ජනිශ්ක, ප්‍රමෝද් සහ තරිඳුගෙන් කැපී පෙනෙන දක්ෂතා

SLC Major League Cricket Tournament 2022

515

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ අවසන් දිනය වූ අද දවස (02) නිමාවේ දී ජනිශ්ක පෙරේරා, ප්‍රමෝද් මධුවන්ත සහ තරිඳු රත්නායක දිනයේ කැපී පෙනුණු ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් සිටියා.

මූවර්ස් ක්‍රීඩා සමාජයේ දකුණත් ආරම්භක පිතිකරු ලෙසින් පළමු පෙළ මංගල තරග වරම් දිනා ගත් ජනිශ්ක පෙරේරා තම පළමු තරගයේ දී ම මංගල ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා. 21 හැවිරිදි ජනිශ්ක කෝල්ට්ස් කණ්ඩායම හා සමඟ පැවති තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 305කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 135ක් ලබා ගත්තා.

මේ අතර සැරසන්ස් කණ්ඩායමේ 25 හැවිරිදි වමත් පිතිකරු ප්‍රමෝද් මධුවන්ත තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 2000 සීමාව පසු කිරීමට අද සමත් වුනා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක සමත් වුනා. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 138කට කඩුලු 8ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ ඉහළ ම දක්ෂතාවයි.

CCC කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් BRC සමඟ තරගය අවසානයේ ලකුණු 152කට කඩුලු 13ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීමයි. මෙම තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී අශාන් ලකුණු 51කට කඩුලු 8ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉනිමක ඉහළ ම දක්ෂතාව ද වුනා.

SSC නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය, රාගම සමඟ පැවති තරගයේ දී ලකුණු 173කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර BRC  කණ්ඩායමේ ලහිරු සමරකෝන්, CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ, අශාන් ප්‍රියංජන්, මිනෝද් භානුක, මූවර්ස් කණ්ඩායමේ කවිඳු කුලසේකර, පොලිස් කණ්ඩායමේ නදීර බාලසූරිය, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය, රශ්මික මධුශංක, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය සහ රශ්මික මධුශංක, නුගේගොඩ කණ්ඩායමේ සුවත් මෙන්ඩිස්, රාගම කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු සහ අවිශ්ක තරිඳු, සැරසන්ස් කණ්ඩායමේ නිපුන් කරුණානායක සහ ප්‍රමෝද් මධුවන්ත, මීගමුව කණ්ඩායමේ දිමුත් සඳරුවන් සහ ගාල්ල කණ්ඩායමේ ශාලිත් ප්‍රනාන්දු අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

Group A

CCC සහ BRC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (50.2) ලහිරු සමරකෝන් 37, දනාල් හේමානන්ද 25, අශාන් ප්‍රියංජන් 8/51
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (60.1) අශාන් ප්‍රියංජන් 34, කමිඳු මෙන්ඩිස් 27, ලසිත් අබේරත්න 56, පවන් රත්නායක 35, දුවිඳු තිලකරත්න 3/49, දුශාන් හේමන්ත 4/76
  • BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 258 (69.3) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 23, ඩිලාන් ජයලත් 93, දනාල් හේමානන්ද 38, ලහිරු සමරකෝන් 57, අශාන් ප්‍රියංජන් 5/101, ලක්ෂාන් සඳකැන් 4/93
  • CCC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 202 (34.2) නිමේෂ ගුණසිංහ නොදැවී 86, අශාන් ප්‍රියංජන් 55, මිනෝද් භානුක නොදැවී 52

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

කෝල්ට්ස් සහ මූවර්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • මූවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (38.5) පසිඳු සූරියබණ්ඩාර 46, අදීශ තිලංචන නොදැවී 19, ජෙහාන් ඩැනියෙල් 3/33, දුනිත් වෙල්ලාලගේ 4/32
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 468 (104.2) සංගීත් කුරේ 145, විශාද් රන්දික 54, ප්‍රියමාල් පෙරේරා 81, දුනිත් වෙල්ලාලගේ 78, ජෙහාන් ඩැනියෙල් 38, කවිශ්ක අංජුල 37, මිලාන් රත්නායක 2/106, තිලංග උදේශන 2/72, රමේෂ් මෙන්ඩිස් 3/137
  • මූවර්ස් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 334 (101) ජනිශ්ක පෙරේරා නොදැවී 135, පබසර වඩුගේ 23, කවිඳු කුලසේකර 80, රමේෂ් මෙන්ඩිස් 42, මොහොමඩ් ෂමාස් නොදැවී 22, අකිල ධනංජය 2/129, ධනංජය ලක්ෂාන් 2/35

තරගයේ විසඳුමක් නෑ.

