අවිශ්ක පෙරේරාගෙන් ද්විත්ව ශතකයක්

SLC අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය 2022

769

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් (තෙදින) ක්‍රිකට් තරගාවලියේ  (SLC Major League Tournament) සමාරම්භක තරග අද (19) පළමු දිනය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක වුනා.

එහි දී වයස අවුරුදු 21ක් වන අවිශ්ක පෙරේරා කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ද්විත්ව ශතකයක් ලබාගෙන තරගාවලිය සඳහා කැපී පෙනෙන ආරම්භයක් ලබා දීමට සමත් වුනා.

සිය සිව්වැනි පළමු පෙළ තරගය ක්‍රීඩා කරන පෙරේරා දිනය අවසන් වන විට පන්දු 253ක් තුල නොදැවී ලකුණු 210*ක් ලබාගෙන සිටි අතර කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා වුනු ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 17ක් සහ 6 පහර 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද යුද හමුදාව නියෝජනය කරමින් ලකුණු 152ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. ඔහුගේ එම ඉනිමට 4 පහර 10ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුනා.

නිමා වුනු ආරාධිත විස්සයි විස්ස ලීගය තුල ද කැපී පෙනුණු ලසිත් කෲස්පුල්ලේ රතු පන්දුවේ ක්‍රිකට් තරග රටාව තුල ද හොඳ රිද්මයක සිටින බව සාක්ෂාත් කරමින් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 139ක් තුල ප්‍රවේගකාරී ලකුණු 160ක් ලබා ගත් අතර ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 16ක් සහ 6 පහර 10ක් ඇතුළත් වුනා.

එම තරගාවලිය තුලම වඩාත් කැපී පෙනුණු වමත් පිතිකරු තනුක දාබරේ ද 152.87ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දු 87ක් තුල ලකුණු 133ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම 4 පහර 18කින් සහ 6 පහර 6කින් වර්ණවත් වුනා.

එම කැපී පෙනුණ ඉනිම්වලට අමතරව රාගම ක්‍රිකට් සමාජයේ කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක, මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර, ටැමිල් යූනියන් කණ්ඩායමේ සදීර සමරවික්‍රම, කෝල්ට්ස් කණ්ඩායමේ හෂාන් දුමිඳු සහ බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

එසේම හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන 18 හැවිරිදි වමතින් දඟපන්දු යවන ඉරුෂික තිමිර පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6ක දස්කමක් දක්වමින් දිනයේ හොඳම පන්දු යැවීමේ දස්කම් දැක්වූවා.

Ace කැපිටල් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය

  • කාසියේ වාසිය – Ace කැපිටල්
  • ක්‍රීඩාංගණය – බ්ලූම්ෆීල්ඩ්

Ace කැපිටල් පළමු ඉනිම – 471 (82.4): ලසිත් කෲස්පුල්ලේ 160, තනුක දාබරේ 133, Ninda Kadam 83, ටෙරෝන් බාස්කරන් 22, දුලීක තිස්සකුට්ටිගේ 21, තීරක රණතුංග 21, මොහොමඩ් ඩිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • කාසියේ වාසිය – ගුවන් හමුදාව
  • ක්‍රීඩාංගණය – කටුනායක

ගුවන් හමුදාව පළමු ඉනිම – 249 (84): ආධිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54, සිතිජ චමෝද් 34, ගයාන් සිරිසෝම 22*, දිලංක අයුර්වඩ් 4/93,අයේෂ් දේවින්ද 3/76

නාවික හමුදාව පළමු ඉනිම – 17/3 (11): ගයාන් සිරිසෝම 2/08


යුද හමුදා ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ්

  • කාසියේ වාසිය – යුද හමුදාව
  • ක්‍රීඩාංගණය – පනාගොඩ

යුද හමුදා පළමු ඉනිම – 256 (82.3): දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28, ලක්ෂාන් එදිරිසිංහ 27, නිමේෂ් පෙරේරා 3/32, දිනෙත් සමරවීර 2/41, චානක කොමසාරු 2/116

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 06/3 (5)


BRC සහ පොලිස් ක්‍රීඩා සමාජය

  • කාසියේ වාසිය – BRC
  • ක්‍රීඩාංගණය – BRC

පොලිස් පළමු ඉනිම – 172 (59): චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37, චාමර සිල්වා 31, රන්දුනු ගංගනාත් 29, දුවිඳු තිලකරත්න 3/35, දුශාන් හේමන්ත 2/20.

