සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

Zimbabwe Tour of Sri Lanka 2024

703
Sri lanka 17 member odi squad names for zimbabwe

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් ‍යුතුව පත් වුනු නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ පළමු ශ්‍රී ලංකා සංචිතය මෙය වන අතර එහි නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා. කණ්ඩායමේ උප නායකත්වයට චරිත් අසලංක තෝරා ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් නිමා වූ එක්දින ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ ඉඩ නොලැබීම විශේෂත්වයක්. 

එම ක්‍රීඩකයින් වෙනුවට ලෝක කුසලාන වරම් නොලද අවිශ්ක ප්‍රනාන්දු, අකිල ධනංජය ජෙෆ්‍රි වැන්ඩසේ, සහන් ආරච්ච්ගේ වැනි ක්‍රීඩකයින් මෙම එක්දින සංචිතය ඇතුළත් වී තිබෙනවා. 

එමෙන්ම ආබාධයක් නිසා සැලකිය යුතු කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු වූ වනිඳු හසරංග ද නැවතත් කණ්ඩායම සමඟ එක් වී තිබෙනවා. 

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි; 

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්ච්ගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුශංක, දුශ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්, අකිල ධනංජය, ජෙෆ්‍රි වැන්ඩසේ  

තරගාවලිය එළඹෙන 06 වැනි දා සිට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරග ලෙසයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. 

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<