එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව වැඩ අල්ලයි

එංගලන්තයේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 2019/20

107

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) දින සෙන්චූරියන් හිදී නිමා වූයේ සත්කාරක දකුණු අප්‍රිකාවට ලකුණු 107 ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය…

තවත් දිනයක් ඉතිරිව තිබිය දී එංගලන්ත අවසන් ඉනිමේ අවසන් කඩුලු 7 ක් ලකුණු 64 ක් තුළ දවා ගැනීමට සමත් වෙමින් දකුණු අප්‍රිකානුවෝ මෙම ජයග්‍රහණයට හිමිකම් කිව්වෝය. ඒ සමඟම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලෝක ටෙස්ට් ශූරතාවයේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඔවුන් මීට පෙර එම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව සමඟ තරග 3 කට සහභාගී වූ අතර එම තරගාවලිය අවසන් වූයේ 3-0 ක පරාජයකිනි.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 284 ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්තය තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 181 ක් පමණි. 

ලකුණු 103 ක පළමු ඉනිමේ වාසියක් සමඟ තම දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ එවර සියලු දෙනා දැවී ලකුණු 272 ක් රැස් කළහ. ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹා ගිය සංචාරක එංගලන්ත ක්‍රීඩකයන්ට තම දෙවැනි ඉනිමේ දී රැස්කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 268 ක් පමණි. 

තරගයේ වීරයා ලෙසින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ 27 හැවිරිදි වමත් පිතිකරු ක්වින්ටන් ඩි කොක් නම් කෙරුනි. ඔහු තම කණ්ඩායමේ පළමු ඉනිමේ දී පන්දු 128 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සමඟ ලකුණු 95 ක් රැස්කර ගත්තේය. ඊට අමතර ව දෙවැනි ඉනිමේ දී පන්දු 37 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 34 ක් රැස්කර ගත්තේය. කඩුල්ල පිටුපස සිටිමින් ද දක්ෂතා දැක්වූ ඩි කොක් පළමු ඉනිමේ දී දවා ගැනීම් 6 කට ද දෙවැනි ඉනිමේ දී දවා ගැනීම් 2 කට ද තම දායකත්වය දැක්වූයේය. 

බෝල්ට් නැති අඩුව මකන්නට සමර්විල්

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක විල් සමර්විල් ඕස්ට්‍රේලියාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතයට කැඳවීමට…

ඔහුට අමතර ව තරගයේ දක්ෂතා දැක්වූවන් අතර මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 30 හැවිරිදි ඉදිරිපෙළ දකුණත් පිතිකරු රසී වැන් ඩර් ඩූසන් ද විය. ඔහු තම කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී පන්දු 67 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමඟ ලකුණු 51 ක් රැස්කර ගැනීමට සමත් විය. එය එම ඉනිමේ හොඳම පෞද්ගලික ඉනිම ද විය. 

ඊට අමතරව පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූවන් අතර පෙරමුණ ගැනීමට එංගලන්තයේ ජොෆ්රා ආචර් සමත් විය. දකුණතින් වේගපන්දු යවන ආචර් ලකුණු 102 කට කඩුලු 5 ක් දවා ගනිමින් තම දක්ෂතාව දැක්වීය.  

Video – ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා වූ පළමු ශ්‍රී ලාංකිකයා – කුමාර් සංගක්කාර

2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර්…

මෙම තරගයේ දී රසී වැන් ඩර් ඩූසන් ට අමතරව දකුණු අප්‍රිකාව වෙනුවෙන් 30 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යවන ඩ්වේන් ප්‍රිටෝරියස් ද මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි මස 03 වැනිදා කේප් ටවුන් හිදි ආරම්භ වීමට නියමිතය. 

දකුණු අප්‍රිකාව : පළමු ඉනිම සියලු දෙනා දැවී 284 (84.3) ඒඩ්න් මාක්‍රම් 20, සුබයිර් හම්සා 39, ෆෆ් ඩු ප්ලෙසිස් 29, ක්වින්ටන් ඩි කොක් 95, ඩ්වේන් ප්‍රිටෝරියස් 33, වර්නන් ෆිලැන්ඩර් 35, ස්ටුවට් බ්‍රෝඩ් 4/58, සෑම් කරන් 4/58.  

එංගලන්තය : පළමු ඉනිම සියලු දෙනා දැවී 181 (53.2) ජෝ ඩෙන්ලි 50, ජෝ රූට් 29, බෙන් ස්ටෝක්ස් 35, සෑම් කරන් 20, වර්නන් ෆිලැන්ඩර් 4/16, කගිසෝ රබාඩා 3/68, අන්රිච් නෝචර් 2/47.  

දකුණු අප්‍රිකාව : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 272 (61.4) ඩීන් එල්ගා 22, ෆෆ් ඩු ප්ලෙසිස් 20, රසී වැන් ඩර් ඩූසන් 51, අන්රිච් නෝචර්  40, ක්වින්ටන් ඩි කොක් 34, වර්නන් ෆිලැන්ඩර් 46, කගිසෝ රබාඩා නොදැවී 16, ජොෆ්රා ආචර් 5/102, බෙන් ස්ටෝක්ස් 2/22. 

එංගලන්තය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 268 (93) රෝරි බර්න්ස් නොදැවී 84, ඩොමිනික් සිබ්ලි 29, ජෝ ඩෙන්ලි 31, ජෝ රූට් 48, ජොස් බට්ලර් 22, කගිසෝ රබාඩා 4/103, ඇන්රිච් නොට්ජේ 3/56. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<