අළුබඳුන සඳහා ප්‍රේක්ෂකයන්ට වරම් හිමි වන ලකුණු

159

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සාම්ප්‍රදායික අළුබඳුන ක්‍රිකට් තරගාවලිය පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වය යටතේ මෙම වසර අග දී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

එංගලන්ත කාන්තා සහ පිරිමි කණ්ඩායම් හී ඉදිරි තරග සංචාර කාලසටහන ඊයේ (19) නිවේදනය කළ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ඉදිරි සංචාර සඳහා විදෙස් නරඹන්නට අවසර ලබා දීමේ දී රජයේ උපදෙස් පිළිපදින බවයි.

තරග පහකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය Brisbane හීදීත්, දෙවැනි තරගය දිවා/ රාත්‍රී තරගයක් ලෙස Adelaide හිදීත් පැවැත්වෙන අතර සාම්ප්‍රදායික Boxing Day තරගය Melbourne ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගාවලියේ සිව්වැනි සහ අවසාන තරග Sydney සහ Perth ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඕස්ට්‍රේලියාව අවසාන වශයෙන් සීමිත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඉන්දියානු ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට කටයුතු කළ නමුත් එම තරගාවලිය 2-1ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු වුනා.

කෙසේ නමුත් කොරෝනා වසංගතය නිසා එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සියලු අත්‍යවශ්‍ය නොවන ගුවන් ගමන් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.

“2020-21 කාලසීමාවේ දී ආරක්ෂිත තරගාවලියක් සාර්ථකව ලබා දීමෙන් උගත් පාඩම් අපට ලබා ගත හැකි දේවල් පිළිබඳව විශ්වාසයක් ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුත් අළුබඳුන තරගාවලියක් සඳහා අප එංගලන්ත ප්‍රේක්ෂකයන් නැවතත් පිළිගැනීමට සූදානම් ඔවුන්ගේ ගායන සහ ක්‍රීඩාශිලීත්වය සමඟ. ඇත්ත වශයෙන් ජාත්‍යන්තර තරගාවලි/ සංචාර සඳහා අවශ්‍ය සියලූම කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජය අපට මගපෙන්වනවා” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරි Nick Hockley ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ පුහුණු තරග කාලසටහන ද ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

මීට අමතරව එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ජනවාරි 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් ද ඇතුළත් වේ.

“2022 වසර අපගේ කාන්තා කණ්ඩායමට ඉතාමත් හොඳ වසරක් වෙයි. අළුබඳුන තරගාවලිය, නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නිසා 2022 අප කණ්ඩායමට සුවිශේෂී වසරක් වෙන්න පුළුවන්” එංගලන්ත ක්‍රිකට් බලධාරි Tom Harrison ප්‍රකාශ කර සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2019 වසරේ පැවති අළු බඳුන කණ්ඩායම 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවසන් තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.

තරගාවලි කාලසටහන,

අළුබඳුන තරගාවලිය – පිරිමි 

  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 8-12: Gabba, Brisbane
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 16- 20: Adelaide Oval, Adelaide (දිවා/රාත්‍රී)
  • තෙවැනි ටෙස්ට් තරගය- දෙසැම්බර් 26-30: Melbourne Cricket Ground, Melbourne
  • සිව්වැනි ටෙස්ට් තරගය- ජනවාරි 5-9: Sydney Cricket Ground, Sydney
  • පස්වැනි ටෙස්ට් තරගය- ජනවාරි 14-18: Optus Stadium, Perth

අළුබඳුන තරගාවලිය- කාන්තා 

  • ටෙස්ට් තරගය – ජනවාරි 27-30: Manuka Oval, Canberra
  • පළමු විස්සයි විස්ස තරගය- පෙබරවාරි 4: North Sydney Oval
  • දෙවැනි විස්සයි විස්ස තරගය- පෙබරවාරි 6: North Sydney Oval
  • තෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 10: Adelaide Oval
  • පළමු එක්දින තරගය- පෙබරවාරි 13: Adelaide Oval
  • දෙවැනි එක්දින තරගය- පෙබරවාරි 16: Junction Oval, Melbourne
  • තෙවැනි එක්දින තරගය- පෙබරවාරි 19: Junction Oval, Melbourne

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<