විද්‍යා ක්‍රීඩකයින්ගෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක්

1188

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (28) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ලකුණු 05-12ක අමිහිරි පරාජයක් හිමි කර දුන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.  

පාසැල් රග්බි පිටියේ තවත් තරගාවලියක් ලබන මස මුලදී

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ දස සාමාජික සමස්ත ලංකා පාසැල් රග්බි තරගාවලිය අගෝස්තු…..

අද (29) දිනයේ පැවැත්වෙන ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය සිය සුපුරුදු ප්‍රතිවාදියා වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරග කිරීමට නියමිත අතර තවදුරටත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය ද අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා සටන් වඳිනු ඇත.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අනෙකුත් තරග ද්විත්වය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතරත්, විද්‍යා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතරත් පැවැත්වෙනු ඇත.    

පාසල් කණ්ඩායම් 25ක් කාණ්ඩ 8ක් යටතේ තරග වැදුණු අතර ඉන් කාණ්ඩ 6කට කණ්ඩායම් 3 බැගින් ද, ඉතිරි කාණ්ඩ දෙක සඳහා පිළිවෙළින් කණ්ඩායම් 2 හා 4 බැගින් ද කණ්ඩායම් බෙදා වෙන්කරන ලදි.   

තරගාවලිය ආරම්භයේ දී ත්‍රිත්ව සහ කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම් මොරටු විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් පහසු ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් විය. ඒ අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම තරගාවලියේ පසුගිය වසරේ ශූරයින් වන ත්‍රිත්ව විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගයෙන් තීරණය වූ අතර එම තරගය ලකුණු 26-05ක් ලෙස ජයග්‍රහණය කළ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.  

ත්‍රිත්ව විද්‍යාලය 38 0 මොරටු විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය 48 0 මොරටු විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය 26 5 කිංග්ස්වුඩ් විද්‍යාලය

රාජකීය විද්‍යාලයීය සහ මෙවර ලීග් තරගාවලියෙන් ‘A’ කාණ්ඩයට උසස් වීමක් ලබාගත් මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයින් පහසුවෙන් ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරන්නට සමත් විය. අනතුරුව පැවති තරගයේ දී රාජකීය ක්‍රීඩකයින් විසින් මලියදේව ක්‍රීඩකයින් අභිබවමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය.

ලසිත ගුණරත්න සමග ශ්‍රී ලංකා රග්බි නව ගමනකට සැරසේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා CR & FC ක්‍රීඩක ලසිත ගුණරත්න ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ නව සභාපති ලෙස තේරී පත්විය. ඒ අනුව මේ දක්වා…..

කෙසේ නමුත් මලියදේව ක්‍රීඩකයින් පසුව තරගයට අවතීර්ණ වුවත් එය රාජකීයයන්ගෙන් සිය ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව එම තරගය ලකුණු 48-12ක් ලෙස ජයග්‍රහණය කළ රාජකීය විද්‍යාලය ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ලැබීය.

රාජකීය විද්‍යාලය 54 0 ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
මලියදේව විද්‍යාලය 10 0 ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
රාජකීය විද්‍යාලය 48 12 මලියදේව විද්‍යාලය

සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් උණුසුම් තරගයකින් අනතුරුව එක් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජයට පත්කරන්නට සමත් වූ අතර අනෙක් පසින් විද්‍යාර්ථ විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ පහසු ජයක් වාර්තා කරගන්නට සමත් විය. අනතුරුව පැවති සහිරා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගයේ දී පිට පිට උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සහිරා ක්‍රීඩකයින් සමත් වුවත් පසුව තරගයට අවතීර්ණ වූ විද්‍යාර්ථයින් ලකුණු 12-26ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගනිමිනි.  

සහිරා විද්‍යාලය 7 0 ශ්‍රී සුමංගල විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 21 7 ශ්‍රී සුමංගල විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 26 12 සහිරා විද්‍යාලය

වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම තරමක් පහසු කාණ්ඩයකින් තරගයට එක්වූ අතර ඒ අනුව ඔවුන් මහානාම විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය පහසුවෙන් පරාජයට පත්කරමින් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. අනතුරුව මහානාම විද්‍යාලය විසින් ලකුණු 24-14ක් ලෙස මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් පරාජයට පත්කරමින් බඳුන කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය.  

වෙස්ලි විද්‍යාලය 31 7 මහානාම විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය 54 0 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය
මහානාම විද්‍යාලය 24 14 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය

කණ්ඩායම් 2ක් පමණක් ක්‍රීඩා කළ එකම කාණ්ඩය තුළ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කළ සාන්ත පීතර ක්‍රීඩකයින් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනිද්දී සේනානායකයින් හට බඳුන ශූරතාවය දක්වා පහත වැටෙන්නට සිදු විය.

