Home Sinhala ලහිරු, වනිඳු සහ කුසල් කුසලානයට පාර කියයි

ලහිරු, වනිඳු සහ කුසල් කුසලානයට පාර කියයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

230

7 වැනි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ, කුසලාන වටයේ සුපිරි කණ්ඩායම් 12ට පැමිණීමට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සිටිමින් එහි ප්‍රමුඛයා බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (22) අබුඩාබි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ නෙදර්ලන්තය සමඟ තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එම ස්ථානය තව දුරටත් තහවුරු කර ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිම පන්දු 60ක් තුළ ලකුණු 44කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. එම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගත්තේ පන්දු 43ක් තුළ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ ලහිරු කුමාර, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දක්ෂතා දැක්වූ අතර පන්දුවට පහර දීමේ දී කුසල් පෙරේරා සුපුරුදු දක්ෂතා අතරට පිවිසියා.

අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කමක් සිදු කරමින් තරග බිමට පිවිසීම කැපී පෙනුණා. මෙතෙක් අංක 3 පිතිකරු ස්ථානයේ දුර්වල ඉනිම් නිමා කළ දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් චරිත් අසලංක ලෝක කුසලානයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් Roelof van der Merwe, Logan van Beek  සහ Timm van der Gugten වෙනුවට Ben Cooper, Paul van Meekeren, Brandon Glover නම් කර තිබුණා.

කණ්ඩායම් දෙකේ එම වෙනස්කම් ද සමඟින් පිටිය මැද ඉහළ ගිය කාසිය බිම වැටුණේ ශ්‍රී ලංකාවට වාසිය ගෙන දෙමින්. ඒ අනුව දසුන් ශානකගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කිරීමයි.

  • ශ්‍රී ලංකා කණ්ඩායම; දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් පෙරේරා (කඩුලු රකින්නා), චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග. දුෂ්මන්ත චමීර, මහීෂ් තිත්ෂණ, ලහිරු කුමාර
  • නෙදර්ලන්ත කණ්ඩායම; Pieter Seelaar (නායක),  Max ODowd, Stephan Myburgh, Ben Cooper, Colin Ackermann, Bas de Leede, Scott Edwards (කඩුලු රකින්නා), Ryan ten Doeschate, Fred Klaassen, Paul van Meekeren, Brandon Glover

ඒ අනුව නෙදර්ලන්ත ඉනිම ආරම්භ කළේ Stephan Myburgh සහ Max Odowd එක්වයි. ඔවුන්ගේ සබඳතාව පළමු පන්දුවාරයේ දී ම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනේ Odowd දුවද්දී දවා ගැනීමට හසු කර ගනිමින්. ඒ වෙද්දී ඔවුන් රැස් කරගෙන සිටියේ ලකුණු 3ක් පමණයි.

අනතුරුව දෙවැනි කඩුල්ලට ලකුණු 16ක් එක් වෙද්දී අංක 3 පිතිකරු Ben Cooper දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා. Cooper පන්දු 8ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා. එම පන්දුවාරයේ දී ම ආරම්භක පිතිකරු Myburghගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 5ක් පමණයි.

ඉනිමේ 5 වැනි පන්දුවාරය යැවූ වනිඳු හසරංග ද ප්‍රතිවාදී කඩුලු 2ක් පන්දු 3ක් තුළ දවා ගනිමින් නාය යන නෙදර්ලන්ත ඉනිම තවත් අමාරුවේ දැම්මා. එහි දී නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Colin Ackermann (11) සහ Bas de Leede (0) වනිඳුට ගොදුරු වූවා. ඒ වෙද්දී නෙදර්ලන්ත ඉනිම කියැවුණේ පන්දුවාර 5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 32ක් ලෙසයි.

එතැනින් නතර නොවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නැවත නැවතත් නෙදර්ලන්ත ක්‍රීඩකයෝ අමාරුවේ දැම්මේ, ගත් ගැම්ම ඒ ආකාරයෙන් ම රඳවා ගනිමින්. ඉන් අනතුරුව කඩුලු 2ක් පන්දු 12ක් තුළ දවා ගැනීමට ඔවුන් සමත් වුනා. ඒ සඳහා ඔවුන් ලබා දුන්නේ ලකුණු 8ක් පමණයි.

දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අතර බෙදී ගිය ඒ කඩුලු දෙකේ හිමිකාරයන් වූයේ Roelof van der Merwe (0) සහ නායක Pieter Seelaar (2).

ඉන් අනතුරුව යැවුණ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඉතිරි කඩුලු 3 ද දවා ගනිමින් නෙදර්ලන්ත ඉනිම අවසන් කිරීමට ලහිරු කුමාර සමත් වුනා.

කඩුලු රකින ක්‍රීඩක Scott Edwards (8), Brandon Glover (0) සහ Paul van Meekeren (0) පහසුවෙන් ම පිටියෙන් ඉවත් කෙරුණ අතර ඉනිම අවසන් වන විට Fred Klaassen නොදැවී ලකුණක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු කුමාර ලකුණු 7කට කඩුලු3ක් ද, වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණට කඩුලු 2ක් හිමි වූ අතර දුෂ්මන්ත චමීර කඩුල්ලක් දවා ගත්තා.

