Shikhar Dhawanට නව වගකීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2490

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

2018 වසරේ දී Punjab Kings කණ්ඩායමට එක් වූ Mayank Agarwal පිතිකරුවෙකු ලෙස සාර්ථක දස්කම් දැක්වූ අතර ඔහු පසුගිය වසරේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව තරග 13ක් තුළ ලබා ගත්තේ ලකුණු 196ක් පමණයි.

එම වසරේ දී කණ්ඩායම හය වැනි ස්ථානයේ තරගාවලිය අවසන් කළ අතර හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි වරක් ප්‍රකාශ කර තිබුණේ ඔහු විසින් Agarwal නායකත්වයෙන් නිදහස් කළ යුතු බව යෝජනා කළ බවයි.

2008 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ Shikhar Dhawan තරග 11ක දී නායකයෙකු ලෙස කටයුතු කළ ඇති අතර ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකත්වය ද වරින් වර දරා තිබෙනවා.

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<