ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සඳහා මූලික පුහුණු සංචිතයක්

340

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එක්තරා රූපවාහිනීමය වැඩසටනක් සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා නැගී එන සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම් සවිමත් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව අදහස් පළ කර සිටියා. එයට අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සඳහා මූලික පුහුණු සංචිතයක් මේ වන විට නම් වී තිබෙනවා.

එය එසේ සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීම/ තේරීම සඳහා මෙන්ම සිය ස්ථාන සඳහා ක්‍රීඩකයින් අතරම වැඩි තරගකාරීත්වයක් නිර්මාණය කිරීම ද අරමුණු කරගෙනයි. 

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හෝ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමක් ගෙවී ගිය මාස 15ක ආසන්න කාලය තුල කිසිදු ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වී නොමැති අතර එයට ප්‍රධානතම හේතුව වුනේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තියයි. 

ඒ අනුව මේ තෝරාගත් ශ්‍රී ලංකා නැගී එන මූලික පුහුණු සංචිතයේ සියලුම ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ ඊයේ (19) සිදු කරමින් ඔවුන්ව එක් සංචිතයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ තිබෙන උසස් දස්කම් වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ සිටින පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ පුහුණු කිරීම ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. 

තවද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අද (20) සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඉන්දියානු ක්‍රිකට් ආයතනය එක්ව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියක් එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ද සූදානම් කරමින් තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මූලික පුහුණු සංචිතය – Ashain Daniel, Amshi De Silva, Chamika Gunasekara, Charith Asalanka, Dhananjaya Lakshan, Ishan Jayaratne, Janith Liyanage, Lahiru Udara, Kalana Perera, Kalhara Senaratne, Kamil Mishara, Maheesh Theekshana, Nuwan Thushara, Sammu Ashan, Mohammad Shiraz, Nimesh Vimukthi, Nishan Madushka, Nishan Peiris, Nuwanidu Fernando, Pavan Rathnayake, Pramod Maduwantha, Sachindu Colombage, Sadeera Samarawickrama, Shashika Dulshan, Sahan Arachchige, Saminda Fernando, Sangeeth Cooray

*කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සංචිතය තවමත්  නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<