ශ්‍රී ලංකා ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය කියන කතා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2135

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා තීරණාත්මක වූ තරගයෙන් අවසන් පන්දුවාරයේ බංග්ලාදේශය පරදවා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

2018 වසරේ පැවති නිදහස් කුසලාන තරගාවලියේ සිට සිදු වූ යම් සිදුවීම් කිහිපයක් නිසාවෙන් දෙරට අතර තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර මෙම තරගය ද ආරම්භ වීමට පෙර සිටම බොහෝ උණුසුම් සිදුවීම් දක්නට ලැබුණා.

මාධ්‍ය සාකච්ඡාවල දී මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද තරගය ආරම්භ වීමට පෙර සිටම දැඩි උණුසුම් සිදුවීම් කිහිපයක් සිදු වූ අතර තරගය අවසන් වීමෙන් පසු ද එවැනි දෑ සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වුනා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරකයෙකු වන රසල් අනෝල්ඩ් තරගයෙන් පසුව Twitter සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

එමෙන්ම  CricTracker වෙබ් අඩවිය විසින් 2018 වසරේ නිදහස් කුසලානයේ දී සිදු වූ සිදුවීමක් සහ ඊයේ තරගයේ සිදු වූ ඒ හා සමාන සිදුවීමක් එක් කර ඡායාරූපයක් නිකුත් කර තිබුණා.

ඉන්දීය විස්තර විචාරක Harsha Bhogle මෙම තරගය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තරගය තුළ බොහෝ හැරීම් සිදු වූ බවයි.

එම තරගයේ දී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ Sanjay Manjrekar බංග්ලාදේශ කණ්ඩායම ලබා දුන් තරගය පිළිබඳව අගය කර තිබුණා.

හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සිය කණ්ඩායමේ තියුණු ජයට සුබ පැතුම් එක් කර තිබෙනු දක්නට ලැබුණා.

පිතිකරුවෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කළ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අගය කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය Twitter සටහන තබා තිබුණේ මෙලෙසයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරක Farveez Maharoof හොඳ තරගයක් ලබා දීම පිළිබඳව කණ්ඩායම් ද්විත්වයටම ස්තුති කර තිබුණා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග ද සිය සුබ පැතුම් එක් කර තිබුණේ Twitter ගිණුම ඔස්සේයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දත්ත විශ්ලේෂකයෙකු වන Prad Navaratnam ද තරගයෙන් පසුව උණුසුම් Twitter සටහනක් තබා තිබුණා.

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය මෙම තරගය ජය ගත් ඊයේ (01) රාත්‍රිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන දිනයක් වන අතර එම ජයත් සමඟ සුපිරි 4 දෙනාගේ වටයේ ඉඩක් වෙන් කරවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ශ්‍රී ලංකාව සුපිරි 08 වටයේ දී හෙට (03) නැවතත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත අතර ඔවුන් 06 වැනිදා ඉන්දියාව සමඟින් සහ 09 වැනිදා පාකිස්තානය හෝ හොංකොං කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිතයි.

මෙම තරගාවලියේ තරග තොරතුරු මෙන්ම පිටියෙන් පිටත තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<