පසිඳු සහ රමේෂ් කැපී පෙනෙන දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

288

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි සතියේ දෙවැනි දිනය වූ අද (12) දවස අවසන් වන විට මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

ඔවුන් දෙදෙනා එක්ව කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව සිව්වැනි කඩුල්ල සඳහා මේ දක්වා පන්දු 473ක දී ලකුණු 288ක නොබිඳුණ සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.

මීට පෙර මෙම ලැයිස්තුවේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණේ කෝල්ට්ස් කණ්ඩායමේ අවිශ්ක පෙරේරා සහ හෂාන් දුමිදු එක්ව කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව දෙවැනි කඩුල්ලට රැස් කරන ලද ලකුණු 284යි.

මෙම ගමනේ දී පෙර දින නොදැවී ලකුණු 73ක් රැස් කරගෙන සිටි පසිඳු සූරියබණ්ඩාර අද වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කරන විට පන්දු 244කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 168ක් වාර්තා කරගත්තා. එමෙන්ම අද ඔහු ලකුණු 30ක් රැස් කරගැනීමත් සමඟ මෙවර තරගාවලියේ 1000 වැනි ලකුණ වාර්තා කිරීමට සමත් වුනා. ඔහු මේ වන විට ක්‍රීඩා කරමින් සිටින්නේ තම 15 වැනි ඉනිමයි. ඔහු මෙම ලකුණු වාර්තා කිරීමේ දී ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් වාර්තා කර තිබෙනවා.

මෙවර තරගාවලියේ මීට පෙර රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුශ්ක ලකුණු 1000 සීමාව පසු කළ අතර පසිඳුගේ මෙම ඉනිමත් සමඟ ඔහු එහි දෙවැනි ස්ථානය හිමි කරගත්තා.

එමෙන්ම පෙර දින නොදැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටි මුවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් මෙම තරගාවලියේ රැස් කරන ලද තෙවැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා. ඔහු පන්දු 250කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් මේ වන විට නොදැවී ලකුණු 121ක් වාර්තා කරගෙන සිටිනවා.

ඒ සමඟින් ඔහු වැඩිම ලකුණු රැස් කරගත් පිතිකරු ලැයිස්තුවේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණෙමින් පස්වැනි අසුන හිමි කරගැනීමට සමත් වුනා.

මේ අතර කලුතර කණ්ඩායමේ සාරංග රාජගුරු, නාවික හමුදාවේ අදීශ නානායක්කාර, හලාවත මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුර, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ චානක විජේසිංහ සහ සචිත්‍ර පෙරේරා අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යවන්නන් අතරින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දනුශ්ක සඳරුවන් සමත් වුනා. මීගමුව කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන දනුශ්ක නාවික හමුදාවට එරෙහිව ලකුණු 56කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළම දක්ෂතාවයි.

ඊට අමතරව පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති බදුරලිය කණ්ඩායමට එරෙහිව අද තවත් එක් කඩුල්ලක් දවා ගනිමින් පෙර දින දවා ගත් කඩුලු 4ත් සමඟින් කඩුලු 5ක් දවා ගත් අය අතරට එක් වුනා.

මේ අතර ගාල්ල සහ ලංකන් කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ අද දවසේ පන්දුවක් හෝ යැවීමට නොහැකි වෙමින් නතර කිරිමට සිදුවුනා. එමෙන්ම  බ්ලූම්ෆීල්ඩ් සහ Ace කැපිටල් අතර දොඹගොඩ දී පැවැති තරගයේ අද දවසටම ක්‍රීඩා කර ඇත්තේ පන්දුවාර 3.3ක් පමණයි.

Group A

කලුතර සහ BRC අතර මග්ගොන Surry ක්‍රිකට් පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 237 (54): දුශාන් හේමන්ත නොදැවී 53, තිලකරත්න සම්පත් 42, ලහිරු සමරකෝන් 46, සචින්ත පීරිස් 37, ඩිලාන් ජයලත් 20, තෙමාල් බණ්ඩාර 4/68, ඉෂාන් අබේසේකර 2/51, සාරංග රාජගුරු 2/44.
  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 239 (81.4): සාරංග රාජගුරු 53, චතුර පීරිස් 41, මාධව නිමේෂ් 20, සවන් කංකානම්ගේ 32, ඉෂාන් අබේසේකර නොදැවී 21, තිලකරත්න සම්පත් 4/67, සචින්ත පීරිස් 3/67, දුශාන් හේමන්ත 2/46.
  • BRC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 54 (18): ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 23, මෝදිත රණතුංග නොදැවී 23.

