මලිදේවය දැවැන්ත පරාජයක් ලබමින් තරගාවලිය නිමා කරයි

270

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ කාණ්ඩය යටතේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය, සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) තරග වැදුණු අතර ලකුණු 43-19ක් ලෙස සහිරා ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.

රාජකීයයින් තෙවැනි වරටත් රග්බි පිටියේ බලය තහවුරු කරගනී

අතිශය තරගකාරී මුහුණුවරක් ගත් 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගවාරය, ඉතා සාර්ථක අවසානයක් කරා රැගෙන යාමට….

තරගයට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අවතීර්ණ වූයේ සැහැල්ලු නමුත් තරමක ආවේගකාරී අන්දමකින් ය. සහිරා විද්‍යාලය ඉක්මනින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුබස්වමින් ලකුණු රැස් කිරීමට තැත් කළ ද ඔවුන් හට මලියදේවයින් යම් අභියෝගයක් එල්ල කරනු දක්නට ලැබුණි. මිනිත්තු පහළොවක් පමණ ගත වන තෙක් කිසිවෙකුට උත්සාහක දිනුමක් හෝ වෙනත් කිසිදු ආකාරයක ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. 

තමන්ගේ ගෝල රේඛාව වෙත උපායශීලීව ළඟා වීමට සහිරාවන් සමත් වූ අතර විනිසුරු ලබා දුන් වාසියකින් ප්‍රයෝජනය ගනිමින් මොහොමඩ් මිර්සාන් දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය අබ්දුල් සලාම්ගේ පාදයෙන් සාර්ථක විය. (සහිරා 07 – 00 මලියදේව)

මේ අතරතුර දී සිදු කළ දෝෂයක් හේතුවෙන් කහ කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් වීමට සහිරා ක්‍රීඩක ඉමාද් ශේන් හට සිදු විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අවම වෙමින් තිබූ කාලයේ අගය වටහා ගනිමින් හැකි තරම් සිය ශක්තිය යොදවමින් ගෝලය ආක්‍රමණය කිරීමට මලියදේව විද්‍යාලය වෙහෙස වූ අතර කිසිදු අත්වැරදීමකට ඉඩ නොතබමින් සහිරාවන්ට වාසියක් සිදු වීමට ඉඩක් සැලසුවේ නැත. 

සහිරා ආරක්ෂක පෙළ වළක්වමින් ගෝලය වෙත පැන උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරගයේ තිස් දෙවන මිනිත්තුවේ දී කවීන් දහනක සමත් වූ අතර එහි ප්‍රවර්තනය නායක කෞෂල්‍ය ගුණවීරගේ පාදයෙන් සාර්ථක ලෙස එල්ල විය. (සහිරා 07 – 07 මලියදේව)

සහිරා ක්‍රීඩක මොහොමඩ් නෆීස් මලියදේවයින්ට නොදැනෙන පරිදි වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සිය කණ්ඩායමට දෙවන උත්සාහක දිනුම ද අත්කර දීමට සමත් විය. මෙහි ප්‍රවර්තනය ද නිවැරදිව එල්ල කිරීමට අබ්දුල් සලාම් සමත් විය. 

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 14 – 07 මලියදේව විද්‍යාලය

දෙවන අර්ධයේ දී දෙපිළම පිටියට පිවිසියේ ක්‍රීඩක සංයුතියේ සිදු කරන ලද වෙනස්කම් කිහිපයක් ද සහිතවයි. 

නැවත වතාවක් තමන් සතු ශක්තිය විදහා පාමින් ගෝල රේඛාවට ඉතා ඉක්මනින් ළඟා වූ සහිරාවන් හට උත්සාහක දිනුමක් අත ළඟ තිබිය දී ගිලිහී ගියේ ඔවුන් සිදු කළ දෝෂයක් නිසාවෙනි. 

ප්‍රතිවාදී ආරක්ෂක බැමි මායිම් නොකර ගොස් අබ්දුල් සලාම්ගේ ප්‍රවර්තනයෙන් හැඩ වුනු සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ෆස්ලත් ෆවුමි සමත් වූයේ ඉන්පසුවයි. (සහිරා 21 – 07 මලියදේව)

අවසන් මොහොතේ ධර්මරාජ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය මේ වන විට අවසන් සතියට පැමිණ ඇත. මහනුවර කිංග්ස්වුඩ්….

මේ අතරවාරයේ දී සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් කහ කාඩ් පතක් ලබා තාවකාලිකව පිටියෙන් ඉවත් වීමට සහිරා විද්‍යාලයේ සුපිරි ක්‍රීඩක දිල්ෂාන් මාන්නප්පෙරුම හට සිදු විය. 

