කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ සංචිත නිකුත් කරයි

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

292

ශ්‍රී ලංකා ජාතික මට්ටමේ මෙන්ම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලිවල ඉහළම මට්ටමේ තරගාවලිය වන “කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලිය” මෙම මස 16 වැනිදා BRC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Blues, Greys, Greens සහ Reds යන කණ්ඩායම් හතරේ සහභාගීත්වය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංචිතයන් අද (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ අත්දැකීම් තිබෙන සත්‍යා සංදීපනී (SLC Blues), හර්ශිතා සමරවික්‍රම (SLC Greys), කවීෂා දිල්හාරි (SLC Greens) සහ නිලක්ෂි ද සිල්වා (SLC Reds) මේ කණ්ඩායම් 4 නායිකාවන් ලෙස කටයුතු කරනවා.

කණ්ඩායම් සංචිත මෙසේයි,

SLC Blues – සත්‍යා සංදීපනී (නායිකාව), සුගන්ධිකා කුමාරි (උප නායිකාව), සචිනි ද සිල්වා, ලිහිණි අප්සරා, සඳුනි නිසංසලා, අමා කාංචනා, හිරුනි හංසිකා, සංසලා වනිගසේකර, සකුණි විජේසිංහ, ලංකා මෙන්ඩිස්, තරුෂි රාජකරුණා, හෂිනි ලියනගේ, පූර්නිමා ප්‍රනාන්දු, රන්දි ප්‍රේමරත්න, රෝෂිනි පෙරේරා, මෙලනි අබේසිංහ (ප්‍රධාන පුහුණුකාරිණිය), ලංකා ද සිල්වා (පුහුණු උපදේශක), ඉනෝකා ගලගෙදර (කණ්ඩායම් කළමනාකාරිණිය),

SLC Greys – හර්ශිතා සමරවික්‍රම (නායිකාව), අචිනි කුලසූරිය (උප නායිකාව), ඉමල්කා මෙන්ඩිස්, ශිකාරී නුවන්තා, හංසිමා කරුණාරත්න, සඳුනි ද සිල්වා, කෞශිනි නුත්‍යංගනා, මල්ෂා රත්නායක, නිලක්ෂනා සඳමිණි, ඉනෝෂි ප්‍රනාන්දු, නිපුනි ජයසිංහ,  ඉනෝකා රණවීර, ශෂිනි ප්‍රනාන්දු, කෞශල්‍යා ජයවර්ධන, සඳනි තිවංකා, චාමිකා බණ්ඩාර (ප්‍රධාන පුහුණුකාරිණිය), රුමේෂ් රත්නායක (පුහුණු උපදේශක), රන්දිකා ගල්හේනගේ (කණ්ඩායම් කළමනාකාරිණිය)

SLC Greens – කවීෂා දිල්හාරි (නායිකාව), අනුෂ්කා සංජීවනී (උප නායිකාව), හසිනි පෙරේරා, ජනදි අනාලි, පියුමි වත්සලා, රශ්මි සිල්වා, සවින්දි කුරේ, අමාධි විජේසිංහ, ශලනි දසනයාක, දහමි සනුත්මා, චමරි ලක්ෂානි, නිමේෂා මදුශානි, මලකි මදාරා, උදේශිකා ප්‍රබෝධනී, සුලේෂා සත්සරණී, හිරූක ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකාරිණිය), දිනුක් හෙට්ටිආරච්චි (පුහුණු උපදේශක), දීපිකා සුබසිංහ (කණ්ඩායම් කළමනාකාරිණිය)

SLC Reds – නිලක්ෂි ද සිල්වා (නායිකාව), මල්ෂා ශෙහානි (උප නායිකාව), මෙත්මා හෙට්ටිආරච්චි, මදාරා සමරකෝන්, කේ. කේ. සුරන්ති, නවෝද්‍යා නෙත්මි, හිරුෂි පීරිස්, රෂිනි පෙරේරා, ශානිකා සත්‍යන්ගි, ප්‍රසාදිනී වීරක්කොඩි, සචිනි නිසංසලා, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, තරුෂි නිලූෂා, ලසන්ති මදුශානි (ප්‍රධාන පුහුණුකාරිණිය), මලින්ද වර්ණපුර (පුහුණු උපදේශක), Rozanne Theile (කණ්ඩායම් කළමනාකාරිණිය)

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන එන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<