කළුතර සහ පොලිසිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කළුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (93) යෙසිත් රූපසිංහ 42, නිපුන ගමගේ 23, සුඛිත මනෝජ් 60, චතුර පීරිස් 27, ඉෂාන් අබේසේකර 27, නුවන් ප්‍රදීප් 3/67, නලින් ප්‍රියදර්ශන 2/90, නිපුන් කාරියවසම් 2/40, චතුර රන්දුණු 2/26
  • පොලිසිය – කඩුලු 5ක් දැවී 206 (61) දුලාශ් උදයංග 28, නදීර බාලසූරිය 91, චතුරංග කුමාර 46, මංජුල ජයවර්ධන නොදැවී 27

තරගයේ විසඳුමක් නෑ.

කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය NCC පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 407 (123.1) ගයාන් මනීෂාන් 48, දමිත් පෙරේරා 92, සමීර සඳමාල් 118, ධනුෂ්ක ධර්මසිරි 52, සනෝජ් දර්ශික 35, සහන් අදීශ 2/93, සම්පත් පෙරේරා 2/60, සචිත්‍ර පෙරේරා 4/90
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (114.2) ඉරෝෂ් සමරසූරිය 74, ඉමේෂ් උදයංග 61, රවින්ද්‍ර කරුණාරත්න 38, රශ්මික මධුශංක 91, චානක විජේසිංහ 28, දිනුශ්ක මාලන් 2/39, නවීන් ගුණවර්ධන 4/73
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 36 (9)

තරගයේ විසඳුමක් නෑ.

රාගම සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (112.1) නුවනිඳු ප්‍රනාන්දු 148, සම්මු අශාන් 38, රොෂේන් සිල්වා 34, ලක්ෂිත මනසිංහ 55, නිසල තාරක 28, ප්‍රභාත් ජයසූරිය 41, නිපුන් මාලිංග 3/63, ශෂික දුල්ශාන් 6/135
  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (42.4) කල්හාර සේනාරත්න නොදැවී 35, නිපුන් මාලිංග 26, ප්‍රභාත් ජයසූරිය 59/7, සම්මු අශාන් 2/21
  • රාගම – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 285 (95) දිනෙත් තිමෝද්‍ය 28, සමින්ද ප්‍රනාන්දු 62, යොහාන් ලියනගේ 31, අවිශ්ක තරිඳු 81, දුලාජ් බණ්ඩාර 22, නිපුන් මාලිංග නොදැවී 34, ප්‍රභාත් ජයසූරිය 4/114, නිම්නක ජයතිලක 3/66

සෙබස්තියනයිට්ස් සහ ගාල්ල අතර තරගය පී. සරා Oval ක්‍රිකට් පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (92.1) රයන් ප්‍රනාන්දු 24, ලොහාන් ද සොයිසා 44, Saurabh Dubey 38, ඉෂාන් රංගන 32, සචිත ජයතිලක 52, සුචිර පරනාතල 43, සඳුන් මධුශංක 2/50, Raghu Sharma 4/60
  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (93.1) සමීන් කඳනාරච්චි 54, විනුර දුල්සර 56, යශෝධ ලංකා 25, ශාලිත් ප්‍රනාන්දු 79, රජිත ප්‍රියාන් 29, තරිඳු රත්නායක 8/138
  • සෙබස්තියනයිට්ස් -දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 149 (44.4) රයන් ප්‍රනාන්දු 20, ලොහාන් ද සොයිසා 35, තරුෂ ප්‍රනාන්දු 48, Adil Hasan 2/15, Raghu Sharma 4/81, සුභානු රාජපක්ෂ 3/30
  • ගාල්ල – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 25 (3)

තරගයේ විසඳුමක් නෑ.

Group B

හලාවත මේරියන්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (58.1) විශ්ව චතුරංග 58, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර 24, දසුන් සෙනෙවිරත්න 28, දිලුම් සුදීර 6/71, රවිඳු ප්‍රනාන්දු 3/76
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (36.3) නවෝද් පරණවිතාන 24, කමේෂ් නිර්මාල් නොදැවී 61, රවිඳු ප්‍රනාන්දු 20, ලසිත් ලක්ෂාන් 6/57, Swapnil Gugale 3/55
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 317 (92.1) විශ්ව චතුරංග 25, ලසිත් ලක්ෂාන් 49, Swapnil Gugale 20, Gaurav Jathar 81, පුලින තරංග 62, ශිරාන් ප්‍රනාන්දු 4/38, දිලුම් සුදීර 3/116, රවීන් ද සිල්වා 2/33
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 150 (43.1) රොන් චන්ද්‍රගුප්ත 37, දිලුම් සුදීර 23, ලසිත් ලක්ෂාන් 5/66, Swapnil Gugale 3/70, පුලින තරංග 2/14

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 203ක ජයක්.