මලියදේව ක්‍රීඩකයින් තරගය පුරාවට සිදු කළ අත්වැරදීම් ප්‍රමාණය අවම වූ නමුත් සහිරා කණ්ඩායම ඔවුන්ට වඩා ශාරීරික යෝග්‍යතාවය අතින් ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුණි. ලකුණු පිපාසාවෙන් පෙලුණු සහිරා ක්‍රීඩකයින් යුහුසුලුව නැවතත් තම ගෝලය වෙත ප්‍රතිවාදීන්ව පසුබස්වමින් ඇදුණු අතර මෙම අවස්ථාවේ දී මලියදේව ක්‍රීඩකයින්ව අන්දමන්ද කරවමින් සූක්ෂමව ඔවුන් අතරින් රිංගා ගොස් මනරම් උත්සාහක දිනුමක් වාර්තා කළේ අබ්දුල් සලාම් විසිනි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබීය. (සහිරා 28 – 07 මලියදේව)

වේගයෙන් පිටියේ විසිර යමින් පන්දුව මනා ලෙස එකිනෙකා අතර හුවමාරු කරගනිමින් තවත් වරක් තම ගෝලය දෙසට මලියදේව ක්‍රීඩකයින් ඇදුණේ කෙසේ හෝ ප්‍රතිවාදීන් සමඟ තිබූ ලකුණු පරතරය අඩු කර ගැනීමේ අරමුණ ඇතිවයි. ප්‍රමුජිත් පියරත්න මෙවර සිය කණ්ඩායම වෙත උත්සාහක දිනුමක් හිමිකර දුන් අතර එහි ප්‍රවර්තනය කෞෂල්‍ය ගුණවීර සාර්ථක කර ගනු ලැබුවා. (සහිරා 28 – 14 මලියදේව)

තරගය අවසන් වීමට තවත් මිනිත්තු විස්සක් පමණ ඉතිරිව තිබූ අතර මලියදේව විද්‍යාලයට තරගයේ ජයග්‍රහණයට ළඟා වීම සඳහා කාලයෙන් අභියෝගයක් එල්ල වෙමින් පැවතිනි. තමන්ට ජයග්‍රහණයේ පහස පෙනෙන මානයේ තිබුණ ද පෙර පැවති ජවය ගිලිහී නොගිය වගක් පෙන්නුම් කරමින් සහිරා ක්‍රීඩකයින් පිටියේ හැසිරුණු අතර අබ්දුල් සලාම් සුපිරි ධාවනයක යෙදෙමින් සිය කණ්ඩායම වෙත ඉක්මනින් ඔවුන්ගේ ගෝලය වෙත යාමට ඉඩ සැලැස්විය. 

කන්ද උඩරට සිංහයින්ට වෙස්ලි ක්‍රීඩකයින්ගෙන් ප්‍රහාරයක්

අද (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතා කාණ්ඩයේ අවසන් තරගය…

මලියදේව ක්‍රීඩකයින් සහිරාවන් වෙත ලකුණු රැස් කිරීමට එරෙහිව කොතෙකුත් හරස් වූවද එය ගණනකට නොගත් මොහොමඩ් නෆීස් සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කළේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තවත් තහවුරු කරමිනි. අබ්දුල් සලාම් මෙවර ප්‍රවර්තනයේ දී අසාර්ථක වූ නමුත් ඉන් ඔවුන්ගේ ලකුණු පුවරුවට දැඩි බලපෑමක් එල්ල වූයේ නැත. (සහිරා 33 – 14 මලියදේව)

තරගය තවදුරටත් අත්නොහැර සිටිමින් මලියදේව ක්‍රීඩක ප්‍රමුජිත් පියරත්න සිය දෙවන උත්සාහක දිනුම මෙහි දී රැස් කළ අතර ගුණවීරගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත.

ඉන්පසුව ක්‍රියාත්මක වූ තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ කිසිදු පිළකට තමන්ගේ ලකුණු පුවරුව ඉහළ දැමීමට ඉඩක් නොලැබුණු අතර සටන්කාමී සහිරා විද්‍යාලයට ජය හිමි කර දෙමින් තරග අවසන් විය.

අවසන් ලකුණු තත්වය: සහිරා 33 විද්‍යාලය – 19 මලියදේව විද්‍යාලය

තරගයේ වීරයා: අබ්දුල් සලාම් (සහිරා විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම

  • සහිරා විද්‍යාලය: අබ්දුල් සලාම් 1T 4C,  මොහොමඩ් මිර්සාන් 1T, මොහොමඩ් නෆීස් 2T, ෆස්ලත් ෆවුමි 1T
  • මලියදේව විද්‍යාලය: ප්‍රමුජිත් පියරත්න 2T, කෞෂල්‍ය ගුණවීරගේ 2C, කවීන් දහනක 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<