සිම්බාබ්වේ තරගාවලිය සඳහා මූලික ශ්‍රී ලංකා සංචිත නම් කරයි

Zimbabwe Tour of Sri Lanka 2024

1009

එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා මූලික සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහි දී මෙතෙක් කල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දැරූ දසුන් ශානක වෙනුවට එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව නිමා වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අතර මැද දී ශ්‍රී ලංකා නායකත්වයට පත් කුසල් මෙන්ඩිස් එළඹෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

නම් කරන ලද මූලික එක්දින සංචිතයට හිටපු නායක දසුන් ශානකගේ නම ද ඇතුළත්. එමෙන්ම නිමා වූ එක්දින ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්ච්ගේ, ජනිත් ලියනගේ, අකිල ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්‍රි වැන්ඩසේ යන ක්‍රීඩකයින් ද මෙම මූලික සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයක්.

මේ අතර විස්සයි විස්ස සංචිතයේ නායකත්වය ආබාධයකින් පසු නැවත කණ්ඩායම සමඟ එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින වනිඳු හසරංග හට හිමි වී තිබෙනවා. මූලික එක්දින සංචිතයට ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස මූලික සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඊට අමතරව එක්දින සංචිතයේ ඉඩ විවර නොවූ ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ භානුක රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද විස්සයි විස්ස සංචිතයේ දොර විවර වී තිබෙනවා.

එමෙන්ම මෙම සංචිත දෙකේ ම උපනායක වගකීම චරිත් අසලංක හට හිමි වීමත් විශේෂත්වයක්.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිත මෙසේයි;

මූලික එක්දින සංචිතය;

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්ද, සදීර සමරවික්‍රම, සහන් ආරච්ච්ගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුශංක, දුශ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික ගුණසේකර

විස්සයි විස්ස සංචිතය;

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ

තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නිල සංචිත ද්විත්වයම මෙම මූලික සංචිතවලට ඇතුළත් වූ ක්‍රීඩකයින්ගෙන් තෝරා ගනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapar.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<