අහන්, අම්ෂි සහ වනුජ සුවිශේෂි කඩඉම් සපුරා ගනී

SLC Major League Cricket Tournament 2022

441

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ දෙවැනි දිනය වූ අද දවස (01) නිමාවේ දී අහන් වික්‍රමසිංහ, අම්ෂි ද සිල්වා සහ වනුජ සහන් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.

NCC නියෝජනය කරන 21 හැවිරිදි අහන් වික්‍රමසිංහ පෙර දිනයේ දී ලබා ගත් තම පළමු පෙළ මංගල ශතකය, ද්විත්ව ශතකයක් දක්වා දීර්ඝ කර ගත්තා.

පෙර දිනයේ දී ලකුණු 157ක් ලබා සිටි අහන් අද NCC ඉනිම අවසන් වන විට පන්දු 289කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 234ක් ලබා සිටියා.

අද ඔහු මෙම දක්ෂතා දැක්වූයේ සැරසන්ස් කණ්ඩායමට වන අතර මෙම තරගය අහන්ගේ 5 වැනි පළමු පෙළ තරගයයි.

එමෙන් ම NCC කණ්ඩායමේ ම 20 හැවිරිදි දකුණත් පිතිකරු අම්ෂි ද සිල්වා ද අද තම මංගල ශතකය සැරසන්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් වුනා. මෙම තරගයට සහභාගී වෙන විට පළමු පෙළ තරග 5ක ඉනිම 7ක දී ලකුණු 21ක් පමණක් ලබා සිටි අම්ෂි මෙම තරගයේ දී පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.

අහන් සහ අම්ෂි 8 වැනි කඩුල්ලට ලකුණු 237ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

පන්දු යැවීමේ දී අද දවසේ දී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ Ace කැපිටල් කණ්ඩායමේ 19 හැවිරිදි වමතින් දඟපන්දු යවන වනුජ සහන්. ඔහු ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 31කට කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 59කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 90කට කඩුලු 11ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉනිමක සහ තරගයක ඉහළ ම දක්ෂතාවයි. වනුජ මේ සහභාගී වූයේ තම දෙවැනි පළමු පෙළ තරගයටයි.

මීට අමතර ව කැපී පෙනෙන පිතිකරුවන් අතරට පෙර දිනයේ නොදැවී ලකුණු 61ක් ලබා සිටි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක සංගීත් කුරේ මූවර්ස් කණ්ඩායමට එරෙහිව අද පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 145ක් ලබා ගත්තා.

පෙර දිනයේ නොදැවී ලකුණු 87ක් ලබා සිටි කුරුණෑගල යූත් කණ්ඩායමේ සමීර සඳමාල් අද කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 245කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 118ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ ඉහළ ම දක්ෂතාවයි.

ඊට අමතර ව හලාවත මේරියන්ස් කණ්ඩායමේ පුලින තරංග, CCC කණ්ඩායමේ ලසිත් අබේරත්න, BRC කණ්ඩායමේ ඩිලාන් ජයලත්, කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ, කළුතර නාගරික කණ්ඩායමේ සුඛිත මනෝජ්, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉමේෂ් උදයංග, කුරුණෑගල යූත් කණ්ඩායමේ ධනුෂ්ක ධර්මසිරි, නුගේගොඩ කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි, SSC කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ, යුද හමුදාවේ ගිහාන් කෝරළගේ, ගාල්ල කණ්ඩායමේ සමීන් කඳනාරච්චි සහ විනුර දුල්සර, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ලහිරු මධුශංක සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 43කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීමයි.

නාවික හමුදා කණ්ඩායමේ 32 හැවිරිදි වමතින් දඟ පන්දු යවන නවින් කවිකාර බ්ලූම්ෆීඩ්ල් කණ්ඩායමට එරෙහි ව ලකුණු 84කට කඩුලු 7ක් දවා ගත්තා.

රාගම කණ්ඩායමේ ශෂික දුල්ශාන් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 135කට කඩුලු 6ක් දවා ගනිද්දී SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය රාගම කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුලු 6ක් දවා ගත්තා.

