්ථානයේ ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් යොදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<