BRC පළමු ඉනිම – 83/2 (28.5): ලියෝ ෆ්‍රැන්සිකෝ 29, දනාල් හේමානන්ද 21*, ලහිරු දියන්ත 2/14


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය

  • කාසියේ වාසිය – කැන්ඩි කස්ටම්ස්
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස්

කෝල්ට්ස් පළමු ඉනිම – 409/3 (82.3): අවිශ්ක පෙරේරා 210*, හෂාන් දුමිඳු 130, රවිඳු රශාන්ත 30*, නිසල ආකාශ් 4/15, මෙතුශාන් තිලින 2/16


ගාල්ල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය

  • කාසියේ වාසිය – රාගම
  • ක්‍රීඩාංගණය – ගාල්ල

රාගම පළමු ඉනිම – 322/8 (89.1): නිශාන් මදුෂ්ක 150, ඉශාන් ජයරත්න 42*, නුශාල් ධර්මරත්න 40, දුලාජ් බණ්ඩාර 26, ඩෙලෝන් පීරිස් 24, හරීන් බුද්ධිල 3/72, රාජිත ප්‍රියාන් 2/72


කළුතර නාගරික සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

  • කාසියේ වාසිය – කුරුණෑගල
  • ක්‍රීඩාංගණය – දඹුල්ල

කුරුණෑගල පළමු ඉනිම – 237 (86.2): මුදිත ප්‍රේමදාස 93*, ධනුෂ්ක ධර්මසිරි 55, අසන්ත බස්නායක 49, ඉන්ෂක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40, තරිඳු සිරිවර්ධන 2/48

කළුතර පළමු ඉනිම – 9/0 (1)


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය

  • කාසියේ වාසිය – ලංකන්
  • ක්‍රීඩාංගණය – මුවර්ස්

මුවර්ස් පළමු ඉනිම – 429/6 (84): පසිඳු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, මොහොමඩ් ශමාස් 52, පබසර වඩුගේ 32, යසිරු තාරක 2/34, යසිරු රොද්‍රිගෝ 2/75, රජීව වීරසිංහ 2/117


මීගමුව ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය

  • කාසියේ වාසිය – මීගමුව
  • ක්‍රීඩාංගණය – නිදහස් වෙළඳ කලාපය – කටුනායක

බදුරලිය පළමු ඉනිම – 264/7 (85): අනුක් ප්‍රනාන්දු 109*, දුනිත් ජයතුංග 84, ගිහාන් රූපසිංහ 41, ධනුෂ්ක සඳරුවන් 5/65


පානදුර ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

  • කාසියේ වාසිය – පානදුර
  • ක්‍රීඩාංගණය – පානදුර

පානදුර පළමු ඉනිම – 153 (47.3): පවන් සංදේශ් 44, රොෂාන් විජේනායක 37, ඉරුෂික තිමිර 6/62, අවිඳු තීක්ෂණ 3/34

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 134/3 (39.5) Jathar 51*, Anuj Jotin 34*, ඉරෝෂ් ප්‍රනාන්දු 29, කොශාන් ජයවික්‍රම 3/26


SSC සහ CCC

  • කාසියේ වාසිය – CCC
  • ක්‍රීඩාංගණය – SSC

CCC පළමු ඉනිම – 352/4 (85): කමිඳු මෙන්ඩිස් 97*, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේශ ගුණසිංහ 64, ලක්ෂිත රසාංජන 2/79


ටැමිල් යූනියන් සහ NCC

  • කාසියේ වාසිය – ටැමිල් යූනියන්
  • ක්‍රීඩාංගණය – පී. සරා ඕවල්

ටැමිල් යූනියන් පළමු ඉනිම – 301/9 (90): සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55, සන්තුෂ් ගුණතිලක 40, රවිඳු ප්‍රනාන්දු 24, දිල්රුවන් පෙරේරා 24, ලසිත් ඇඹුල්දෙණිය 4/107, අශේන් ඩැනියල් 2/72

මේ තරග සියල්ලම හෙට (20) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<