දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ 

India A tour of Sri Lanka

2

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගය ජය පරාජයක් නොමැතිව (28) අවසන් වුණා.  

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 452ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා  A ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගන්නවා.  

ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ එම ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.  

ඔවුන් තරගයේ සිව් වැනි දිනය ආරම්භ කරන්නේ කිසිවෙක් නොදැවී ලකුණු 48ක් ලබා ගනිමිනුයි. එම ඉනිම වෙනුවෙන් Devdutt Padikkal පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ලබා ගන්නවා. ඊට අමතර ව Ayush Pandey පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 49කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහු පළමු පෙළ තරගවල කඩුලු 5ක් බැගින් දවා ගත් 24 වැනි අවස්ථාවයි. ඔහුට අමතර ව සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගන්නවා.  

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 312ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගය අවසන් වෙද්දී ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 66ක් පමණයි. වර්ෂාව හේතුවෙන් දවසේ වැඩි කාලයක් අතහැර දැමීමට සිදු වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පවන්ත වීරසිංහ. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.  

ඊට අමතර ව තරගය අවසන් වෙද්දී අශේන් බණ්ඩාර පන්දු 31ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 28ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී Auqib Nabi සහ Harsh Dubey කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • ඉන්දීයක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 452 (111.4) Sai Sudharsan 132, Aayush Pandey 25, Ruturaj Gaikwad 22, Dhruv Jurel නොදැවී 141, Shaik Rasheed 63, Harsh Dubey 30, චාමික ගුණසේකර 3/84, දිලුම් සුදීර 2/143 
  • ශ්‍රී ලංකාක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (101.4) නුවනිඳු ප්‍රනාන්දු 84, අශේන් බණ්ඩාර 70, සහන් ආරච්චිගේ 72, රවිඳු ප්‍රනාන්දු 22, Auqib Nabi 4/58, Yash Thakur 2/51, Harsh Dubey 2/84 
  • ඉන්දීයක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 189 (57.0) Ayush Pandey 38, Devdutt Padikkal 67, Shaik Rasheed 20, Harsh Dubey 29, දිලුම් සුදීර 5/49 
  • ශ්‍රී ලංකාක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 66 (14.3) පවන්ත වීරසිංහ 20 

තරගයේ විසඳුමක් නෑ. 

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් නිල නොලත් සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජුලි මස 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<