විශේන් පීතරයන්ට ජය ගෙනෙද්දී තෝමසුවන්ට වාසනාවන්ත ජයක්

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

230

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (01) ක්‍රියාත්මක වුනා.

එම තරගවලින් මාතර සාන්ත තෝමස් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගනිද්දී, ඔවුන් හමුවේ පරාජයට පත්වුනේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම්.

සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ විශේන් හැලඹගේ නොදැවී ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඔහුට අමතරව සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ නිමුතු ගුණවර්ධන ලකුණු 37ට කඩුලු 4යි.

වර්ෂාව නිසා පැරබෝලා ක්‍රමයට තරගයේ තීරණය ලබා දුන් සාන්ත ජෝසප් සහ සාන්ත තෝමස් අතර තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට මාතර සාන්ත තෝමස් ක්‍රීඩක පෙසන්ඳු සංජාන්ට හැකි වුනා (68).

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ් ජයවර්ධන නොදැවී ලකුණු 66ක් ලබා ගත්තත්, ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වීමට වර්ෂාව නිසා ඔහුට හැකි වුනේ නැහැ.

එම තරගයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලකුණු 188ක් ලබා ගත් අතර එයට පිළිතුරු ලෙස ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පන්දුවාර 27ක් තුළ කඩුලු දෙකකට ලකුණු 125ක් ලබා සිටියත්, පැරබෝලා ක්‍රමයට අවාසනාවන්ත ලෙස ලකුණු 5ක පරාජයක් ලැබීමට ඔවුන්ට සිදු වුනා.

ජෝසප් වාස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය (Tier A)

  • කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්‍ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණය

ජෝසප් වාස් විද්‍යාලය – 182 (48.1): ජනිත ශෙහාන් 46*, රිශිත මෙනූෂ 33, රුචිර පවන් 21, මිනිමුතු ගුණවර්ධන 4/37, විශේන් හැලඹගේ 3/30.

සාන්ත පීතර විද්‍යාලය – 188/3 (31): විශේන් හැලඹගේ 117*, නිමුතු ගුණවර්ධන 37, ජනිත ශෙහාන් 3/34.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

සාන්ත තෝමස් සහ සාන්ත ජෝසප් විද්‍යාලය (Tier A)

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්‍ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණය

සාන්ත තෝමස් විද්‍යාලය – 185/8 (50): පෙසන්දු සංජාන් 68, අබ්දුල් මාජිත් 29, සසින්ඳු ජයසේකර 24

සාන්ත ජෝසප් විද්‍යාලය – 125/2 (27): සදීෂ් ජයවර්ධන 66*

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ලකුණු 5ක් ජයක්. (පැරබෝලා ක්‍රමයට ඉලක්කය පන්දුවාර 27 අවසානයේ ලකුණු 130ක්)

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<