මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකට

245

කලකට පසුව වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් පිටිය තුළ ද්විත්ව ශතකයක් වාර්තා වූ අද (13) දිනය තුලත් පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම අවසන් වූ අතර තවත් තරග කිහිපයකම ආරම්භය සිදු විය. අද දිනයේ දී ද්විත්ව ශතකයක් ලබා ගත්තේ මලියදේව විද්‍යාලයේ සුපුන් සුමනරත්න (202) විසිනි.

අද නිමා වූ තරග අතුරෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය. ඊට අමතරව මලියදේව විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

හසරින්ද ශතකයකට යද්දී සඳකැලුම්ට අර්ධ ශතකයක්

අද (12) නිමා වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ඇලෝසියස්…

ධර්මපාල විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

ධර්මපාල විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 293ක් ලබා ගන්නා ලදි. පිළිතුරු පළමු ඉනිම දියත් කළ මලියදේව විද්‍යාලය වෙනුවෙන් සුපිරි ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සුපුන් සුමනරත්න සමත් වූ අතර ඒ නිසාවෙන් මලියදේව විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 383ක් ලබා ගන්නා ලදි. මුදිත ප්‍රේමදාස ලකුණු 60යි. චමිඳු සමරසිංහ කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ධර්මපාල දෙවන ඉනිම 251/5යි.

කුරුණෑගල වෙලගෙදර පිටියේ අවසන් වූ මෙම තරගය මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දෙමින් අවසන් විය.

ධර්මපාල විද්‍යාලය – 293 (62): අවිශ්ක හසරින්ද 101, මලිත් සඳකැලුම් 69, අශේන් එගොඩගේ 40, කවීන් බණ්ඩාර 4/66.

මලියදේව විද්‍යාලය  – 383 (84.3): සුපුන් සුමනරත්න 202, මුදිත ප්‍රේමදාස 60, දුලාජ් රණතුංග 46, චලුක අතපත්තු 21, චමිඳු සමරසිංහ 5/115, දිල්ශාන් ද සිල්වා 3/114.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම – 251/5 (41): මලිත් සඳකැළුම් 65, අමිල දයානායක 71, ලක්ෂිත පුරසිංහ 50*, දුලාජ් රණතුංග 3/73.


සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස හා ලුම්බිණි විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය නිමා වූයේ සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 2ක ජයක් හිමි කර දෙමිනි.

පළමු දිනය නිමා වන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණ 126යි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මන්තිල විජේරත්න හා දුලිප් ගුණරත්න පිළිවෙළින් ලකුණු 105*ක් හා ලකුණු 87ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වූයේ සාන්ත තෝමස් විද්‍යාල ඉනිම ලකුණු 280ක් දක්වා රැගෙන යමිනි. ඉන්පසුව පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 101ක් ලබා ගැනීමට තිබුණ ද එය ලබා ගැනීමට පවිත් රත්නායක අවසර දුන්නේ නැත.

ලුම්බිණි විද්‍යාලය – 179 (67.3): කෙවින් කෙමිත 43, ලකිඳු උපේන්ද්‍ර 38, ශැනොන් ප්‍රනාන්දු 6/33.

සාන්ත තෝමස් විද්‍යාලය  – 280/5d (59): මන්තිල විජේරත්න 105*, දුලිප් ගුණරත්න 87, මනීෂ රූපසිංහ 29, පසිඳු නදුන් 3/44.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 99 (32): සඳුනිල් සංකල්ප 24, පවිත් රත්නායක 4/23.

ආබාධවලට පසුව මැතිව්ස් යළිත් පිටියට

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශයේ සහභාගීත්වයෙන් ලබන මස 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් සිය උපරිම…

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය  

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාල පිටියේ නිමා වූ මේ තරගයෙන් ලකුණු 116ක ජයක් ලබා ගැනීමට සත්කාරක විද්‍යාලය සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය සිය මුල් ඉනිමට ලබාගත් ලකුණු 123ට පිළිතුරු ලෙස සහිරා විද්‍යාලය ලකුණු 130ක් ලබාගෙන පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්ත ද, සාන්ත අන්තෝනි විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 273ක් ලබාගෙන සහිරා විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නේය. ඩියෝන් ස්ටවුට්ර් ලකුණු 115යි. අවසානයේ සහිරා දෙවන ඉනිම ලකුණු 150කට සීමා විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිම්නක ජයතිලක තරගය පුරාවටම කඩුලු 12ක් දවා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 123 (28.2): සුනෙර ජයසිංහ 46, සසිත් හිරුදික 25, මොහොමඩ් කාලිඩ් 4/24.

සහිරා විද්‍යාලය – 130 (25.2): දිල්සර සමින්ද 24, කල්හාර සේනාරත්න 3/15, නිම්නක ජයතිලක 3/28.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 273/7d (36.5): ඩියෝන් ස්ටවුට්ර් 115, තීක්ෂණ ගුණසිංහ 71, සුනෙර ජයසිංහ 40, යසිත් නිර්මාල් 2/25.

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 150 (33): චතුර දිල්රුක්ෂණ 54, නිම්නක ජයතිලක 8/49.


ත්‍රිත්ව විද්‍යාලය හා ධර්මාසෝක විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවත් පළමු ඉනිම ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

ධර්මාසෝක විද්‍යාලය ලකුණු 150ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටු වන ලදි. රවිඳු රශාන්ත ලකුණු 40යි. ත්‍රිත්ව විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 222ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වූයේ ලකුණු 254ක් ඉලක්කයක් ධර්මාසෝක විද්‍යාලයට ලබා දෙමිනි. පුබුදු බණ්ඩාර හා හසිත බෝයගොඩ අගනා පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 96ක් හා ලකුණු 47ක් ලබා ගත්හ. ධර්මාසෝක දෙවන ඉනිමට දිනුක ඩිල්ශාන් අගනා අර්ධ ශතකයක් එක් කරන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය – 181 (41.4): ට්‍රේවොන් පර්සිවේල් 63, හසින්ත ජයසූරිය 33, දිනුක ඩිල්ශාන් 5/27, අකිල මෙන්ඩිස් 3/09.

