ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (12) නිමා වූ CCC කණ්ඩායම සහ Nugegoda කණ්ඩායම අතර තරගයේ දී CCC කණ්ඩායමේ සොනාල් දිනුෂ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට රැස් කරන ලද 2 වැනි ශතකයයි. ඔහු මීට පෙර Tamil Union කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා.
පෙර දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 88ක් ලබා සිටි සොනාල් දිනූෂ අද දැවී යන විට පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා.
මේ අතර අද පැවැති තරග කිහිපයකට ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහි දී Tamil Union සහ NCC කණ්ඩායම් අතර කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයත්, Kurunegala සහ BRC අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයත් සහ Chilaw සහ Negombo අතර සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයත් එකඳු හෝ පන්දුවක් නොයවමින් නතර කළා.
එසේ වූවත් Police කණ්ඩායම Baduraliya කණ්ඩායමට එරෙහි ව කඩුලු 9ක ජයක් ද, Panadura කණ්ඩායම Ragama කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක ජයක් ද ලෙසින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙද්දී SSC කණ්ඩායමේ දිනුර කළුපහන අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.
තරගවල කෙටි ලකුණු පුවරු
A කාණ්ඩය
Baduraliya CC සහ Police SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (49.0) ගීත් කුමාර 35, නලින් ප්‍රියදර්ශන 3/43, දිලුම් සුදීර 5/47
Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (58.2) හේෂාන් ධනුශ්ක 38, රශ්මික හිරුශාන් 57, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 29, හිමේෂ් රාමනායක 29, චානක කොමසාරු 2/72, චලන ද සිල්වා 5/61
Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 99 (34.5) අලංකාර අසංක 18, දිලුම් සුදීර 8/50, දිලීප ජයලත් 2/22
Police – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 9 (1.1)
Police කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
Chilaw MCC සහ Negombo CC අතර තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී.
Chilaw MCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 375 (110.0) අශාන් රන්දික 36, ලසිත් ලක්ෂාන් 94, කසුන් විදුර 21, ෂෙහාන් ජයසූරිය 52, පැතුම් කුමාර 34, චමෝද් සඳරු 20, තික්ෂිල ද සිල්වා නොදැවී 69, චනුර ප්‍රනාන්දු 3/69, හංසජ හිරුණ 2/70
තරගයේ විසඳුමක් නෑ.
Panadura SC සහ Ragama CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (44.5) දිනෙත් තිමෝද්‍ය 26, යොහාන් ලියනගේ 28, සංතුශ් ගුණතිලක 26, ගජිත කොටුවේගොඩ 27, මොහොමඩ් ඩිල්ශාඩ් 5/44, ඉම්තියාස් ස්ලාසා 3/51
Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (55.4) රමින්ද විජේසූරිය 43, රුමේෂ් බුද්ධික 25, ශාලිත් ප්‍රනාන්දු 52, ඉම්තියාස් ස්ලාසා නොදැවී 25, සංතුශ් ගුණතිලක 4/58, ශෂික දුල්ශාන් 4/75
Ragama – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 143 (34.1) යොහාන් ලියනගේ 25, රන්මිත් ජයසේන 24, සංජය චතුරංග 29, නිපුන් මාලිංග 41, මොහොමඩ් ඩිල්ශාඩ් 5/54, නිමේෂ් විමුක්ති 4/20
Panadura – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 91 (14.1) ඕෂද ප්‍රනාන්දු 28, ඉරෝෂ් සමරසූරිය 28, ශෂික දුල්ශාන් 3/29
Panadura කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Colts CC සහ ACE Capital CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
Colts – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 592 (120.4) රවිඳු රසාන්ත 244, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70, ධනංජය ලක්ෂාන් 63, කවිශ්ක අංජුල 33, රොෂාන් ජයතිස්ස 5/125
ACE Capital – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 213 (37.0) තනුක දාබරේ 99, සම්මු අශාන් නොදැවී 37, දනාල් හේමාන්නද නොදැවී 20, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/58
තරගයේ විසඳුමක් නෑ.
