Home Sinhala ටෙස්ට් ඉනිම් 12කට පසු මැතිව්ස්ගෙන් ශතකයක්

ටෙස්ට් ඉනිම් 12කට පසු මැතිව්ස්ගෙන් ශතකයක්

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

1873

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (15) Chattogram හිදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මැතිව්ස්ගේ ශතකයෙන් සවිමත් වුනු ශ්‍රී ලංකාව පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබාගෙන සිටියා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.

බංග්ලාදේශය – Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque (Captain), Mushfiqur Rahim, Litton Das, Shakib Al Hasan, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Khaled Ahmed.

පැතුම් නිස්සංක (ආබාධයක්) සහ ලහිරු තිරිමාන්න (පුද්ගලික හේතුවක්) තරගාවලියට ඇතුළත් නොවන නිසා නායක කරුණාරත්න සමඟ ආරම්භක පිතිකරු ලෙස ඕෂද පිටියට අවතීර්ණ වුනා.

ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 23කට සීමා කරමින් ලකුණු 9ක් ලබාගෙන සිටි කරුණාරත්නව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන Nayeem සමත් වුනා.

අනතුරුව ඕෂද සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් යම් ස්ථාවරත්වයක් ගොඩනංවා ගත් මෙන්ඩිස් ලකුණු 43ක සබඳතාවයක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එකතු කළ නමුත්, දිවා ආහාරයට මිනිත්තු 10කට පෙර Nayeemගේම පන්දුවක් හමුවේ ලකුණු 36ක් ලබාගෙන සිටි ඕෂද දැවී ගියා. පන්දු 76ක දී ගොඩනැංවුණු ඕෂදගේ ඉනිමට 4 පහර 3ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

දිවා ආහාරයට පසුව ක්‍රියාත්මක වුනු සැසිය තුල දුර්වල පන්දු හඳුනා ගනිමින් කුසල් සහ මැතිව්ස් ඉතාමත් හොඳින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූවා.

මැතිව්ස් ලකුණු 38ක් ලබාගෙන සිටිය දී Taijul යොමු කළ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදුණු බවට බංග්ලාදේශ ක්‍රීඩකයින් විසින් ඉල්ලීමක් කළා.

එහි දී විනිසුරු Sharfuddoula එය දැවී යාමක් බවට තීරණය කළ නමුත්, වහාම ක්‍රියාත්මක වූ මැතිව්ස් එම තීරණය නැවත පරීක්ෂා කිරීමට (DRS) තෙවැනි විනිසුරු වෙත යොමු කළ අතර එහි දී ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් බව තහවුරු වුනා. ඒ අනුව දෙවැනි සැසිය තුල ශ්‍රී ලංකාව කිසිවෙක් නොදැවී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වුනා.

තේ පානයට පසුව ක්‍රියාත්මක කෙරුණු පළමු පන්දුවෙන්ම ලකුණු 54ක් ලබාගෙන සිටි කුසල්ගේ කඩුල්ල දවා ගැනීමට Taijul  සමත් වීමත් සමඟම මැතිව්ස් සහ කුසල් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 92 සබඳතාවය බිඳ වැටුණා. සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි සහ නොකඩවා ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත් කුසල් මේ ඉනිම ගොඩනැංවීමේ දී 4 පහර 3ක් එල්ල කළා.

සාමාන්‍යයෙන් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරන ධනංජය මේ තරගයේ දී අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ අතර ඔහුගේ ඉනිම ලකුණු 6කට සීමා කිරීමට Shakib සමත් වුනා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවන් දෙදෙනා වන මැතිව්ස් සමඟින් එක්වුණු චන්දිමාල් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 148ක් තුල නොදැවුණු ලකුණු 75*ක සබඳතාවයක් ගොඩනංවමින් නැවත වරක් ශ්‍රී ලංකා ලකුණු සටහනට සාර්ථක අඩිතාලමක් ගොඩනැගුවා.

පළමු දිනය නිමා වන විට මැතිව්ස් 4 පහර 14ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 213ක දී නොදැවී ලකුණු 114*ක් ලබාගෙන සිටින අතර පන්දු 77කට මුහුණ දී සිටින චන්දිමාල් 6 පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 34*ක් ලබාගෙන සිටිනවා.

සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි ශතකය ලබා ගත් මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම් 12කට පසුව නැවතත් ශතකයක් ලබාගෙන කණ්ඩායමේ සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට සමත් වීම කැපී පෙනුණා. දකුණතින් පිට දඟපන්දු යවන Nayeem ලකුණු 71කට කඩුලු 2ක් දවා ගන්නා විට, Taijul සහ Shakib එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමු දිනය අවසන් වන විට බංග්ලාදේශය සතු විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ අවස්ථාවන් (DRS) 3න් 2ක් දිනයේ පළමු සැසිය තුලම ඔවුන් අහිමි කර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවන් 2ක් ඉතිරිව තිබෙනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම (පළමු දිනය නිමා වන විට) – 258/4 (90): ඇන්ජලෝ මැතිව්ස්  114*, කුසල් මෙන්ඩිස් 54, ඕෂද ප්‍රනාන්දු 36, දිනේෂ් චන්දිමාල් 34*, Nayeem Hasan 2/71.

නිමාවුණු ඉන්දීය තරග සංචාරයේ දී සුරංග ලක්මාල් විශ්‍රාම ගැනීම නිසාවෙන් හිස්වූ ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙන අතර අසිත සහ විශ්ව ප්‍රනාන්දු මේ තරගයේ ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා වෙනවා.

ඊට අමතරව නායක දිමුත් කරුණාරත්නගේ ආරම්භක පිතිකරණ සඟයා ලෙස ඕෂද ප්‍රනාන්දු නැවතත් කණ්ඩායමට පැමිණ තිබෙන අතර ඇඟිල්ලේ ආබාධය සුවවීමට පසුව තුන් ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමේ සිය ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නිත්‍ය පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්න 4ක් සමඟ පළමු ටෙස්ට් තරගයට මුහුණ දෙනවා. පළමු ටෙස්ට් තරගයේ ආරම්භයට දින කිහිපයකට ඉහත දී COVID-19 පරීක්ෂණයක (PCR) ප්‍රතිඵලයක් ධනාත්මක වූ වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Shakibගේ දෙවැනි PCR පරීක්ෂණය සාමාන්‍ය වීම නිසා ඔහු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් වරට 2018 වසරේ දී මේ Chattogram ක්‍රීඩාංගණයේ දී එකිනෙකා සමඟ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ශතක 5ක් සමඟ ලකුණු 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වුනා.

කෙසේ නමුත් තරග 17ක් ජයග්‍රහණය කර තිබෙන ශ්‍රී ලංකාවට දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩි වාසිය හිමිවෙන අතර බංග්ලාදේශය එක් ටෙස්ට් තරගයක් ජයගෙන තිබෙනවා.

මේ තරගයේ දෙවැනි දිනය හෙට (16) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි. මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once