ආබාධවලට පසුව මැතිව්ස් යළිත් පිටියට

912

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශයේ සහභාගීත්වයෙන් ලබන මස 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් සිය උපරිම ශාරීරික යෝග්‍යත්වයෙන් පසුවන බව වාර්තා වේ.

[rev_slider LOLC]

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් විශ්වාස කරන්නේ 2018 වර්ෂයේ දී ඔහුගේ ශරීරයේ පහළ අර්ධයේ පුනරුත්ථාපන (rehabilitation) ක්‍රියාවලිය හොඳින් සිදුවන නිසා ඔහුට ආබාධ සිදුවීමට ඇති ඉඩ ගිය වරට සාපේක්ෂව අවම බවයි.

ආයුබෝ වේවා මහරජාණෙනි…

“Chef” (අරක්කැමියා) ඒ‍ ජා‍ත්‍ය‍න්‍ත‍ර‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ ඔ‍හු‍ව‍ හැ‍ඳි‍න්‍වූ‍ සුරතල් නා‍ම‍ය‍යි‍. සු‍දු‍ ඇ‍ඳු‍මෙ‍න්‍ සැ‍ර‍සු‍න‍,…

පසුගිය වසර පුරාවට කලව සහ වළලුකර ප්‍රදේශවල ආබාධ ඇතිවීමෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය දැඩි පසුබෑමකට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට පෙර සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාගත් නමුත් බංග්ලාදේශයේ තුන්කොන් තරග සංචාරය අතරතුර ආබාධයකට ලක්ව ඔහු නැවත දිවයිනට පැමිණියේය.

බංග්ලාදේශයේ පැවති විස්සයි විස්ස තරගාවලියට පෙර පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව නායකත්වයේ වගකීම් භාර ගැනීමට ඔහු බලාපොරොත්තු විය. එහෙත් ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් ඔහුව තව සති කිහිපයක් විවේක ගන්වන ලෙස දන්වා ඇත. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඔහු නැවත පැමිණෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය ඔහු මේ වන විට හොඳින් පවත්වා ගෙන සිටියි.

සෑම තරගකරුවෙකුම බලා සිටින නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට මට හැකි වෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම ඉතා සතුටට පත්වන අතර සියලු ක්‍රීඩකයින්ට මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත. ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මේ තරගාවලිය ඉතාමත් හොඳ තරගාවලියක් වේවි.” යැයි 30 හැවිරිදි මැතිව්ස් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත.

පුහුණු කිරීම්, ව්‍යායාම කිරීමේ කාලසටහන සෑහෙන මට්ටමකින් වෙනස් වී ඇති අතර මට දැනෙන ආකාරයට මා හොඳින් සූදානම්. කෙසේ වෙතත්, මගේ ශරීරය ගැන මා නිරන්තරයෙන් අවධානයෙන් සිටින අතර මම මගේ ශරීරය පිළිබඳව අධ්‍යනය කරමින්  ඉන්නවා.” යැයි මැතිව්ස් තවදුරටත් ප්‍රකාශ කළේය.

විශේෂඥ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන විට මැතිව්ස් සුලු ආබාධයකට ලක්වී සිටි නමුත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය ඔහුගේ ක්‍රීඩාශීලිත්වය සමබර කිරීමට උත්සාහ කර ඇත. උපදේශකවරුන් පවසන පරිදි ඒ බව රඳා පවතින්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය මතයි. එසේම ඉදිරියේ දී පැවැත්වෙන නිදහස්‌ කුසලාන තරගාවලියට ඔහුගේ පැමිණීම විශේෂඥ පිතිකරුවෙක් ලෙස බව ඔහු පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<