එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි

3197

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා ආරම්භ වේ. එම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරග දෙක වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ වන විට තෝරාගෙන ඇත. ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත..

පුහුණු තරග දෙකම දෙදින පුහුණු ක්‍රිකට් තරග වන අතර පළමු දෙදින තරගය කොළඹ එන්. සී. සී. පිටියේ දී ඔක්තොම්බර් මස 30, 31 පැවැත්වෙන අතර දෙවන පුහුණු තරගය නොවැම්බර් මස 1 හා 2 දෙදින සී. සී. සී පිටියේ දී පැවැත්වේ.

එංගලන්තය සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී නැවතත් ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය වෙන්කර ගත් කෞෂාල් සිල්වා හා ලහිරු කුමාර මෙම පුහුණු සංචිත දෙක වෙනුවෙන් නම් කර ඇති අතර ලහිරු කුමාර නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගී නොවූයේ ඔහුගේ වළලුකර ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙනි. නමුත් දැන් ඔහුගේ එම ආබාධය සම්පූර්ණ ලෙස සුව වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයෙන් ඉවත් කළ ඇන්ජලෝ මැතිව්ස් දෙරට අතර පැවැත්වෙන පළමු පුහුණු තරගය වෙනුවෙන් නම් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ද ඔහු ඇතුලත්ව සිටී.

තිසරගේ සටන්කාමි පිතිකරණය නිසා ශ්‍රී ලංකාව ලැජ්ජාවෙන් බේරේ

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවති එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (27) …

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මැදපෙළ පිතිකරුවෙක් වන රොෂේන් සිල්වා ද පළමු පුහුණු තරගයට නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට ඇතුලත්ව සිටී.  

පළමු පුහුණු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම – ලහිරු තිරිමාන්න (නායක), කෞශාල් සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජෙලෝ මැතිව්ස්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ලහිරු කුමාර, නිශාන් පීරිස්, ශෙහාන් මධුසංක, රොෂේන් සිල්වා, පැතුම් නිස්සංක.

දෙවන පුහුණු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම – ලහිරු තිරිමාන්න (නායක), කෞශාල් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ,  ශෙහාන් මධුසංක, නිශාන් පීරිස්, ලහිරු කුමාර, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර

තරග කාලසටහන,

  • 2018 ඔක්තොම්බර් 30,31 –  පළමු පුහුණු තරගය – එන්. සී. සී
  • 2018 නොවැම්බර් 1-2 – දෙවන පුහුණු තරගය – සී. සී. සී
  • 2018 නොවැම්බර් 6-10 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල
  • 2018 නොවැම්බර් 14-18 – දෙවන ටෙස්ට් තරගය – පල්ලෙකැලේ  
  • 2018 නොවැම්බර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය –  එස්. එස්. සී.

මේ තරගාවලියේ තරග වාර්තා, එසැණ තොරතුරු හා සේයාරූ, විශේෂ වීඩියෝ ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<