කුරුණෑගල යූත් සහ මුවර්ස් අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී

  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 464 (125): පසිඳු සූරියබණ්ඩාර නොදැවි 168, රමේෂ් මෙන්ඩිස් නොදැවී 121, දිනුක ඩිල්ශාන් 77, සොහාන් ද ලිවේරා 88.

ලංකන් සහ ගාල්ල අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ලංකන් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 167 (90): ඉසිවර දිසානායක නොදැවී 48, ගීත් කුමාර 31, දමිත සිල්වා 26, යසිරු රොද්‍රිගෝ 22, චතුර ලක්ෂාන් 3/46, Raghu Sharma 4/53.

පොලිසිය සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පොලිස් ක්‍රීඩාංගණයේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 405 (124): ඉරෝෂ් සමරසූරිය 103, හර්ෂ රාජපක්ෂ 79, චානක විජේසිංහ නොදැවී 80, සචිත්‍ර පෙරේරා 72, සුපුන් මධුශංක 2/57.

රාගම සහ CCC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 112 (37.4): තෙවිඳු දික්වැල්ල 26, ජනිත් ලියනගේ 21, සොනාල් දිනූෂ 4/44, අසිත ප්‍රනාන්දු 3/16.
  • CCC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 119 (42.2): ලසිත් අබේරත්න නොදැවී 53, චමිඳු විජේසිංහ 41, ශෂික දුල්ශාන් 4/38.

SSC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය SSC ක්‍රීඩංගණයේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 314 (82): සචිත ජයතිලක නොදැවී 98, ඉෂාන් රංගන නොදැවී 79, රයන් ප්‍රනාන්දු 25, විශාල් සිල්වා 36, සශ්‍රීක පුස්සෙගොල්ල 38, නිසල තාරක 3/74.

Group B

බ්ලූම්ෆීල්ඩ් සහ Ace කැපිටල් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 190 (61.3): Hasnain Bokhari 41, අශාන් ප්‍රනාන්දු 30, ලහිරු මධුශංක 38, හර්ෂ විතාන නොදැවී 38, මලිත් ද සිල්වා 2/64.

පානදුර සහ බදුරලිය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී

  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (87.4): දුනිත් ජයතුංග 77, රනේෂ් සිල්වා 58, අනුක් ප්‍රනාන්දු 46, මලිඳු මදුරංග 30, තමිඳු වික්‍රමාරච්චි නොදැවී 26, නිමේෂ් විමුක්ති 5/98, කොෂාන් දනුශ්ක 3/43.
  • පානදුර – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 56 (14): ශනුක දුලාජ් නොදැවී 21.

මීගමුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 162 (47.3): අදීශ නානායක්කාර 64, රශ්මික මෙවන් 45, සවින් ගුණසේකර නොදැවී 23, දනුශ්ක සඳරුවන් 6/56, ඩිල්ශාන් මුණවීර 2/08.
  • මීගමුව – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 111 (33): අශේන් සිල්වා 36, ඩිල්ශාන් මුණවීර 23, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 20, දිමුත් සඳරුවන් 20, නවින් කවිකාර 2/44, ඩිලංක අවර්ඩ්ට් 3/31.

NCC සහ හලාවත මේරියන්ස් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 304 (64.5): ජොහාන් ද සිල්වා 60, සඳුන් වීරක්කොඩි 51, අහන් වික්‍රමසිංහ 31, කවින් බණ්ඩාර 29, අම්ෂි ද සිල්වා 29, ලසිත් ඇඹුල්දෙණිය 46, නිපුන් රන්සික 20, රජිඳු පුංචි හේවා 3/23, පුලින තරංග 2/45, ලසිත් ලක්ෂාන් 4/135.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 159 (41): කසුන් විදුර 81, ලසිත් ඇඹුල්දෙණිය 4/49, අශේන් ඩැනියෙල් 2/55, නිපුන් රන්සික 2/11.
  • NCC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 17 (3):

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සැරසන්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 117 (48): දුශාන් විමුක්ති 22, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 35, නිපුන් කරුණානායක නොදැවී 22, ගයාන් සිරිසෝම 3/40.

ටැමිල් යුනියන් සහ නුගේගොඩ අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී

  • ටැමිල් යුනියන් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 427 (93): සදීර සමරවික්‍රම 151, නවෝද් පරණවිතාන 147, සංතුශ් ගුණතිලක නොදැවී 48, රොන් චන්ද්‍රගුප්ත 22, රවිඳු ප්‍රනාන්දු 27, Karan Kaila 3/122.

මෙම තරග සියල්ලම හෙට (13) තෙවැනි සහ අවසන් දිනයට ආරම්භ වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<