කුසල් ජනිත් පෙරේරා තුන්කොන් තරගාවලියෙන් ඉවතට

2228

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුළු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මේ වන විට බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉතිරි තරග කිහිපය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (21) මිර්පූර් හිදී පැවති තරගය අතරතුර පන්දුවට පහර දෙමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්වී ඇත.

තිසරගේ සරණින් ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තුව ඉහළට

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන කොට ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට…

“වෛද්‍යවරුන් උපදෙස් දුන්නා කුසල් ජනිත්ව විවේක ගන්වන ලෙසට. ඒ නිසා ඔහුට මේ තරගාවලියේ ඉදිරි තරග කිහිපය අහිමි වෙනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින ලදී.

[rev_slider LOLC]

ඒ අනුව ඔහුගේ ස්ථානයට ඉදිරිපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ඇතුළත් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද පාදයේ සුළු ආබාධයකට ලක්වීම නිසා නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණ ඇති අතර ඒ අනුව ඔහුට ද මෙම තරගාවලියේ ඉතිරි තරග කිහිපය අහිමි වනු ඇත. කෙසේ නමුත් බංග්ලාදේශ තරග සංචාරයේ ඉතිරි තරගාවලි සඳහා ඔහුගේ සහභාගීත්වය වෛද්‍ය නිර්දේශ මත තීරණය වනු ඇත.

තුන්කොන් තරගාවලියේ පළමු වටය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (25) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<