ධර්මාසෝක විද්‍යාලය – 150/9d (50): රවිඳු රශාන්ත 40, ඉසුරින්ද මෙන්ඩිස් 36, රශ්මික නිමේශාන් 3/25, කවිෂ්ක සේනාධීර 3/27.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 222/5d (45.1): පුබුදු බණ්ඩාර 96, හසිත බෝයගොඩ 47, අකිල මෙන්ඩිස් 3/65.

ධර්මාසෝක විද්‍යාල දෙවන ඉනිම – 172/6 (55): දිනුක ඩිල්ශාන් 71, චමිඳු ඩිල්ශාන් 38, සචින් සදීප් 33, කවිශ්ක සේනාධීර 3/65, විමුක්ති නෙතුමල් 2/58.

ටෙස්ට් ජයග්‍රහණයට පසුව ඇර​ඹෙන T20 ජයත් ශ්‍රී ලංකාවට ද?

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා (15) ආරම්භ වන අතර එහි පළමු තරගය ඩකා හිදී…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 183ක් සිය පළමු ඉනිමට ලබාගත්තේ අංජන රුක්මාල්ගේ ලකුණු 69 සවියක් කරගෙනයි. වෙස්ලි විද්‍යාලය ලකුණු 72ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටු වූයේ ලකුණු 163ක ඉලක්කයක් ලබා දෙමිනි. සාන්ත ජෝසප් වාස් විද්‍යාල නායක නිපුන් දනංජය වේගවත් පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි.

මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස කැම්බල් පිටියේ දී නිමා වූයේ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

වෙස්ලි විද්‍යාලය  – 273 (76.1): මොවින් සුභසිංහ 82, හසිත් ගීසර 47, සකුන්ත ලියනගේ 33, තිසුරක අක්මීමන 30, බුද්ධිම විජේසුන්දර 28, නිපුන් දනංජය 6/74, අවිඳු ශෙහාර 3/66.

ජෝසප් වාස් විද්‍යාලය  – 183 (66.4): අංජන රුක්මාල් 69, තිලාන් ප්‍රදීප්ත 34, මොවින් සුභසිංහ 4/60.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 72/8d (29.4): හසිත් ගීසර 27,  නිපුන් දනංජය 4/24, ශෂාන් දිනෙත් 4/29.

ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 76/3 (11.2): නිපුන් දනංජය 52.


පළමු දිනයට පැවැත්වූ තරග

සාන්ත ජෝසප් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ පළමු දිනය තුල මිරංග වික්‍රමගේ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන ලදි. කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව පළමුව පන්දුවට පහර දී ලකුණු 144ක් සිය පළමු ඉනිමට රැස්කර ගත්තේය.

පිළිතුරු පළමු ඉනිම දියත් කරන සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් රෙවාන් කෙලී ලකුණු 75ක් ලබාගෙන සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජය ලබා දුන්නේය.

ආනන්ද විද්‍යාලය – 144 (51.3): ලක්ෂිත අමරසේකර 27, මිරංග වික්‍රමගේ 7/28.

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 181/7 (54): රෙවාන් කෙලී 75, ජෙහාන් ඩැනියල් 45, ශිවාන් රාසුල් 26, දමිඳු රේෂාන් 3/46.


ධර්මරාජ විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

තරගයේ පළමු දිනය තුළම සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගය සකසා ගත්තේය. ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 119 දිනය අවසානයේ දී සම කිරීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් විය. ධර්මරාජ විද්‍යාලයේ විරාජිත ඇහැළේපොළ ලකුණු 43යි.

ධර්මරාජ විද්‍යාලය – 119 (47): විරාජිත ඇහැළේපොළ 43, සුපුන් කාවින්ද 3/12.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 119/4 (46):

ආයුබෝ වේවා මහරජාණෙනි…

ඒ‍ ජා‍ත්‍ය‍න්‍ත‍ර‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ ඔ‍හු‍ව‍ හැ‍ඳි‍න්‍වූ‍ සුරතල් නා‍ම‍ය‍යි‍. සු‍දු‍ ඇ‍ඳු‍මෙ‍න්‍ සැ‍ර‍සු‍න‍, තරමක් තරබාරු සිරුරකින් හෙබි ඔ‍හු‍ දෙ‍ස‍ මොහොතක් බලා‍ සි‍ටී‍මේ‍ දී‍ ඒ‍ සු‍ර‍ත‍ල්‍ නාම‍යෙ‍හි‍…

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මාකඳුර මහජන ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  පළමුව පන්දු යවන ලදි. පළමු දිනය අවසන් වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලබාගෙන තිබුණි.

බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මාධව තත්සර ලකුණු 40යි. පන්දු යැවීමේ දී මහීෂ තීක්ෂණ හා ඉමේෂ ප්‍රනාන්දු කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

බණ්ඩාරනායක විද්‍යාලය – 174 (53): මාධව තත්සර 40, සහිරු රොෂේන් 30, මහීෂ තීක්ෂණ 5/61, ඉමේෂ් ප්‍රනාන්දු 5/48.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 95/7 (40): ශනික නිර්මාල් 41, ප්‍රභාෂ් අල්විස් 3/13.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ල හෙටත් (14) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<