මේ අතර දිනක් ඉතිරිව තිබිය ී ම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Ace කැපිටල් කණ්ඩායම සමත් වුනා.

Group A

CCC සහ BRC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (50.2) ලහිරු සමරකෝන් 37, දනාල් හේමානන්ද 25, අශාන් ප්‍රියංජන් 8/51
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (60.1) අශාන් ප්‍රියංජන් 34, කමිඳු මෙන්ඩිස් 27, ලසිත් අබේරත්න 56, පවන් රත්නායක 35, දුවිඳු තිලකරත්න 3/49, දුශාන් හේමන්ත 4/76
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 229 (60.3) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 23, ඩිලාන් ජයලත් 93, දනාල් හේමානන්ද 38, ලහිරු සමරකෝන් 46, අශාන් ප්‍රියංජන් 2/88, ලක්ෂාන් සඳකැන් 4/77

කෝල්ට්ස් සහ මූවර්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • මූවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (38.5) පසිඳු සූරියබණ්ඩාර 46, අදීශ තිලංචන නොදැවී 19, ජෙහාන් ඩැනියෙල් 3/33, දුනිත් වෙල්ලාලගේ 4/32
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 468 (104.2) සංගීත් කුරේ 145, විශාද් රන්දික 54, ප්‍රියමාල් පෙරේරා 81, දුනිත් වෙල්ලාලගේ 78, ජෙහාන් ඩැනියෙල් 38, කවිශ්ක අංජුල 37, මිලාන් රත්නායක 2/106, තිලංග උදේශන 2/72, රමේෂ් මෙන්ඩිස් 3/137
  • මූවර්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 26 (10.4) පබසර වඩුගේ 23

කළුතර සහ පොලිසිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කළුතර – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 235 (82) යෙසිත් රූපසිංහ 42, නිපුන ගමගේ 23, සුඛිත මනෝජ් 60, චතුර පීරිස් 27, ඉෂාන් අබේසේකර නොදැවී 21, නුවන් ප්‍රදීප් 3/61, නලින් ප්‍රියදර්ශන 2/86

කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය NCC පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 407 (123.1) ගයාන් මනීෂාන් 48, දමිත් පෙරේරා 92, සමීර සඳමාල් 118, ධනුෂ්ක ධර්මසිරි 52, සනෝජ් දර්ශික 35, සහන් අදීශ 2/93, සම්පත් පෙරේරා 2/60, සචිත්‍ර පෙරේරා 4/90
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 103 (28) ඉරෝෂ් සමරසූරිය නොදැවී 40, ඉමේෂ් උදයංග නොදැවී 61

රාගම සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (112.1) නුවනිඳු ප්‍රනාන්දු 148, සම්මු අශාන් 38, රොෂේන් සිල්වා 34, ලක්ෂිත මනසිංහ 55, නිසල තාරක 28, ප්‍රභාත් ජයසූරිය 41, නිපුන් මාලිංග 3/63, ශෂික දුල්ශාන් 6/135
  • රාගම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 104 (28) නිපුන් මාලිංග 26, ප්‍රභාත් ජයසූරිය 39/6

සෙබස්තියනයිට්ස් සහ ගාල්ල අතර තරගය පී. සරා Oval ක්‍රිකට් පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (92.1) රයන් ප්‍රනාන්දු 24, ලොහාන් ද සොයිසා 44, Saurabh Dubey 38, ඉෂාන් රංගන 32, සචිත ජයතිලක 52, සුචිර පරනාතල 43, සඳුන් මධුශංක 2/50, Raghu Sharma 4/60
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 167 (53) සමීන් කඳනාරච්චි 50, විනුර දුල්සර 56, යශෝධ ලංකා 25, ශාලිත් ප්‍රනාන්දු 25, තරිඳු රත්නායක 2/85

