Shakib හා Mustafizur නිරෝධායනයෙන් නිදහස්

151

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හා වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman නිරෝධායන කාලසීමාව හමාර කර බංග්ලාදේශ එක්දින කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා. බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (18) Sher-e-Bangla ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් ආරම්භ කළා.

IPL තරගාවලියට සහභාගී වූ Shakib හා Mustafizur පසුගිය මැයි 6 වැනිදා නැවත බංග්ලාදේශයට පැමිණියා. ඔවුන් දෙදෙනා දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට නියමිත වුනත් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව දින 12කට අඩු කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Nizamuddin Chowdhury පවසා සිටින්නේ ඔවුන් දෙදෙනා නිරෝධායන කාලසීමාව අවසන් කළ වහාම බංග්ලාදේශ කණ්ඩායමේ ජෛව ආරක්‍ෂිත පරිසරයට (Bio Bubble) සම්බන්ධ වූ බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පසුගිය අඟහරුවාදා (18) පුහුණුවීම්වලට වාර්තා කර තිබෙනවා. බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය මැයි 23, 25 හා 28 දා පැවැත්වීමට නියමිතයි.

“මම හිතන්නේ නැහැ Shakib හා Mustafizur ගොඩක් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියා කියලා. මොකද ඔවුන් IPL තරගාවලියට සහභාගි වුනු නිසා. නමුත් ඔවුන් දිගු කාලයක් නිරෝධායනයේ සිටියා. ඔවුන්ට තියෙන අත්දැකීම් සියල්ල එක්ක නැවත සුපුරුදු දස්කම් අතරට එන්න ගොඩක් කල් යන එකක් නැහැ. ඔවුන් පුහුණු තරගයත් ක්‍රීඩා කරයි. මම හිතන්නේ ඒ සුදානම ඔවුන්ට ඇති වෙයි” බංග්ලාදේශ තේරීම් කමිටු ප්‍රධානි Minhajul Abedin පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මැයි 16 වැනිදා බංග්ලාදේශයට ළඟා වූ අතර දින තුනක නිරෝධායනයෙන් අනතුරුව ඔවුන් අද (19) සිය පුහුණුවීම් ආරම්භ වීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<