පානදුර සහ නුගේගොඩ අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 392 (85.1) තරිඳු කෞෂාල් 31, රොෂාන් විජේනායක 26, රමින්ද විජේසූරිය 125, නිමේෂ් විමුක්ති 65, කොෂාන් ධනුශ්ක 78, Qaiser Ashraf 3/98, සහන් නානායක්කාර 4/84
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 75 (30) Murtaza Trunkwala 23, නිමේෂ් විමුක්ති 7/43, කොෂාන් දනුශ්ක 2/13
  • නුගේගොඩ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 289 (57.1) අභිෂේක් ලියනාරච්චි 89, Murtaza Trunkwala 55, Qaiser Ashraf 24, සුවත් මෙන්ඩිස් නොදැවී 50, නිමේෂ් විමුක්ති 4/98, කොෂාන් දනුශ්ක 2/67, ඉවංක සංජුල 4/62

පානදුර ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 28ක ජයක්.

සැරසන්ස් සහ NCC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 475 (124.2) ලහිරු උදාර 28, සහන් ආරච්චිගේ 61, අහන් වික්‍රමසිංහ නොදැවී 157, අම්ෂි ද සිල්වා නොදැවී 54, මොහොමඩ් ඩිල්ශාඩ් 4/92, දුශාන් විමුක්ති 4/176
  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (59.4) නවිඳු විතානගේ 44, සිතාර ම්හාන් 22, ප්‍රමෝද් මධුවන්ත 35, මිලින්ද සිරිවර්ධන 20, සඳුන් මෙන්ඩිස් 39, ඉසිත විජේසුන්දර 25, නිපුන් රන්සික 2/38, සහන් ආරච්චිගේ 4/34
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 229 (79) නිපුන් කරුණානායක 54, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 74, මිලින්ද සිරිවර්ධන 29, ඉසිත විජේසුන්දර නොදැවී 23, ලසිත් ඇඹුල්දෙණිය 4/87, අශේන් ඩැනියෙල් 3/25

තරගයේ විසඳුමක් නෑ.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ මීගමුව අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (80.2) අශාන් රන්දික 23, ලක්ෂාන් එදිරිසිංහ 51, ෂෙහාන් ප්‍රනාන්දු 24, සුමින්ද ලක්ෂාන් 42, ගිහාන් කොරළගේ නොදැවී 50, චනුර ප්‍රනාන්දු 3/68, උපුල් ඉන්ද්‍රසිරි 3/56, පසිඳු මධුශාන් 2/30, Jatin Saxena 2/47
  • මීගමුව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 284 (60) අශේන් සිල්වා 46, කෙවින් අල්මේදා 42, ඇන්ජලෝ ජයසිංහ 24, දිමුත් සඳරුවන් 63, Jatin Saxena 53, කෞමාල් නානායක්කාර 2/79, අසංක මනෝජ් 2/47, සුමින්ද ලක්ෂාන් 3/43
  • යුද හමුදාව – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 19 (5)

තරගයේ විසඳුමක් නෑ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (98.1) යොහාන් ද සිල්වා නොදැවී 61, Hasnain Bokhari 117, මාධව වර්ණපුර 27, ලහිරු මධුශංක 71, හර්ෂ විතාන 38, නවීන් කවිකාර 7/84, අසන්ත සිගප්පුලි 2/75
  • නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (54) අදීෂ නානායක්කාර 32, සහන් කෝසල 27, රශ්මික මෙවන් 30, විනෝද් පෙරේරා නොදැවී 41, චානක කොමසාරු 2/64, මධුක ලියනපතිරණගේ 2/25, දිලීප ජයලත් 5/51
  • නාවික හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 157 (49.5) අදීශ නානායක්කාර 21, සුපුන් ලීලාරත්න 35, කවිඳු රණසිංහ 35, සහන් කෝසල 23, චානක කොමසාරු 3/54, දිලීප ජයලත් 2/34, Hasnain Bokhari 5/38
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 1 (0.1)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට කඩුලු 10ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<