10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පෙර දින (28) රාත්‍රියේ අවසන් වූ අතර එහි දී තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන්, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල් සුදුසුකම් ලබා ගත්තා.
තරගාවලියේ පළමු වටය අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුව
| Group 1 | Group 2 | |||||||||||||
| Teams | M | W | L | T | N | Pt | Teams | M | W | L | T | N | Pt | |
| 1 | ඕස්ට්‍රේලියාව | 5 | 5 | 0 | 0 | 0 | 10 | එංගලන්තය | 5 | 5 | 0 | 0 | 0 | 10 |
| 2 | ද. අප්‍රිකාව | 5 | 4 | 1 | 0 | 0 | 8 | බ.ඉ. කොදෙව් | 5 | 3 | 2 | 0 | 0 | 6 |
| 3 | ඉන්දියාව | 5 | 3 | 2 | 0 | 0 | 6 | ශ්‍රී ලංකාව | 5 | 3 | 2 | 0 | 0 | 6 |
| 4 | බංග්ලාදේශය | 5 | 2 | 3 | 0 | 0 | 4 | නවසීලන්ත | 5 | 2 | 3 | 0 | 0 | 4 |
| 5 | පාකිස්තානය | 5 | 1 | 4 | 0 | 0 | 2 | ස්කොට්ලන්තය | 5 | 1 | 4 | 0 | 0 | 2 |
| 6 | නෙදර්ලන්තය | 5 | 0 | 5 | 0 | 0 | 0 | අයර්ලන්තය | 5 | 1 | 4 | 0 | 0 | 2 |
- 29වැනි තරගය, 1 වැනි කාණ්ඩය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව, London හී Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – බංග්ලාදේශය
කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 117ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඉනිමේ තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
එම ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී දැවී ගිය ද ඊට පසු කඩුල්ලට එක් වූ Tazmin Brits සහ Annerie Dercksen පන්දු 52ක දී ලකුණු 59ක් එක් කරමින් තරගයේ ජයග්‍රහණයට අඩිතාලම දමනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Tazmin Brits ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
Annerie Dercksen ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Nahida Akter ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Sobhana Mostary. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායිකා Nigar Sultana පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Sharmin Akhter පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Nonkululeko Mlaba කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 117 (20.0) Sobhana Mostary 42, Sharmin Akhter 22, Nigar Sultana 32, Nonkululeko Mlaba 2/22
- දකුණු අප්‍රිකාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 118 (19.2) Tazmin Brits 20, Annerie Dercksen 45, Nahida Akter 2/24
පාකිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ වීරයා – Marizanne Kapp (දකුණු අප්‍රිකාව)
- එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- චමරි ආවේශ වෙයි, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක ජයක්
- එංගලන්තය අපරාජිත වෙද්දී දකුණු අප්‍රිකාව ඉන්දියාව පරාජය කරයි
- Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි
- ගියවර ශූරියෝ අමාරුවෙන් පළමු ජය ලබයි
30වැනි තරගය, 2 වැනි කාණ්ඩය, ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියාව, London හී Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ඉන්දියාව
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් කඩුලු 4ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරගයේ තවත් පන්දුවාරයක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
එම ජයග්‍රහණයේ නියමුවන් වූයේ Ellyse Perry සහ Ashleigh Gardner. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 100ක සබඳතතාවක් එක් කරනවා. එහි දී
Ellyse Perry පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ද සහ Ashleigh Gardner පන්දු 29ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Phoebe Litchfield පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Beth Mooney පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Shree Charani ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් Smriti Mandhana සහ Shafali Verma එක් ව පන්දු 55ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා. එහි දී Smriti Mandhana පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ද සහ Shafali Verma පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද ලබා සිටියා.
ඊට අමතර ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ Jemimah Rodrigues සහ Harmanpreet Kaur පන්දු 45ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරනවා. එහි දී Jemimah Rodrigues පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ Harmanpreet Kaur පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Sophie Molineux ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීයකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 128 (20.0) Smriti Mandhana 38, Shafali Verma 34, Jemimah Rodrigues 34, Harmanpreet Kaur 56, Sophie Molineux 2/46
- ඕස්ට්‍රේලියානුකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 172 (19.0) Beth Mooney 22, Phoebe Litchfield 24, Ellyse Perry 56, Ashleigh Gardner නොදැවී 53, Shree Charani 2/32
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Ellyse Perry (ඕස්ට්‍රේලියාව)
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ මස 30 වැනිදා ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ද සහ 2 වැනි අවසන් පූර්ව තරගය ජුලි මස 2 වැනිදා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ද පැවැත්වීමට නියමිත අතර එම තරග ද්විත්වය ම පැවැත්වෙන්නේ The Oval ක්‍රීඩාංගණයේ දී.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















