ප්‍රධානතම දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

156

ශ්‍රී ලංකා ජාතික මට්ටමේ මෙන්ම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලිවල ඉහළම මට්ටමේ තරගාවලිය වන “කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලිය” මෙම මස 16 වැනිදා BRC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Blues, Greys, Greens සහ Reds යන කණ්ඩායම් හතරේ සහභාගීත්වය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර මෙම තරගාවලිය සඳහා  ජාතික තලයේ සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන බැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම මට්ටමේ ජාතික තරගාවලිය ලෙසින් ද මෙම තරගාවලිය හඳුන්වා දීමට හැකියි.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන 25 වැනිදා BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන එන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<