ශ්‍රී ලංකා නැගී එන තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

557
Sri Lanka Emerging tour of England 2022

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ Hampshire කණ්ඩායම අතර පසුගිය 13 වැනිදා ආරම්භ වුනු සිව්දින තරගයේ තෙවැනි දිනය මුළුමනින්ම වර්ෂාවට සේදී ගියා.

Southampton හිදී පැවැත්වෙන මේ තරගයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 281කට පිළිතුරු දෙමින් සිටි Hampshire කණ්ඩායම කඩුලු 5ක් බිඳ දැවී ලකුණු 252ක් ලබාගෙන සිටියා.

තෙවැනි දිනයේ ආරම්භයේ පටන් ඇදහැළුණු අධික වර්ෂාව නිසාවෙන් අද දිනය තුල එකඳු හෝ පන්දුවක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර Hampshire කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමට වඩා තවමත් ලකුණු 29ක් පසුපසින් සිටිනවා.

දිනය අවසන් වන විට Whiteley සහ Albert දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගෙන පිළිවෙළින් ලකුණු 69*ක් සහ ලකුණු 55*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන සිව්දින තරග දෙකේ පළමු තරගය Kent ප්‍රාන්ත කණ්ඩායම සමඟ පසුගිය දා ක්‍රියාත්මක වුනු අතර එම තරගය ජය පරාජයෙන් තොරවට නිමාවට පත්වුනා.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 281 (86.1): සන්තුෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අශේන් ඩැනියල් 21, John Turner 5/31, Harry Petrie 3/48.

Hampshire පළමු ඉනිම (තෙවැනි දිනය අවසානයේ) – 252/5 (91): Toby Albert 69*, Fletcha Middleton 64,Ross Whiteley 55*, Tom Prest 35, ධනංජය ලක්ෂාන් 2/43, උදිත් මදුශාන් 2/73, දිලුම් සුධීර 1/40.

මේ තරගයේ සිව්වන සහ අවසන් දිනය හෙට (16) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<