- දිලුම් සහ රවිඳු දවසේ වීරයන් වේ
- සහන් කෝසල 2 වැනි ශතකයත් වාර්තා කරයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් Mobile App එකක් මඟින්
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- වාර්තා එක පිට එක බිඳ දමමින් ඇෆ්ගන් – සිම්බාබ්වේ ටෙස්ට් ගැටුම නිම වෙයි
B කාණ්ඩය
Kandy Custom CC සහ SSC අතර තරගය බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී.
Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 424 (79.2) ෂෙහාන් ප්‍රනාන්දු 68, සහන් කෝසල 128, රොස්කෝ තට්ටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව නොදැවී 37, දිනුර කළුපහන 2/95, ප්‍රභාත් ජයසූරිය 4/160, කවිඳු නදීශාන් 3/71
SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 382 (97.0) සදීශ රාජපක්ෂ 51, දිමුත් කරුණාරත්න 73, ක්‍රිශාන් සංජුල 59, ශෙවෝන් ඩැලියෙල් 20, මනෝජ් සරත්චන්ද්‍ර 21, සසිඳු මල්ශාන් නොදැවී 78, දිනුර කළුපහන නොදැවී 50, සහන් අදීශ 2/87, සචිත්‍ර පෙරේරා 2/70
තරගයේ විසඳුමක් නෑ.
CCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (82.3) ඩිලාන් ජයලත් 30, අවිශ්ක පෙරේරා 106, ඇන්ජලෝ පෙරේරා 26, කෙවින් පෙරේරා 49, රාහුල් ගුණසේකර නොදැවී 24, චමත් ගෝමස් 22, ඉසුරු උදාන 2/26, සොනාල් දිනූෂ 2/55, චමිඳු විජේසිංහ 2/72, ධනංජය ද සිල්වා 4/72
CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 434 (88.0) ලසිත් කෲස්පුල්ලේ 150, මිනෝද් භානුක 28, ධනංජය ද සිල්වා 29, සොනාල් දිනූෂ 107, අංජල බණ්ඩාර නොදැවී 47, ඉසුරු උදාන 26, චාමිකර එදිරිසිංහ 3/130, තිලකරත්න සම්පත් 4/113
තරගයේ විසඳුමක් නෑ.
Kurunegala YCC සහ BRC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (82.0) රිසිර වීරසූරිය 99, දිනිරු අබේවික්‍රමසිංහ 35, මොවින් සුබසිංහ 27, ලහිරු ජයරත්න 2/53, දිනුශ්ක මාලන් 2/24, ඩිලංක අවර්ඩ්ට් 3/98
Kurunegala – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 168 (53.0) දිල්හාර පොල්ගම්පොළ 23, ගයන වීරසිංහ 60, සමීර සඳමාල් 35, අශන්ත බස්නායක නොදැවී 19, මාලින්ද පුෂ්පකුමාර 3/62, නවීන් ප්‍රනාන්දු 2/26
තරගයේ විසඳුමක් නෑ.
Tamil Union C & AC සහ NCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.
NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (61.4) නිරෝෂන් දික්වැල්ල 108, ලහිරු උදාර 39, කමිල් මිෂාර 23, කවින් බණ්ඩාර 44, දුශ්මන්ත චමීර නොදැවී 23, විහස් තෙව්මික 2/47, තරිඳු රත්නායක 2/76, විජයකාන්ත් වියස්කාන්ත් 3/45, නවෝද් පරණවිතාන 2/32
Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (68.2) නවෝද් පරණවිතාන 50, තුලින ඩිල්ශාන් 40, මොහොමඩ් ශමාස් 51, සිතාර හපුහින්න 21, තරුෂ ප්‍රනාන්දු 21, තරිඳු රත්නායක 38, දුශ්මන්ත චමීර 3/30, අසේල් සිගේරා 2/28
NCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 181 (45.0) නිරෝෂන් දික්වැල්ල 26, ලහිරු උදාර 29, කමිල් මිෂාර 33, අහන් වික්‍රමසිංහ 49, සහන් ආරච්චිගේ නොදැවී 31, තරිඳු රත්නායක 2/69, නවොද් පරණවිතාන 2/20, විහස් තෙව්මික 2/44
තරගයේ විසඳුමක් නෑ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<