සාන්ත පීතර විද්‍යාලය 28 5 ඩී. එස්. සේනානායක විද්‍යාලය

ප්‍රබල ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය පහසුවෙන් පරාජයට පත්කරමින් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ එම තරග දෙක තුළ දී ප්‍රතිවාදීන් හට එක් උත්සාහක දිනුමක් පමණක් ලබා දෙමිනි.

ඉසිපතන විද්‍යාලයීය 31 5 සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය 7 14 ලුම්බිණි විද්‍යාලය
ඉසිපතන විද්‍යාලයීය 36 0 ලුම්බිණි විද්‍යාලය

කණ්ඩායම් 4ක් ක්‍රීඩා කරනු ලැබූ එකම කාණ්ඩය වූ ‘G’ කාණ්ඩයේ සිය අණසක පතුරුවා ගන්නට සමත් වූ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයින් ඔවුන් සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කරනු ලැබුවේ එම තරග 3 තුළ එක් ප්‍රවර්තනය කරගන්නා ලද උත්සාහක දිනුමක් පමණක් ප්‍රතිවාදීන් හට ලබා දෙමිනි. ඒ අනුව ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය කිසිදු අපහසුතාවයකින් තොරව වෙන්කර ගන්නට ඔවුන් සමත් වූ අතර සාන්ත ඇලෝසියස් සහ පානදුර රාජකීය විද්‍යාල හමුවේ ජයග්‍රහණ වාර්තා කළ කොළඹ ආනන්ද විද්‍යාලය එම කාණ්ඩයෙන් බඳුන කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.   

සාන්ත අන්තෝනි විද්‍යාලය 54 0 පානදුර රාජකීය විද්‍යාලය
ආනන්ද විද්‍යාලය 27 0 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 36 0 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
ආනන්ද විද්‍යාලය 50 0 පානදුර රාජකීය විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 33 7 ආනන්ද විද්‍යාලය
සාන්ත ඇලෝසියස් විද්‍යාලය 19 0 පානදුර රාජකීය විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි අභියෝගයකින් තොරව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති තරගය ජයග්‍රහණය කරනු ලැබුවත් ඔවුන් විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට විය. කෙසේ නමුත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් පරාජයට පත්කරමින් එම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් විද්‍යා විද්‍යාලය ඉන් අනතුරුව එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සඳහා සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරග වැදීණ.

වෙළඳසේවා සත් සාමාජික රග්බි කිරුළ ‘Access’ දිනා ගනී

දින තුනක් පුරාවට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති 48 වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (22) නිමාවට පත්වූයේ……

ඒ අනුව එම තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් විද්‍යා ක්‍රීඩකයින් පළමු අර්ධයේ වාර්තා කර ගත් එකම උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් වූ අතර අනතුරුව දෙවන අර්ධයේ දී ඔවුන් දැඩි ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන ලදි. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට ආසන්නයට පැමිණියත් එය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් විද්‍යා ක්‍රීඩකයින් ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගනු ලැබුවේ ජෝස්ප්වරුන් හට තරගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාවන් අහුරාලමිනි. ඒ අනුව විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගනිද්දී ජෝස්ප්වරුන් හට බඳුන ශූරතාවේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගනිමින් ඉන් සෑහීමකට පත්වන්නට සිදු විය.  

සාන්ත ජෝසප් විද්‍යාලය 36 0 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
විද්‍යා විද්‍යාලය 21 12 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය 5 12 විද්‍යා විද්‍යාලය

ඒ අනුව අද දිනය ආරම්භයේ දී ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර ඉන් අනතුරුව බඳුන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙනු ඇත. එහි දී කිංග්ස්වුඩ් හා මලියදේව විද්‍යාල, සහිරා හා මහානාම විද්‍යාල, ඩී. එස්. සේනානායක හා ලුම්බිණි විද්‍යාල, සහ අවසන් වශයෙන් ආනන්ද සහ සාන්ත ජෝසප් විද්‍යාල එකිනෙක තරග වදිනු ඇත.

අනතුරුව පැවැත්වෙන පළිහ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී මොරටු විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය පිළිවෙළින් ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය, සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමඟ සටන් වදිනු ඇත.  

ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග

ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය වෙස්ලි විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය ඉසිපතන විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය විද්‍යා විද්‍යාලය

බඳුන ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග

කිංස්වුඩ් විද්‍යාලය මලියදේව විද්‍යාලය
සහිරා විද්‍යාලය මහානාම විද්‍යාලය
ඩී. එස්. සේනානායක විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
ආනන්ද විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය

පළිහ ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග

මොරටු විද්‍යාලය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය
පානදුර රාජකීය විද්‍යාලය සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
සාන්ත ඇලෝසියස් විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

තරගයේ දෙවන දිනය අද උදෑසන 9 සිට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ සිට ඔබ වෙත සජීවීව ගෙන ඒමට ThePapare.com සූදානමින්.  රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<