පහසු ලකුණු 45ක ඉලක්කයක් හඹා යෑමට සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා යි. පෙර තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ පැතුම්ට මෙම තරගයේ දී එවැන්නක් කිරීමට ප්‍රතිවාදීන් ඉඩ දුන්නේ නැහැ.

Brandon Gloverගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙන් පැතුම්ගේ ඉනිම පන්දු 5කින් නිමා වුනා. ඔහුට කිසිදු ලකුණක් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන් ඉඩ දුන්නේ නැහැ. පැතුම් ඉනිම හැර යන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 7ක් ලෙසයි.

අනතුරුව පිටියට පිවිසියේ චරිත් අසලංකයි. අංක 3 පිතිකරු ස්ථානය තව දුරටත් ශ්‍රී ලංකාවට අපලයක් වෙමින් චරිත්ගේ ඉනිම ද කෙටි වුනා. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 6ක් පමණයි. ඊට පන්දු 10ක් වැය ව තිබූ අතර හතරේ පහරක් ද එහි තිබුණා. මේ වමත් පිතිකරුවන් දෙදෙනා අතර සබඳතාව පන්දු 25ක දී එක් වූ ලකුණු 24ක්.

පහසු ඉලක්කයක් කරා යන ගමනේ නව පිතිකරු වුනේ අවිශ්ක ප්‍රනාන්දු. ඔහු සහ කුසල් එක් ව තරගය ජයග්‍රහණයෙන් නිමා කළේ ඉනිමේ 8 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී. තරගය නිමා වන විට කුසල් පෙරේරා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටි අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී Brandon Glover සහ Paul van Meekeren අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

නෙදර්ලන්තය; සියලුම දෙනා දැවී 44 (10) Colin Ackermann 11, මහීෂ් තීක්ෂණ 2/03, ලහිරු කුමාර 3/07, වනිඳු හසරංග 3/09

ශ්‍රී ලංකාව; කඩුලු 2ක් දැවී 45 (7.1) කුසල් පෙරේරා නොදැවී 33

තරගයේ වීරයා; ලහිරු කුමාර

සුපිරි කණ්ඩායම් අතර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙසින් බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පෙළ ගැසී සිටිනවා.

එම තරගවල උණුසුම් තොරතුරු සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනෙකුත් තරගවල ද උණුසුම් තොරතුරු  ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Netherland
44/10 (10)

Sri Lanka
45/2 (7.1)

Batsmen R B 4s 6s SR
Stephan Myburgh b Maheesh Theekshana 5 5 1 0 100.00
Max O’Dowd run out (-Select-) 2 3 0 0 66.67
Ben Cooper b Maheesh Theekshana 10 8 2 0 125.00
Colin Ackermann lbw b Wanidu Hasaranga 11 9 1 1 122.22
Bas de Leede lbw b Wanidu Hasaranga 0 3 0 0 0.00
Scott Edwards lbw b Lahiru Kumara 8 13 1 0 61.54
Roelof van der Merwe c Kusal Perera b Dushmantha Chameera 0 3 0 0 0.00
Pieter Seelaar lbw b Wanidu Hasaranga 2 6 0 0 33.33
Fred Klaassen not out 1 5 0 0 20.00
Brandon Glover c Kusal Perera b Lahiru Kumara 0 2 0 0 0.00
Paul van Meekeren lbw b Lahiru Kumara 0 3 0 0 0.00


Extras 5 (b 1 , lb 3 , nb 0, w 1, pen 0)
Total 44/10 (10 Overs, RR: 4.4)
Fall of Wickets 1-0 (0.4) Max O’Dowd, 2-0 (2.3) Ben Cooper, 3-0 (2.5) Stephan Myburgh, 4-0 (4.3) Colin Ackermann, 5-0 (4.6) Bas de Leede, 6-0 (5.5) Roelof van der Merwe, 7-0 (6.6) Pieter Seelaar, 8-0 (9.3) Scott Edwards, 9-0 (9.3) Brandon Glover, 10-0 (9.6) Paul van Meekeren,

Bowling O M R W Econ
Chamika Karunaratne 1 0 7 0 7.00
Dushmantha Chameera 2 0 13 1 6.50
Maheesh Theekshana 1 0 3 2 3.00
Lahiru Kumara 3 1 7 3 2.33
Wanidu Hasaranga 3 0 9 3 3.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Brandon Glover b Paul van Meekeren 0 5 0 0 0.00
Kusal Perera not out 33 24 6 0 137.50
Charith Asalanka c Paul van Meekeren b Fred Klaassen 6 10 1 0 60.00
Avishka Fernando not out 2 4 0 0 50.00


Extras 4 (b 1 , lb 0 , nb 0, w 3, pen 0)
Total 45/2 (7.1 Overs, RR: 6.28)
Fall of Wickets 1-0 (1.7) Pathum Nissanka,

Bowling O M R W Econ
Fred Klaassen 2.1 0 12 0 5.71
Brandon Glover 3 0 12 1 4.00
Paul van Meekeren 2 0 20 1 10.00