පළමු ආසියානු සහය දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 21ක්

2024 Asian Relay Championship

116
2024 Asian Relay Championship
dav

පළමු වරට පැවැත්වීමට නියමිත ආසියානු සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) තායිලන්තය බලා පිටත් වී ගියා.

ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මෙවර තරගාවලියේ දී කාන්තා සහ පිරිමි මීටර් 100×4 සහ 400×4 ඉසව් සඳහා මෙන්ම, මිශ්‍ර මීටර් 400×4 ඉසව්ව සඳහා ද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් පසු වනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටි මීටර් 100×4 ක්‍රීඩිකා අමාශා සිල්වා ආබාධයක් නිසා මෙන්ම, මීටර් 400×4 කණ්ඩායම් සාමාජික හර්ෂ කරුණාරත්න අසනීප තත්වයක් නිසා තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දුන්නා. එමෙන්ම මෙම තරග සමයේ ශ්‍රී ලංකාවේ විශාලතම ධාවන බලාපොරොත්තුවක් වූ තරුශි කරුණාරත්න ද කාන්තා සහ මිශ්‍ර 400×4 ඉසව් සඳහා සහභාගී වීමට නියමිත ව සිටියත්, ඇය ද අසනීප තත්වයක් නිසා තරගාවලියට සහභාගී නොවනු ඇති.

මෙවර සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් මෙසේයි;

පිරිමි මීටර් 100×4

RP කවිඳු චතුරංග, දිනෙත් ඉඳුවර, චමෝද් යෝදසිංහ, චානුක ධර්මකීර්ති, DPH ගම්ලත් සහ දිනෙත් සේනානායක (අතිරේක)

කාන්තා මීටර් 100×4

ශෆියා යාමික්, රුමේශිකා රත්නායක, දිනාරා බණ්ඩාර, අනුරුද්ධිකා මුතුකුමාරණ, දිලුශානි සිල්වා සහ මේදනී ජයමාන්න (අතිරේක)

පිරිමි මීටර් 400×4

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, දිනුක දේශාන්, පසිඳු කොඩිකාර, පබසර නිකූ සහ ඉසුරු ලක්ෂාන් (අතිරේක)

කාන්තා මීටර් 400×4

නදීශා රාමනායක, රුමේශිකා රත්නායක, L සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු, ශෆියා යාමික්

තායිලන්තය බැංකොක් හිදි පැවැත්වීමට නියමිත පළමු වැනි ආසියානු සහය දිවීමෙ ශූරතාවලිය එළඹෙන සඳුදා සහ අඟහරුවාදා (20 සහ 21) දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ශූරතාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<