KL Rahulගෙන් තවත් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2187

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරගාවලි හතරක ලකුණු 600 සීමාව පසු කළ පළමු පිතිකරුවා බවට පත්වීමට Lucknow Super Giants නායක KL Rahul පසුගිය දා සමත් වුනා.

Royal challengers Bangalore සමඟ පැවති තරගයේ පන්දු 58ක දී ලබා ගත් ලකුණු 79 සමඟින් මෙම කඩඉම පසු කිරීමට ඔහුට හැකිව තිබුණා.

ඔහු මෙම තරග වාරයේ තරග 15ක් තුළ ලකුණු 661ක් ලබා ගත් අතර මීට පෙර ඔහු 2021 තරග වාරයේ ලකුණු 626ක්, 2020 තරග වාරයේ ලකුණු 670ක් සහ 2018 තරග වාරයේ ලකුණු 659ක් ලබා ගැනීමට සමත් වුනා.

Rahulට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle සහ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner තුන් වතාවක් ලකුණු 600 සීමාව පසු කර තිබුණා.

මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයේ දී Royal Challengers Bangalore සමඟ පැවති තරගයෙන් ලැබූ ලකුණු 14ක පරාජය නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට Lucknow Super Giants ක්‍රීඩකයින්ට සිදු වුනා.

එම ජයග්‍රහණයෙන් පසුව Royal Challengers Bangalore ක්‍රීඩකයින් අද (27) Royal Challengers සමඟින් දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට මුහුණ දීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<