Group B

හලාවත මේරියන්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (58.1) විශ්ව චතුරංග 58, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර 24, දසුන් සෙනෙවිරත්න 28, දිලුම් සුදීර 6/71, රවිඳු ප්‍රනාන්දු 3/76
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (36.3) නවෝද් පරණවිතාන 24, කමේෂ් නිර්මාල් නොදැවී 61, රවිඳු ප්‍රනාන්දු 20, ලසිත් ලක්ෂාන් 6/57, Swapnil Gugale 3/55
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 285 (78.3) විශ්ව චතුරංග 25, ලසිත් ලක්ෂාන් 49, Swapnil Gugale 20, Gaurav Jathar 81, පුලින තරංග 62, ශිරාන් ප්‍රනාන්දු 2/21, දිලුම් සුදීර 2/101, රවීන් ද සිල්වා 2/33

පානදුර සහ නුගේගොඩ අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 259 (64) තරිඳු කෞෂාල් 31, රොෂාන් විජේනායක 26, රමින්ද විජේසූරිය නොදැවී 119, නිමේෂ් විමුක්ති නොදැවී 30, Qaiser Ashraf 3/98, සහන් නානායක්කාර 2/50
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 75 (30) Murtaza Trunkwala 23, නිමේෂ් විමුක්ති 7/43, කොෂාන් දනුශ්ක 2/13
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 116 (16.4) අභිෂේක් ලියනාරච්චි නොදැවී 60, Murtaza Trunkwala නොදැවී 37

සැරසන්ස් සහ NCC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 475 (124.2) ලහිරු උදාර 28, සහන් ආරච්චිගේ 61, අහන් වික්‍රමසිංහ නොදැවී 157, අම්ෂි ද සිල්වා නොදැවී 54, මොහොමඩ් ඩිල්ශාඩ් 4/92, දුශාන් විමුක්ති 4/176
  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 161 (45) නවිඳු විතානගේ 44, සිතාර ගිම්හාන් 22, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 33, මිලින්ද සිරිවර්ධන 20, නිපුන් රන්සික 2/25, සහන් ආරච්චිගේ 2/33

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Ace කැපිටල් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (69.2) ලසිත් කෲස්පුල්ලේ 62, ඔෂඳ ප්‍රනාන්දු 48, තනුක දාබරේ 27, Ninad Kadam 56, හර්ෂ කුරේ 37, ප්‍රමුද් හෙට්ටිවත්ත 49, ලසඳ රුක්මල් 2/61, ගයාන් සිරිසෝම 5/116, මොවින් සුබසිංහ 2/56
  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 80 (31.3) මිෂේන් සිල්වා 23, Mohammed Irfan 5/43, වනුජ සහන් 4/31
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 210 (54.1) උදයවංශ පරාක්‍රම 31, කසුන් ඒකනායක 39, මිෂේන් සිල්වා 45, මොවින් සුබසිංහ 44, Mohammed Irfan 2/97, වනුජ සහන් 7/59

Ace කැපිටල් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 22ක ජයක්

ශ්‍රී ලංකා යුද හමුදාව සහ මීගමුව අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (80.2) අශාන් රන්දික 23, ලක්ෂාන් එදිරිසිංහ 51, ෂෙහාන් ප්‍රනාන්දු 24, සුමින්ද ලක්ෂාන් 42, ගිහාන් කොරළගේ නොදැවී 50, චනුර ප්‍රනාන්දු 3/68, උපුල් ඉන්ද්‍රසිරි 3/56, පසිඳු මධුශාන් 2/30, Jatin Saxena 2/47
  • මීගමුව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 25 (9)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (98.1) යොහාන් ද සිල්වා නොදැවී 61, Hasnain Bokhari 117, මාධව වර්ණපුර 27, ලහිරු මධුශංක 71, හර්ෂ විතාන 38, නවීන් කවිකාර 7/84, අසන්ත සිගප්පුලි 2/75
  • නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 56 (19.5) අදීෂ නානායක්කාර 32

අද අවසන් තරගය හැරෙන්නට අනෙකුත් සියලු තරග හෙට (02) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<